UDANA CHAMINDA

also a Master Of Teacher Educator

UDANA CHAMINDA

I am Udana Chaminda, Studied Advanced Level in maths stream. Read for a B.Ed Bachelor of Education. Followed Diploma in teacher education.

  • 5th Post, Ruhunu Ridiyagama, Ambalantota
  • +94 706 096 855
  • udana.rp.chaminda@gmail.com
  • udanchaminda.blogspot.com
  • Student Number - S21000064
  • Register Number - 221316537
Me

Professional Skills

Has gained nearly 10 years of experience as a mathematics teacher and almost 6 years of experience as a teacher in physics. Has worked as a principal and carries almost 6 years of experience. Successfully followed the AAT course. Followed computer courses in the field of software

0
completed project
0
winning award
0
current projects
0
current projects
  • STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS


  • STP 9544 MINI PROJECTS AND ACTIVITYS

    STP 9544 MINI PROJECTS AND ACTIVITYS


    STP 9544 MINI PROJECTS AND ACTIVITYS

    -----------------------------------------------------------------------------------------------------------------------------
  • STP 9545-MINI PROJECTS AND ACTIVITYS

    STP 9545-MINI PROJECTS AND ACTIVITYS

    කුඩා පරිමාණ ව්‍යාපෘති -03
  • STP 9543 EXAMPLE

    STP 9543 EXAMPLE

    01 සමස්ත අදහස් ලබාගැනීම

    02 ලබාදී තිබු ඉගනුම් සම්පත් භාවිතය 
    Resource Document 1 - Classroom Observation Schedule (Faculty of Education, OUSL) Professional responsibilities for teachers 
    https://education.nsw.gov.au/about-us/jobs-and-opportunities/schoolcareers/teachers/professional-responsibilities-for-teachers#
    Professional0 Copyright material available on this website is licensed under a Creative Commons 4.0 International (CC BY 4.0) license Roles and Functions of Professional Bodies Related to Teacher Education Additional reading 3: New Education Act for General Education in Sri Lanka Chapter 5 – sub title 5.1 Code of Ethics for Teachers http://nec.gov.lk/wp-content/uploads/2017/12/Towards-a-New-EducationAct.pdf opportunities/schoolcareers/teachers/professional-responsibilities-for-teachers#Professional0 Copyright material available on this website is licensed under a Creative Commons 4.0 International (CC BY 4.0) license Roles and Functions of Professional Bodies Related to Teacher Education Additional reading 3: New Education Act for General Education in Sri Lanka Chapter 5 – sub title 5.1 Code of Ethics for Teachers http://nec.gov.lk/wp-content/uploads/2017/12/Towards-a-New-EducationAct.pdf http://www.moe.gov.lk/english/index.php?option=com_circular&view=circ ular&id=119&Itemid=920 In Sinhala http://www.moe.gov.lk/english/images/stories/circulars/2012-37s.pdf In Tamil http://www.moe.gov.lk/english/images/stories/circulars/2012-37t.pdf Essential reading 4: Socio-Economic and Political Contexts of Education Additional reading 5: Fullan, M.G (1993). Why teachers must become change agents? The Professional Teacher, 50 (6), 12-17. Available at: http://www.ascd.org/publications/educationalleadership/mar93/vol50/num06/why-teachers-must-become-changeagents.aspx 

     03 අන්තර්ජාලය භාවිතය හා දින පාසල් මගින් දැනුම ලබාගැනීම
  • STP 9544 EXAMPLE

    STP 9544 EXAMPLE




    දින පාසල් තුලින් දැනුම ලබාගැනීම

    ලබා දී තිබූ ඉගනුම් සම්පත් භාවිතය https://learnousl.ou.ac.lk/mod/resource/view.php?id=45826 https://learnousl.ou.ac.lk/pluginfile.php/302822/mod_folder/content/0/STP9544-Essential%20Reading_2%20%28Decision%20Making%20and%20Problem%20Solving%29.pdf?forcedownload=1 https://learnousl.ou.ac.lk/mod/resource/view.php?id=45827 ආශ්‍රිත මූලාශ්‍ර 02 https://learnousl.ou.ac.lk/pluginfile.php/302841/mod_folder/content/0/STP9544-Essential%20Reading_9%20%28Conditions%2C%20Strategies%20and%20barriers%20to%20change%29.pdf?forcedownload=1 ආශ්‍රිත මූලාශ්‍ර 03 https://learnousl.ou.ac.lk/mod/resource/view.php?id=49136&redirect=1 https://learnousl.ou.ac.lk/mod/resource/view.php?id=49137&redirect=1 ආශ්‍රිත මූලාශ්‍ර 04 https://learnousl.ou.ac.lk/pluginfile.php/302841/mod_folder/content/0/STP9544-Essential%20Reading_9%20%28Conditions%2C%20Strategies%20and%20barriers%20to%20change%29.pdf?forcedownload=1 සමදස්ත අදහස් ලබාගැනීම
  • STP 9544 - Reflective

    STP 9544 - Reflective


    ඉගනුම් ඵල


    ඉගෙනුම්ඵලය - 01

     
    අධ්‍යාපන ආයතනයක් තුල පැන නඟින ගැටලු හඳුනා ගැනීම , ඒවාට විසදුම් සෙවීම හා යෝග්‍ය තීරණවලට එළඹීම. ගුරු අධ්‍යාපනඥයා කළමණාකරුවෙකු හා නායකයෙකු ලෙස කටයුතු කිරීමේදී නිවැරදි නායකයෙකු හා කළමණාකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම හා ඊට අදාලව පවතින තත්වයන් කළමණාකරනය කළයුතු ආකාරය පිළිබඳ යම්තාක් දුරට මා හට දැනුමක් තිබූ අතර එහෙත් ආයතනයක් නිවැරදිව කළමණාකරනය කර ගනිමින් එහිදි නායකයෙකු ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ මා තුළ තිබූ දැනුම ප්‍රමාණවත් නොවුනු බව පාඨමාලාව අධ්‍යයනය තුලින් වැටහී ගිය බව මට හැඟුනි. මෙහිදී පාඨමාලාව තුලින් ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් නිසි පරිදි අධ්‍යයනය කිරිමට අවස්ථාව ලැබීම හා පැවති දින පාසල් හා සම්බන්ධ වෙමින් ලබාගත් දැනුම අනුව නිවැරදිව ආයතනයක් තුල ගැටලු හඳුනා ගැනීම මෙන්ම එම ගැටලුවලට විසඳුම් ලබාගැනීම කෙසේ සිදුකල යුතුද යන්න පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවිය. මේ අනුව දින පාසල තුලදී ලබාදුන් ක්‍රියාකාරකම් තුලින් මෙන්ම මාගේ සමපදස්තයන් තුලින් ලබාගත් දැනුම ඉතා ප්‍රයෝජනත් විය. මිට අමතරව කුඩා පරිමාණ ව්‍යාපෘති අංක 01 ට අදාලව සකස්කරන ලද ව්‍යාපෘතිය තුලින් ලබාගත් දැනුම මෙන්ම ලබාදි තිබූ ධෑඍ පරීක්ෂණ තුලින් ලද දැනුමද කථිකාචාර්යතුමන් විසින් ලබාදුන් දැනුම ඉතා ප්‍රයෝජනවත් විය. මා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකු වන අතර පාසල තුල පවතින තත්වයන් නිසි පරිදි කළමණාකරනය කර ගැනීම මෙන්ම පවතින ගැටලු හඳුනාගැනීම ඉතා වැදගත් විය. ඒ සඳහා පාඨමාලාව තුලින් ලද දැනුම ප්‍රයෝජනයට ගත හැකි වීම මෙන්ම ඉදිරි වෘත්තීය ජීවිතයට ඉතා වැදගත් අවස්ථාවක් බව මට හැඟී යයි. මෙහිදී ගැටලු හඳුනාගනිමින් ඒවාට සුමටව විසඳුම් ලබාදීමට අවශ්‍ය න්‍යායාත්මක පසුබිම පිළිබඳ අධ්‍යයන කරමින් නිවැරදිව විසඳුම් ලබාදීමට හැකියාව ලැබී ඇති බව මට හැඟී යයි. මෙහිදී කර්ට් ලෙවින්ගේ න්‍යායට අනුව තීරණ ගැනීමේ භූමිකාව මැනවින් අධ්‍යයනය කිරීම හා ඒ තුලින් ලද දැනුම පාදක කරගනිමින් ඉදිරි වෘත්තීය ජීවිතය සාර්තක කරගත හැකිබව මට හැගේ.
     

    ඉගෙනුම්ඵලය 02

     
    කළමණාකරන ක්‍රියාවලියට අදාල දැනුම හා කුසලතා භාවිතය. ගුරු අධ්‍යාපනඥයා කළමණාකරුවෙකු හා නායකයෙකු ලෙස කටයුතු කිරීමට අදාලව ප්‍රමුඛ කාර්යයක් ලෙස කළමණාකරන ක්‍රියාවලිය ඉතා වැදගත් වේ. මෙහිදී විදුහල්පති ලෙස කටයුතු කරන මා කළමණාකරන ක්‍රියාවලිය හා සෘජුවම සම්බන්ධ වන පුද්ගලයෙකි. එහිදී කළමණාකරන ක්‍රියාවලියේ ඇති වැදගත්කම මෙන්ම ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගැනීම පිළිබඳ යම්තාක් දුරකට අවබෝධයක් තිබූ අතර එසේම එම දැනුම තවදුරටත් වැඩිකර ගැනීම හා කළමණාකරන ක්‍රියාවලිය තුල කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සිදුකිරීමට පාඨමාලාව වැදගත් වූ බව මට හැඟේ. මේ සඳහා පියවරෙන් පියවර පාඨමාලාව ගැඹුරින් අධ්‍යයනය කිරීම වැදගත් බව මට හැඟී යන කරුණකි. ඒ අනුව පාඨමාලාව සඳහා ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් නිසි පරිදි පරීක්ෂා කිරීම සිදුකරන ලදි. ඊට අමතරව දින පාසල් තුලින් ලබාදුන් දැනුම ඉතා අගය කොට සලකමි. පාඨමාලාව සඳහා සක්‍රීයව සම්බන්ධ වෙමින් කළමණාකරන ක්‍රියාවලිය ආයතනයක් තුල කෙසේ සිදු කරන්නේද යන්න පිළිබඳව සොයා බලමින් සමපාදස්ථ අදහස් නිරන්තරයෙන් ලබාගනිමින් දැනුම වැඩිකර ගැනීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. මීට අමතරව අන්තර්ජාලය පරිහරණය කරමින් ලබාගත් තොරතුරු වැදගත් විය. මෙහිදී සහභාගීත්ව කළමණාකරන පාසල් කළමණාකරනයේ ඉතා වැදගත් අංගයක් බව පාඨමාලාව තුලින් අධ්‍යනය කිරීමට හැකියාව ලැබුනි. මේ අනුව කළමණාකරන ක්‍රියාවලියට අවශ්‍ය දැනුම මෙන්ම කුසලතාව සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය පසුබිම පාඨමාලාව තුල අන්තර්ගත වූ බව මට හැfÛයි. ඒ තුලින් ලබාගත් දැනුම හා කුසලතා පදනම් කර ගනිමින් නිවැරදි නායකයෙකු මෙන් හොඳ කළමණාකරුවෙකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යාමට අවශ්‍ය මඟ පාදන බව මට හැඟේ. මෙසේ ලබාගත් දැනුම කුසලතා තුලින් නිවැරදි නායකත්වයක් තුලින් කළමණාකරන ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීම තුලින් ගැටලු අවම වන පරිදි පාසල් පරිපාලන කටයුතු සැලසුම් කරගත හැකි බව මට හැඟේ.
     

    ඉගෙනුම්ඵලය 03

     
    වෙනස්වීම් සඳහා ඇති බලපෑම හා වෙනස්කම් හඳුන්වා දීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා හඳුනාගැනීම. ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස කටයුතු කිරීමේදී පාඨමාලාව තුලින් කළමණාකරන ක්‍රියාවලිය තුල වෙනස්වීම් සඳහා ඇති බලපෑම පිළිබඳව ද හා එම වෙනස්වීම් සුමටව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කරන අතර එහිදී වෙනස්වීම් සඳහා කෙසේ මුහුණ දිය යුතුද යන්න පිළිබඳව කිසියම් දුරකට අවබෝධයක් තිබූ අතර එම ලබා දී තිබූ දැනුම යාවත්කාලින කර ගැනීම හා වැඩිදියුණු කරගැනීම සඳහා මෙම පාඨමාලාව ඉතා වැදගත් වූ බව මට හැඟී යයි. මෙහිදී පාඨමාලාව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බොහෝ ඉගෙනුම් සම්පත් ලබා දී තිබූ අතර එම ඉගෙනුම් සම්පත් නිවැරදි ලෙස භාවිතා කරමින් ලබාගත් දැනුම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මෙහිදී දින පාසල් තුලින් ලද දැනුම මෙන්ම සමපදස්ථයන් ලබාගත් දැනුම මෙන්ම අන්තර්ජාලය මඟින් ලබාගත් න්‍යායාත්මක දැනුම ඉතා වැදගත් බව මට හැඟිනි. මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීම තුල ප්‍රායෝගිකව කළමණාකරන භූමිකාව තුල වෙනස්වීම් වලට අදාල බලපෑම් හා ඒවා කළමණාකරනය කරගත යුතු ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම හා ඒ තුලින් විදුහල්පතිවරයෙකු මෙන්ම නායකයෙකු ලෙස අත්පත්කරගත යුතු කුසලතා මොනවාද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමේ හැකියාව පාඨමාලාව තුලින් හැකියාව ලැබුනි. නායකයෙකු ලෙස කළමණාකරන ක්‍රියාවලිය තුල ඇතිවන වෙනස්විම් සඳහා අවශ්‍ය තීරණ ගැනීම මෙන්ම එහිදී ඇතිවන බලපෑම නිසි පරිදි කළමණාකරන කර ගැනීම වැදගත් බවත් ඒ සඳහා ක්‍රමවේදය සකස්කර ගැනීම කෙසේ සිදුකරන්නේද යන්න පිළිබඳ පාඨමාලාව තුලින් අධ්‍යයනයට හැකියාව ලැබුනි. මේ අනුව ප්‍රායෝගිකව ඉදිරි වෘත්තිය ජීවිතය තුල ලබාගත් දැනුම භාවිතා කරමින් හොඳ නායකයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම කුසලතාවය පාඨමාලාව තුලින් ලද බව මට හැඟී යයි. මෙම ලබාගත් දැනුම මාගේ අනෙකුත් විදුහල්පතිවරුන් සමඟ බෙදාගනිමින් අධ්‍යාපන පද්ධතියට පැහැදිලි වෙනසක් සිදු කරමින් පාසල් ප්‍රජාව සවිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මට සිතේ.
     

    ඉගෙනුම්ඵලය 04

     
    සමීප පරිසරයේ ඇති පාරසරික ගැටලු හඳුනාගැනීම හා ඒවා සඳහා වැඩි දියුණු කිරීම් යෝජනා කිරීම. ගුරු අධ්‍යාපනඥයා කළමණාකරුවෙකු මෙන්ම නායකයෙකු ලෙස කටයුතු කිරීමේදී 9544 පාඨමාලාව අදාල ඉගෙනුම්ඵල 04 යටතේ සමීපතම පරිසරයට අදාල ගැටලු හඳුනාගැනීම හා ඒවා සඳහා අවශ්‍ය විසදුම් යෝජනා කිරීමට අදාලව අධ්‍යයන් කිරීමට හැකියාව ලැබුනි. මා විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කිරීමේදී එහිදී ඇතිවන පාරිසරික ගැටලු හඳුනාගැනීම මෙන්ම එම ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබාදීම කෙසේ සිදුකරගනීද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබීම ඉතා වැදගත් බවට මට හැඟී යයි. ප්‍රායෝගිකව නායකයෙකු ලෙස ගැටලුවලට විසදුම් දීම මෙන් පවතින ක්‍රියාවලිය තුල යම් යම් අවස්ථාවල තීන්දු තීරණ ගැනීම පිළිබඳ මා තුල තිබූ අත්දැකීම හා පලපුරුද්ද තවදුරටත් සංවර්ධනය කරගැනීමට අවශය පසුබිම පාඨමාලාව තුලින් ලැබුනු බව මට හැඟේ. මේ සඳහා ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් ඉතා ප්‍රයෝජනවත් විය. ඊට අමතරව සමපදස්තයන් සමඟ දැනුම හුවමාරුගැනීමට අවස්ථාව සම්පාදනය කිරීම ඉතා වැදගත් බව මට හැඟේ. මෙහිදි දින පාසල් තුල සිදුකරන කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉතා වැදගත් විය. එසේම ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙස පාඨමාලාව තුල ක්‍රියාත්මක කරන ලද ඉගෙනුම් සිද්ධි මාලාව තුලින් ලද අත්දැකීම්ද ඉතා වැදගත් විය. කළමණාකරන ක්‍රියාවලිය තුල ලෙවින් ඉදිරිපත් කර ඇති න්‍යායාත්මක පසුබිම ක්‍රියාවට නංවමින් නායකයෙකු ලෙස පාසල් පද්ධතිය තුල සිදුකරන වෙනස්වීම් හා ඊට අදාල යෝජනා නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම පාඨමාලාව අධ්‍යයනය මඟින් ලබාගත හැකි වූ බව මට හැඟේ. මෙහිදී ලෙවින් ඉදිරිපත් කර තිබූ ප්‍රධාන පියවර තුන අනුව පාරිසරික ගැටලු හඳුනාගැනීම මෙන්ම ඒවා නිසි ක්‍රමවේදයන්ට අනුව කළමණාකරන කිරීම ඉතා වැදගත් විය. ඒ සඳහා මූලික පියවර 8 ක් ඔස්සේ සැලසුම ක්‍රියාවට නැංවීම සිදුකරන ලදි. එසේ ලබාදුන් දැනුම පාදක කර ගනිමින් මාගේ වෘත්තීය ජීවිතය තුල ඉදිරි සැලසුම් සකස් කිරීම මෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට පාඨමාලාව අධ්‍යයනයෙන් හැකි වු බව මට හැඟේ.
  • STP 9543 Reflective

    STP 9543 Reflective




    9543-01

     
    ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාව යටතේ ගුරු අධ්‍යාපනඥා වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේදී පාඨමාලාව ඉගෙනුම් ඵල පහක් යටතේ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුනි. එහිදී
    ගුරුවරුන් සතු විය යුතු යැයි අපේක්ෂා කරන ගති ලක්ෂණ හා නිපුණතා හඳුනාගැනීමටත් ඒවා ඔබගේ ගුරු ශිෂ්‍යයන් තුල සංවර්ධනය කිරීමත් යන ඉගෙනුම් ඵලය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉගෙනුම් සම්පත් ලබාදී තිබුනි. මෙහිදී ගුරුවරයෙකු සතුවිය යුතු යැයි අපේක්ෂා කරන ගති ලක්ෂණ හා නිපුණතා පිළබඳ මීට පෙර අධ්‍යයනය කිරීමට හැකියාවක් ලැබුනි. මා ගුරුවරයෙකු ලෙස වසර 8 ක් පමණ සේවය කල අතර පසුව විදුහල්පතිවරයෙකු ලෙස වසර 06 ක් පමණ සේවය කරමින් සිටී.එහිදි ගුරුවරයා සතු විය යුතු ගති ලක්ෂණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරන ලද ගුරු ආචාර ධර්ම චක්‍රලේඛය අනුව කරුණු අධ්‍යයනය කිරීමට හැකියාවක් ලැබුනි. නමුත් මා තුල ඒ පිළිබඳ දැනුම ප්‍රමාණවත් නොවන බව හැඟී යයි. ඒ අනුව ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් හොඳින් පරිහරණය කිරීම හා දින පාසල් තුලින් ලද දැනුම අනුව ගුරුවරයා සතුවිය යුතු ලක්ෂණ හා නිපුණතා පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. ඒ අනුව ගුරු ආචාර ධර්ම මෙන්ම ගුරු නිපුනතා මනාව අධ්‍යයනය කිරිමට හැකියාව ලැබුනි. මෙහිදී දින පාසල තුලදී කථිකාචාර්යතුමිය ලබාදුන් දැනුම මෙන්ම ලබාදුන් ක්‍රියාකාරකම් වලට සක්‍රීයව සම්බන්ධ වීම නිසා මාගේ සමපදස්තයන්ගෙන් ලැබුන දැනුම ද ඉතා වැදගත් වූ බව මට හැඟේ. මේ අනුව ගුරුවරයෙකු සතුවිය යුතු ගුණාංග මෙන්ම නිපුණතා මොනවාද යන්න මනා දැනුමක් ලැබූ අතර එම ගුණාංග හා නිපුණතා සංවර්ධනය කිරීම තුලින් ගුරු සිසුන්ට ඒ තුලින් ඵලදායී ඉගෙනුම් පරිසරයක් ලබා දිය හැකි බව හැගී යයි. මේ අනුව පාඨමාලාව තුල සක්‍රීයව දායක වීම තුලින් ලබාගත් දැනුම මෙන්ම අන්තර්ජාලය පරිහරණය කිරීම මෙන්ම මාගේ සම්පත්දායකයන් සමඟ හුවමාරුකරගත් දැනුම නිසා දැනුමින් මෙන්ම ආකල්ප හා තාක්ෂණික කුසලතා සහිත ගුරුවරයෙකු බිහි කිරීමට අවශ්‍ය දැනුම ලැබුනු බව මට හැඟී යයි. මේ අනුව මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය තුල මාගේ පාසලේ ගුරු පරපුර මෙන්ම සමස්ථ ගුරුවරයා සතු විය යුතු ගුණාංග හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ලබාගත් දැනුම ඉදිරියේ භාවිතා කිරීම සඳහා ඵලදායී බව මට හැඟේ. ඒ අනුව මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට මෙම පාඨමාලාව ඉවහල් කර ගත හැක. ගුරුවරයා සතු විය යුතු ගති ලක්ෂණ හඳුනා ගැනිම සඳහා පාඨමාලාව අධ්‍යයනය ඉතා වැදගත් විය. මේ අනුව ගුරුවරයා සතුවිය යුතු ගති ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ලබා දී තිබූ සිද්ධි මාලාව ඉතා වැදගත් විය. මෙම සිද්ධි මාලාවට අනුව ගුරුවරයා සතු ලක්ෂණ නිවැරදිව හදුනා ගැනීමට හැකියාව ලැබුන බව මට හැඟේ. මීට අමතරව ගුරුවරයෙකු සතුවිය යුතු නිපුණතා මොනවාද යන්න හඳුනා ගැනීමට ද මෙම සිද්ධි මාලාව ඉතා වැදගත් විය. ඒ අනුව සුවිශේෂී ලෙස හඳුනාගත හැකිවූයේ සන්නිවේදන නිපුණතාව මෙන්ම තාක්ෂණ මෙවලම් භාවිතය පිළිබඳ නිපුණතාව ඉතා වැදගත් බවයි.
     
    ඉගනුම්ඵල 02
     
    වෘත්තීය ආචාර ධර්ම වර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයිදැයි පැහැදිලි කර ගැනීමටත් ගුරුවරුන් හා ගුරු අධ්‍යාපනඥයින් ලෙස ඔබේ වෘත්තියේ එවැනි ආචාර ධර්ම ඇතුලත් කර ගැනීම
    ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය තුල වර්ධනය කරගත යුතු ආචාර ධර්ම පිළිබඳ ලබා තිබූ දැනුම ප්‍රමාණවත් නොවුන බව පාඨමාලාව හැදෑරීම තුලින් අවබෝධ වූ බව හැඟී යයි. ඒ අනුව ගුරුවරයෙකු ලෙස වසර කිහිපයක් සේවය කල ද සතු විය යුතු හා වර්ධනය කර ගත යුතු ආචාර ධර්ම මොනවාද යන්න පිළිබඳ යම්තාක් දුරකට අවබෝධයක් තිබුනු බව හැඟී යයි. එහෙත් තවදුරටත් එම ආචාර ධර්ම පිළිබඳව අවබෝධයක් ලැබිය යුතු බව පාඨමාලාව හැදෑරීමෙන් අවබෝධ විය. ඒ අනුව වෘත්තීය ජීවිතය තුල සාර්ථක පුද්ගලයෙකු වීම සඳහා ගුරු ආචාර ධර්ම පිළිබඳ අවබෝධය වැදගත් බව හැඟී යන කරුණකි. මේ අනුව පාඨමාලාව තුලදී ඉතා සාර්ථක වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලැබුනු බව මට හැඟී යයි. ඒ අනුව පාඨමාලාව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව මට හැඟී යන කරුණකි. පාඨමාලාව තුල පැවති දින පාසල හා සම්බන්ධ වීම සිදුකරන ලදි. එහිදී ලබා දී තිබූ ඉගෙනුම් සිද්ධි මාලාව අධ්‍යයනය සඳහා අවස්ථාව ලබාදීම තුල ගුරුවරයෙකු ලෙස කොතෙක් දුරට ගුරු ආචාර ධර්ම වර්ධනය කරගත යුතුද යන්න පිළිබද මනා අවබෝධයක් ලබාගත හැකි විය. මේ අනුව මා තුල පැවති ආචාර ධර්ම මෙන්ම මාගේ වෘත්තීමය ආචාර ධර්ම සමඟ ගැලපීම තුලින් වෘත්තීය ජීවිතය හැඩගසා ගැනීම කෙසේ සිදු කරන්නද යන්න පිළිබඳ අවබෝධයක් ලැබුනි. මේ අනුව ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් හොඳින් පරිහරණය කිරීමට අවස්ථාව ලබාගැනීම සිදු කරන ලදි. මා හට වෘත්තීය ජීවිතයට වඩා වැදගත් කරුණු රැසක් අවබෝධ කරගැනීමට අවස්ථාව ලැබුණි. එලෙසම අන්තර්ජාලය පරිහරණය කිරීම සඳහා අවස්ථාව සපයා දී තිබීම ඉතා වැදගත් විය. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය පාඨමාලාව තුලින් මැනවින් ලද බව මට හැඟී යයි. මේහිදී ලබාදී තිබූ අන්තර්ජාල ඇඉ ්ාාරුි හා ඊට අමතරව විවිධ අන්තර්ජාල පරිහරණය කිරීම තුලින් විවිධ රටවල ක්‍රියාත්මක වන ගුරු ආචාර ධර්ම පිළිබඳවද අවබෝධයක් ලබාගැනීමට හැකිවිය. පාඨමාලාව තුලින් ලබාගත් දැනුම අනුව මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය ජයග්‍රහණය කරගැනීම සඳහා ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාව පිටුවහලක් වූ බව මට හැඟී යැයි. මේ අනුව මාගේ පාසලේ ගුරු ප්‍රජාව වෙතත් සමස්ථ ගුරු ප්‍රජාව වෙතත් මා ලබාගත් දැනුම හුවමාරු කර ගනිමින් ඉතා සාර්තක ආදර්ශමත් ගුරුවරුන් සමාජයට දායාද කිරීමට පාඨමාලව තුලින් ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගත හැකි බව හැඟී යයි.
     
    ඉගනුම්ඵල 03
     
    ප්‍රධාන නීති සම්පාදනයේ හිඩැස් සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු හඳුනාගෙන මෙම හිඩැස් මඟහරවා ගැනීම සඳහා උපායමාර්ග යෝජනා කිරීම
    ගුරු අධ්‍යාපනපති පාඨමාලාව තුල අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ගුරුවරයෙකු මෙන්ම විදුහල්පතිවරයෙකු ලෙස ක්‍රියාත්මක වීමේදී අධ්‍යාපනයේ ප්‍රධාන නීතිරීති පිළිබඳ ආයතන සංග්‍රහය අනුව ලබාගත් දැනුම මෙන්ම විවිධ අවස්ථාවලදී ලබාගත් අවබෝධය කොතෙක් දුරට ප්‍රමානවත් ද යන්න පාඨමාලාව අධ්‍යයනය කිරීම තුලින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුනු බව මට හැඟී යයි. මේ අනුව අධ්‍යාපන පද්ධතිය තුල ගුරුවරයෙකු ලෙස නීති රීති සම්පාදනයේදී ඒවා ප්‍රායෝගිකව වැදගත් වන අවස්ථා පිළිබඳ අධ්‍යයනය වැදගත් බව පාඨමාලාව තුලින් අවබෝධ කරගත හැකි විය. ප්‍රායෝගිකව ගුරුවරයෙකු ලෙස වැඩ කටයුතු කරගෙන යාමේදී පවතින නීතිරීතිවල අඩුපාඩු මෙන්ම එහි වැදගත් අවස්ථාද ඇති බව හැඟී යයි. මේ අනුව එම නීතිරීති රැක ගනිමින් ප්‍රායෝගිකව අධ්‍යයන ක්‍රියාවලිය පවත්වාගෙන යාම ඉතා වැදගත් බව අවබෝධ විය. පාඨමාලව තුල පැවති දින පාසල තුලින් ලද දැනුම මෙන්ම මාගේ සමපාදකයන් නිරන්තරයෙන් හුවමාරු කරගත් දැනුම ඉතා වැදගත් වූ බව මට හැඟී යයි. මෙහිදී මාගේ සමපාදකයින් වැඩි පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහල නිලධාරීන් වීම තුලින් ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව සම්පාදනය කර දීම ඉතා වැදගත් බව මට හැඟී යයි. මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශය/විශාග දෙපාර්තමේන්තුව මෙන්ම කලාප කාර්යාලය නියොජනය කරමින් මාගේ සමපදස්තයන් සිටීම නිසා ඔවුන් සමග අත්දැකීම් බෙදාගත හැකිවීම තුල නීතිරීති කෙසේ අධ්‍යාපන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක කල යුතුයද යන්න පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැකිවූ බව හැගීයයි. එහිදී ලැබුණු අභියෝග මොනවාද යන්න හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. මේ අනුව නීති සම්පාදනය කිරීමේදී ඊට අදාලව සලකා බැලිය යුතු කරුණු පිළිබඳව මූලිකව අධ්‍යයනය කර සකස් කල යුතු බව අවබෝධ විය. කුඩා පරිමාණ ව්‍යාපෘති අංක දෙකට අදාළව සකස් කිරීමට නියමිතව තිබූ පාසලක හෝ ගුරූ අධ්‍යාපන ආයතනයක පවතින ගැටලු හඳුනාගැනීම හා ම ගැටලු විසඳා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම හා ඊට අදාළව එම ගැටළු වලට විසඳුම් සොයන ආකාරය පිළිබඳව දෙවන දින පාසල තුල සිදුකරන ලද ක්‍ර්‍රිියාකාරකම පදනම් කරගනිමින් විශාල දැනුම් සම්භාරයක් ලැබුණු බව මට හැඟී යයි. ඒ අනුව ලබා දී තිබූ ධෑඍ අධ්‍යාපනඥයා ඉතා වැදගත් විය. එමඟින් විවිධ රටවල පවතින අධ්‍යාපන නීති රීති පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබීම තුල එම නීති රීති කොතෙක් දුරට අධ්‍යාපන ක්‍රියාවලියට ප්‍රායෝගිකව ගැලපේද යන්න සොයා බැලීමට හැකියාව ලැබුණි. මේ අනුව පාඨමාලාව තුල තුන්වන ඉගෙනුම් ඵලය කරා ළඟා වීමේදී පළමු ඉගෙනුම් ඵල දෙක තුලින් අත්පත් කරගත් ගුරු ආචාර ධර්ම හා ඒවායේ භාවිතා මෙන්ම අධ්‍යාපන පද්ධතියක් තුල නීතිරීති සැලසුම් කිරීමේ වැදගත්කම මට හැඟී යයි. ඒ අනුව ඒ සඳහා නීතිරීති ප්‍රායෝගික භාවිතා කල හැකි සේ සකස් කිරීම ඉතා වැදගත් බව මට හැඟී ගිය කරුණකි. මෙසේ ලබාගත් දැනුම තුල මාගේ වෘත්තීය ජීවිතය ඉතා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි මට හැඟේ. මේ අනුව වෘත්තීය තුල නීතිරීතිවලට ගරු කරමින් සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට කරගෙන යාමට පාඨමාලාව තුලින් ලබාගත් දැනුම ඉතා වැදගත් වනු ඇත. එම දැනුම ඉදිරියේදී සාර්ථක නායකයකු ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
     
    04 වන ඉගනුම්ඵලය ප්‍රත්‍යාවේක්ෂනය
     
    අධ්‍යාපනයේ සමාජ,ආර්ථික සහ දේශපාලන සන්දර්භයන්ගෙන් පැන නඟින අනර්ඝණ විශ්ලේෂණය කර ඒවා කළමණාකරනය කිරීමට ඔබේ ශිෂ්‍ය ගුරුවරයාට මඟ පෙන්විම.
    ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේදී, මා පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම පාඨමාලව තුලින් ලබාගත් අයුරු විස්තර කිරීම සිදුකර ඇත. මෙහිදී විදුහල්පතිවරයෙකු ලෙස වසර 6 ක පමණ කාලයක් ලද අත්දැකීම් අනුව පාසලේ ගුරුභවතුන් සමඟ කටයුතු කිරිමේදී ලබාගත් අත්දැකීම් මෙන්ම ඉදිරි වෘත්තීය ජීවිතය සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව වැදගත් වූ බව හැඟේ. මේ අනුව අධ්‍යාපන පද්ධතිය තුල සමාජ ආර්ථිකය හා දේශපාලනය පැතිකඩ ඉතා වැදගත් බව මා හට අවබෝධ වී තිබුණද එය වඩා විධිමත් ලෙස අවබෝධ කර ගැනීමට මෙම පාඨමාලාව ඉවහල් වූ බව මට හැඟේ. මෙහිදී පාඨමාලාව තුල දෙවන දින පාසල තුලදී සිදුකරන ලද ක්‍රියාකාරකම් හා කථිකාචාර්යතුමිය විසින් ලබාදුන් දැනුම අනුව අධ්‍යයන පද්ධතිය සඳහා සමාජ පසුබිම ඉතා වැදගත් බවත් ඒ සඳහා ආර්ථිකමය මෙන්ම දේශපාලන ස්ථාවර බව ඉතා වැදගත් බව අවබෝධ කර ගැනීමට හැකියාව ලැබුනි. මේ සඳහා දින පාසල තුලදි සිදුකරන ලද ක්‍රියාකාරකම් තුල සමපදස්තයන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබාදීම තුල එකිනෙකා අතර හුවමාරු කරගත් දැනුම අනුව ඉහත දක්වා ඇති සමාජ, ආර්ථික හා දේශපාලනිකව පැන නඟින ගැටලු කෙසේ කළමණාකරන කරගන්නේද යන්න පිළිබඳව හොඳ දැනුමක් ලැබුනි. මේ අනුව ගැටලු විශ්ලේෂණය කර ඒවා කළමණාකරනය කරගන්නා ආකාරය පිළිබඳව මූලිකව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුනි. ඒවා පැන නඟින ආකාරය කෙසේද යන්න අධ්‍යයන කර ඒවාට විසඳුම් ලබාදීම වැදගත් බව අවබෝධ විය. කුඩා පරිමාණ ව්‍යාපෘති අංක දෙකට අදාළව සකස් කිරීමට නියමිතව තිබූ පාසලක හෝ ගුරූ අධ්‍යාපන ආයතනයක පවතින ගැටලු හඳුනාගැනීම හා ම ගැටලු විසඳා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම හා ඊට අදාළව එම ගැටළු වලට විසඳුම් සොයන ආකාරය පිළිබඳව දෙවන දින පාසල තුල සිදුකරන ලද ක්‍ර්‍රිියාකාරකම පදනම් කරගනිමින් විශාල දැනුම් සම්භාරයක් ලැබුණු බව මට හැඟී යයි. මීට අමතරව අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගන යාමේදී විවිධ දේශපාලනික බාධා හා ගැටලු කෙසේ කළමණාකරන කරන්නේද යන්න පිළිබඳ දීර්ඝව කථා කිරීමට අවස්ථාව ලැබුනි. ඒ අනුව මාගේ සමපදස්තයන් විවිධ ගැටලු ඉදිරිපත් කිරිම හා ඒවාට කෙසේ කළමණාකරනය කර ගන්නේද යන්න පිළිබඳ අධ්‍යයන කිරීමට ලැබීමි. පාඨමාලාව තුලින් ලද ඉතා වැදගත් අවස්ථාවකි. මේ අනුව අධ්‍යාපන ක්‍රියාවලිය තුල තාවකාලිකව පැන නඟින සමාජීය , ආර්ථික මෙන්ම දේශපාලනයට ගැටලු හොඳින් කළමණාකරනය කරගැනීම කෙසේ සිදු කරන්නේදැයි යන්න පිළිබඳව ලැබුනු දැනුම අනුව මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මට සිතේ. මේ අනුව පාඨමාලාව තුලින් මෙතෙක් අධ්‍යයනය කරන ලද ඉගෙනුම් ඵල හතරට සාර්ථක ගුරුවරයෙකු / විදුහල්පතිවරයෙකු මෙන්ම ගුරු අධ්‍යාපනඥයකු වීමේ හැකියාව ලැබුනු බව මට හැඟේ. ඉගෙනුම්ඵලය - 05 ගුරුවරුන්ගේ සවිබලකරණය සඳහා පාසල් පාදක ව්‍යාපෘතින් හි ආකෘති සැකසීමේ හා සංවර්ධනය කිරීමේ කුසලතා විදහා දැක්වීමටත් ඔබට හැකියාව ලබාදෙනු ඇත. ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස STP9543 පාඨමාලාව යටතේ ගුරුවරුන් සවිබල ගැන්වීම සඳහා පාසල් පාදක ව්‍යාපෘති සඳහා ආකෘති සැකසීම හා සංවර්ධනය කිරීමේ කුසලතාව විදහා දැක්වීම සඳහා අවශ්‍ය දැනුම මාහට යම්තාක් දුර කර තිබූ අතර එහෙත් එය මාගේ වෘත්තිය ජීවිතයට ප්‍රමාණවත් නොවීය. ඒ සඳහා අවශ්‍ය වෘත්තීයමය කුසලතාවය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පසුබිම පාඨමාලාව තුළින් ලද බව මට හැඟේ. මේ සඳහා පාඨමාලාව තුළ ලබාදී තිබු ඉගෙනුම් සම්පත් නිවැරදිව පරිශීලනය කිරීමට හැකියාව ලැබුණි එමගින් ලද දැනුම මෙන්ම දින පාසල් තුලින් සිදු කරන ලද ක්‍රියාකාරකම් පාදක දැනුම ඉතා වැදගත් විය. මේ ආකාරයට එකතු කරගත් දැනුම තුළින් ගුරුවරයකු කෙසේ සවිබල ගැන්විය යුතු යුතුද ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුණි. මෙමගින් ඉතා සාර්ථක ගුරුවරයෙකු පිළිබඳව අධ්‍යනය කිරීමට හැකියාව ලැබුණි. ඊට අමතරව ගුරු වෘත්තීය සංවර්ධන සැලැස්මක් සකස් කර ගැනීමට හැකියාව ලැබුණු බව මට හැඟී යයි. ඊට අදාළ දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා අවශ්‍ය අන්තර්ජාල තොරතුරු පාඨමාලාව තුළ ලබා දී තිබීම මෙන්ම තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ලබා දී තිබූ මාර්ගගත සාකච්චා මණ්ඩපය ඉතා වැදගත් විය. පාඨමාලාව තුළ සකස් කිරීමට තිබූ කුඩා පරිමාණ ව්‍යාපෘති ලිවීමේ දී කරුණු සොයා බැලීම මෙන්ම සමපදස්ථ අදහස් ලබා ගැනීම තුළින් ලද දැනුම ඉතා වැදගත් වූ බව මට හැඟී යයි. මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීම නිසා ලද දැනුම තුළ මා විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරන්නේ කෙලෙසද මෙන්ම නායකයෙකු ලෙස ගුරුවරයා සවිබල ගැන්විය යුතු පාර්ශව මොනවාද ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම සකස් කළ යුතු සැලසුම් මොනවාද යන්න පැහැදිලි ව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබීම තුල මාගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම පාඨමාලාව තුළින් ලද බව මට හැඟීයයි. මේ අනුව මා විදුහල්පතිවරයෙකු ලෙස තම යුතුකම් හා වගකීම් ඉටු කිරීමේදී වැදගත්ම පාර්ශවයක් ලෙස ගුරුවරයා හැඳින්විය හැකි අතර ගුරුවරයා ප්‍රබලව සවිබල ගැන්වීමට අවශ්‍ය හැකියාව පාඨමාලාව තුළින් ලැබුණු අතර එම ලැබුණු දැනුම මාගේ ඉදිරි වෘත්තිය ජීවිතය සාර්ථක කර ගැනීමට සැලැසුම් සහගතව භාවිතා කිරීමට බලාපොරොත්තු වේ.
  • STP 9545 Reflective

    STP 9545 Reflective

    9545-01
    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු ගැටලුවක් හඳනාගැනීමට.

    ගුරු අධ්‍යාපනඥයකු පර්යේශකයෙකු ලෙස කටයුතු කිරීමේදී මා විසින් අධ්‍යයනයකට ලක් කිරීමට අවශ්‍ය ගැටලුවක් හඳුනාගැනීම ඉතා වැදගත් විය. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විවිධ ගැටලු පවතින අතර එම ගැටලු නිසි ක්‍රමවේදයකට අනුව හඳුනාගැනීම ප්‍රමුඛ කාර්යයක් විය. මේ සඳහා අවශ්‍ය න්‍යායාත්මක පසුබිම පිළිබඳව සැලකිය යුතු දැනුමක් මා හට නොතිබුනි. එහෙත් පාඨමාලාව අධ්‍යයනය කිරීමත් සමඟම ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම මූලික කරුණක් බව මට හැඟී යන ලදි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා තිබූ ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීම තුලින් ලබාගත හැකි බව අවබෝධ විය. ඒ සමඟම පලමු දින පාසල මේ සඳහා ඉතා වැදගත් වූ බව මට හැඟීයන ලදි. පලමු දින පාසල තුලදී කථිකාචාර්යතුමන් විසින් දැනුවත් කල පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලුවක් හඳුනාගැනීම සිදුකරන ලදි. බොහෝ ගැටලු පැවතියද පර්යේෂණය ඉදිරියට ක්‍රියාත්මක කිරීම මෙන්ම දත්ත ලබාගැනීම හා එම දත්ත පදනම් කර ගනිමින් ව්‍යාපෘති වාර්තාව සැකසීම මෙන්ම නිගමන හා යෝජනා ලබාදීමට හැකි මාතෘකාවක් තෝරාගැනීම වැදගත් බව පලමු දින පාසල තුලදි අවබෝධ විය. මේ අනුව හම්බන්තොට කලාපය ඉලක්කගත කරගනිමින් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීම හැකිවන පරිදි ගැටලුවට මාතෘකාවක් සකස් කර ගැනීම වැදගත් බව හැඟීයන ලදි. ඒ අනුව තෝරාගත් කලාපයේ ග්‍රාමීය පාසල් තුල පවතින අධ්‍යාපන සංවර්ධනය බලපාන පාසල් හා පාරිසරික සාධක පිළිබඳ අධ්‍යයනය කිරීමට වැදගත් බව අනාවරණය විය. මේ සඳහා නිරන්තරයෙන් කථිකාචාර්යතුමන් සමඟ සංවාදයේ යෙදෙමින් ගැටලුවට අවශ්‍ය පසුබිම හඳුනාගැනීම මෙන්ම එහි අරමුණු සකස් කරගැනීම දක්වා අවශ්‍ය උපදෙස් පාඨමාලාව තුල පැවති බව මට හැඟේ. මෙහිදී ගැටලුවක් සුවිශේෂී කර ලියන ආකාරය එම ගැටලුව සුවිශේෂී කිරීමේදී කළ යුතු දේවල් පිළිබඳවත් මූලික අවබෝධයක්වත් නොමැතිව සිටි මා හට විෂය ඉගෙනීම හරහා ඊට අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමට හැකිවිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවක් හඳුනාගැනීම සඳහා ක්‍රියාකළ යුතු ආකාරයත් එම ගැටලුවල ස්වභාවය තේරුම් ගැනීමටත් අවශ්‍ය මූලික දැනුම හා ඥානය මෙම විෂය මඟින් ලබාගැනීමට හැකිවිය. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය යනු සමාජවිද්‍යා විෂයක් නිසා සමාජවිද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ ගැටලුවක් හඳුනාගැනීමත් එය සුවිශේෂී කර ලිවීමටත් අවශ්‍ය දැනුම ලබාගැනීමට මෙහිදී අවකාශය උදාවිය. අධ්‍යාපන ක්ෂේත්‍රය දෙස අවධානයෙන් බලන විට එහි පවතින ගැටලු පෙරට වඩා මනා ලෙස සංජානනය වීම මේ වනවිට මා තුළ වර්ධනය වී තිබේ. එයට හේතුව වන්නේ මෙම පාඨමාලාවේ මෙම විෂ්‍ය මඟින් ලබාදුන් අවබෝධය නිසාය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු අතරින් ප්‍රබල ගැටලු ප්‍රමුඛතාකරණය කර ගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙම විෂය මඟින් මා හට ලබාගැනීමට හැකිවිය. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතා සුවිශේෂී ගැටලු මෙනවාද? එම ගැටලු අධ්‍යනය කිරීමේ වැදගත්කම මේ හරහා අවබෝධ කර ගැනීමට හැකිවිය. මීට අමතරව සමපදස්ථයන් සමඟ සාකච්ඡා කරමින් ලබා ගත් තොරතුරුද පදනම් කර ගනිමින් තෝරාගත් ගැටලුව සඳහා ඉදිරි සැලසුම් සකස් කිරීම සිදුකරන ලදි. එසේ පර්යේෂණයට ලක්කර ගත හැකි මාතෘකාවක් තෝරාගැනීම නිසා අවශ්‍ය ඉදිරි කටයුතු සැලසුම් සහගත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු බව මට හැඟේ. මේ සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට අවශ්‍ය පසුබිම අධ්‍යනය මගින් ලැබුනි. එය ඉතා වැදගත් බව පාඨමාලාව තුලින් අවබෝධ වූ වැදගත් කරුණකි. 01 සමසදස්තයන් සමග දැනුම බෙදාගැනීම
    02 ලබාදී තිබු ඉගනුම් සම්පත් බාවිතය https://wiki.creativecommons.org/What_is_OER%3F OER ys wjYH;dj - http://wikieducator.org/OER4Ed/Why_OER03 wka;¾cd,h Ndú;h yd Èk mdi,a u.ska ±kqu ,nd.ekSu 03 දින පාසල් හා සම්බන්ධ වීම


    9545-02
    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු සිද්ධීන් / ගැටලුවලට අදාලව සම්මත ක්‍රම භාවිතයෙන් සාමාන්‍ය විමර්ශනය සිදු කිරීමට

    ගුරු අධ්‍යාපනඥයෙකු පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී පාඨමාලාවට අදාලව තෝරාගත් මාතෘකාව යටතේ සාහිත්‍ය විමර්ශනය කිරීම ඉතා වැදගත් වූ බව පාඨමාලාව තුලින් අවබෝධ වූ බව මට හැඟේ. එසේ ගැටලුවට අදාලව සාහිත්‍ය විමර්ශනය පිළිබඳ අවබෝධයක් මා තුල නොතිබුනි. සාහිත්‍ය විමර්ශනය ලිවීම පිළිබඳ මනා දැනුමක් පාඨමාලාව තුලින් ලැබුණු බව මට හැඟේ. මෙහිදී මීට පෙරද කුඩා පරිමාණ ව්‍යාපෘති ලිවීම සිදු කරන ලද අතර එසේත් එම පාඨමාලා තුලින් ලද දැනුමට වඩා පුළුල් දැනුමක් 9545 පාඨමාලාව තුලින් ලැබුණු බව මට හැඟේ. එසේ වීමට හේතුව වන්නේ සාහිත්‍ය විමර්ෂනය පිළබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් මෙහිදී ලැබුණු නිසාවෙනි. මේ සඳහා ලබාදී තිබූ දැර මෙන්ම දින පාසල තුලින් ලැබුනු ක්‍රියාකාරකම් පාදක අත්දැකීම් ඉතා වැදගත් වූ බව මට හැඟේ. මෙහිදී සාහිත්‍ය විමර්ශනයන් මූලික අදියර 2 ක් ඔස්සේ (න්‍යායාත්මක/ ආභාෂය) සිදුකරන බවද එම නිසා පර්යේෂණාත්මක සාහිත්‍ය විමර්ෂනය සඳහා තොරුතුරු රැස් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මනා අවබෝධයක් ලැබුනි. මේ අතර ආනුභාවික සාහිත්‍ය විමර්ශනය ඉතා වැදගත් විය. එහිදී ගැටලුවට අවශ්‍ය තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවිය. ගැටලුව පිළිබඳ මැනවින් අධ්‍යයනයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට සාහිත්‍ය විමර්ශනය වැදගත් වූ බව මට හැඟී යයි. මේ තුලින් ගැටලුවට අදාල තොරතුරු රැසක් එක්රැස් කරගැනීමට හැකිවිය. විශේෂයෙන්ම න්‍යායාත්මක සාහිත්‍ය විමර්ශනය යනු කුමක්ද යන්න පිළිබඳව පූර්ණ අවබෝධයක් මේ හරහා ඇතිවිය. ගැටලුවට පදනම් වන න්‍යායන් මේ යටතේ පරිශීලනය කරන අතර ගැටලුවේ සැබෑ තත්වය හඳුනාගැනීමට මෙය මහත් අලෝකයක් ලබාදෙන බව අවබෝධ විය. ඒ අනුව කිසියම් පර්යේෂණ ගැටලුවකට පදනම් වන න්‍යායයන් න්‍යායාත්මක සාහිත්‍ය විමර්ශනය මඟින් හැකිවන බව අවබෝධ විය. එමෙන්ම ගැටලුවට සම්බන්ධ ක්ෂේත්‍රයේ පෙර සිදුකර ඇති පර්යේෂණ ආනුභාවික සාහිත්‍ය ලෙස හැඳින්විය හැක. ආනුභාවික සාහිත්‍ය මඟින් ගැටලුවට අදාළ විසඳුම් එමෙන්ම ගැටලුවේ සැඟවුණු සියුම් තැන් හඳුනාගැනීමට හැකිවන බව මෙහිදී අවබෝධ්‍යක් ඇතිවිය. මෙම පාඨමාලාවේ පළමු කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් සාහිත්‍ය විමර්ශනයට අදාළ සංකල්ප රාමුවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදුන් අතර එමඟින් තවදුරටත් සාහිත්‍ය විමර්ශනය පිළිබඳ මූලික අවබෝධයක් ඇතිකර ගැනීමට හැකිවිය. ගැටලුවට අදාල සම්මත ක්‍රම භාවිතා කරමින් සාහිත්‍ය විමර්ශනය ලියා දැක්වීම සිදු කිරීමට හැකියාව ලැබුනි. මේ අනුව පර්යේෂණයට අදාලව තොරතුරු රැස්කිරීම මෙන්ම තොරතුරු සමාලෝචන කිරීමට පහසු විය. එමඟින් සාර්ථකව ගැටලුව විමර්ශනය කරමින් වාර්තාව සකස් කිරීමට හැකියාව ලැබුනි. ඒ අනුව පාඨමාලාව තුල සක්‍රීයව සිටිමින් ලබාගත් තොරතුරු අනුව පර්යේෂණ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීම මෙන්ම පර්යේෂණ ක්‍රියාවලිය ඉතා වැදගත් අංගයක් ලෙස සාහිත්‍ය විමර්ශනය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. මේ අනුව මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය සඳහා ලබාගත් දැනුම පාදක කර ගනිමින් සාර්ථක පර්යේෂණ බවට පත්වීමේ හැකියා ලැබෙනු ඇතැයි මට සිතේ.

    9545 -03
    හඳුනාගත් පර්යේෂණ ගැටලුව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීමට.

    ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී හඳුනාගත් පර්යේෂණ ගැටලුවට අදාලව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් ක්‍රම තෝරාගැනීම ඉතා වැදගත් විය. මේ පිළිබඳ මා තුල දැනුමක් නොතිබූ අතර දින පාසල තුලින් ලබාදුන් දැනුම අනුව අවශ්‍ය පර්යේෂණ පිරිසැලසුම් ක්‍රම තෝරාගැනීමට හැකියාව ලැබුනු බව මට සිතේ. මේ සඳහා පර්යේෂණ මාතෘකාවට අනුව පිරිසැලසුම් ක්‍රමය පිළිබඳ කථිකාචාරයතුමන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කල අතර එතුමන් ලබාදුන් උපදෙස් අනුව පිරිසැලසුම් ක්‍රමය තෝරාගැනීමට හැකිවිය. ඒ අනුව පර්යේෂණ ක්‍රියාවලියක් කළ පිරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීම වැදගත්බව අවබෝධ විය.මීට අමතර ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් පරිහරණය කරමින් ලබාගත් තොරතුරු මාගේ දැනුම වැඩි කර ගැනීමට ඉවහල් විය. එලෙසම දෙවන දින පාසල තුලදී සිදුකරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලින් මාගේ සමපදස්තයන් සමඟ සාකච්ඡා කර ලබාගත් තොරතුරු වැදගත් වූ බව මට හැඟේ. විශේෂයෙන්ම ප්‍රමාණත්මක හා ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශ දෙකෙහි වෙනස්කම් සමානගම් මොනවාද යන්න පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් ඇතිකර ගැනීමට හැකිවිය. විශේෂයෙන්ම මෙම පර්යේෂණ ක්‍රමවේද දෙක සඳහා භාවිතා කළ හැකි පර්යේෂණ පිරිසැලසුම් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීමට හැකියාව උදාවිය. එමෙන්ම ඒ ඒ පිරිසැලසුම් වල ලක්ෂණ අවබෝධවීම නිසා පර්යේෂණ ගැටලුවකට සුදුසු පර්යේෂණ ක්‍රමවේදය හා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී යොදාගත යුතු පර්යේෂණ පිරිසැලසුම නිශ්චිතව හඳුනාගැනීමට අවැසි දැනුම මෙම විෂය ඉගෙනීම තුළින් මා හට ඇති විය. විශේෂයෙන්ම පර්යේෂණ ක්‍රමය හා පර්යේෂණ පිරිසැලසුම යන දෙකෙහි ඇති වෙනස පිළිබඳ එතරම් අවබෝධයක් මා තුළ නොතිබුණු අතර එම වෙනස මැනවින් අවබෝධ කරගැනීමට මෙම පාඨමාලාව මඟින් අවකාශය උදාවිය. පර්යේෂණ ප්‍රවේශ හා ක්‍රමවේදයන් ගණනාවක් උගත් අතර මාගේ පර්යේෂණ ගැටලුවට වඩාත් උචිත පර්යේෂණ ප්‍රවේශය හඳුනාගැනීමට එමඟින් අවකාශය උදාවිය. මේ වන විට ඕනෑම පර්යේෂණ ගැටලුවක් සඳහා උචිත පර්යේෂණ පිරිසැලසුම හඳුනාගැනීමට හැකියාව මා සතුව පවතින බව සතුටින් පැවසිය යුතුය. මේ අනුව පර්යේෂණ ගැටලුව හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාව සම්පාදනය විය.ඒ අනුව ගැටලුව අධ්‍යයනය කිරීම තුලින් ගැටලුවේ අභ්‍යන්තර පසුබිම හොඳින් අවබෝධ කරගත හැකිවීම තුල ඒ සඳහා පසුබිම් වූ කරුණු රැසක් අනාවරණය කරගත හැකි වූ බව හැඟේ. මේ අනුව ඒ ඒ කරුණුවලට අදාලව තොරතුරු රැස්කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගත හැකිවිය. මේ අනුව පර්යේෂණ ක්‍රමයක් ලෙස විස්තරාත්මක පර්යේෂණ ප්‍රවේශයේ නියදි සමීක්ෂණ ක්‍රමය අනුගමනය කිරීමට අවශ්‍ය වටපිටාව සකස්කර ගන්නා ලදි. ඒ අනුව පර්යේෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම මෙන්ම එම දත්ත විශ්ලේෂණය කිරීම මඟින් යෝග්‍ය නිගමන වලට එළඹීමට හැකිවිය. මේ අනුව පර්යේෂණයට අදාල පරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීම ඉතා වැදගත් බව අවබෝධ විය.

    9545 - 04
    අධ්‍යයනය සඳහා විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුලත්ව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම.

    අධ්‍යාපන පරීක්ෂකයෙකු ලෙස පර්යේෂණ ක්‍රියාවලිය කල අදාල ගැටලුව ගැලපෙන විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුලත් පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම ඉතා වැදගත් බව මට හැඟී යන ලදි. පර්යේෂණ ක්‍රියාවලිය තුල පර්යේෂණ යෝජනාවන් විධිමත්ව සකස් කිරීම කෙසේ සිදු කරන්නේද යන්න පිළිබඳ මා තුල තිබුනේ අවම දැනුමක් බව මට හැඟී යන ලද්දේ පාඨමාලාවල අධ්‍යයනය තුලිනි. එහෙත් පාඨමාලාව අධ්‍යයනය කිරීම තුලින් මා තුල තිබූ අවම දැනුම මට්ටම ඉහල නංවාලීමට හැකි වූ බව මට හැඟී යයි. ඒ සඳහා පාඨමාලාව තුලින් ලබා දී තිබූ ඉගෙනුම් සම්පත්, අන්තර්ජාල පහසුකම් මෙන්ම දින පාසල් මඟින් ලද දැනුම ඉතා වැදගත් විය. මේ අනුව පාඨමාලව තුලට සක්‍රීයව සම්බන්ධ වෙමින් තොරතුරු නිරන්තරයෙන් සොයා බලමින් සමපාදස්ථ අදහස් නිරන්තරයෙන් ලබාගනිමින් පර්යේෂණ ගැටලුවලට අදාලව පර්යේෂණ යෝජනාවලින් සකස් කිරීම සිදුකරන ලදි. ඊට අදාලව න්‍යායාත්මක පසුබිම මෙන්ම සැලසුමක ඇතුලත් විය යුතු අංග පිළිබඳව මාගේ සමපාදකයන් සමඟ සාකච්ඡා කරමින් සිදුකරන ලදි. ඒ තුලින් පර්යේෂණ යෝජනාවලියක අන්තර්ගතය පිළිබඳ පුළුල් දැනුමක් මා හට ලැබුණු බව මට හැඟේ. පර්යේෂණ යෝජනාවලියක කාල රාමුව, ආශ්‍රිත ග්‍රන්ථ නියමිත ්ඡ් ක්‍රමවේදයට විධිමත්ව ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ අතර එමඟින් සමස්ත පර්යේෂණ ක්‍රියාවලිය සඳහාම ආලෝකය ලබාගැනීමට හැකිවිය. මෙහිදී කුඩා පරිමාණ ව්‍යාපෘති අංක දෙක මඟින් නිවැරදිව පර්යේෂණ යෝජනාවක් සැකසීමට අවස්ථාව උදාවිය. එමනිසා ප්‍රායෝගිකව පර්යේෂණ යෝජනාවක් සැකසීම මඟින් ඊට අදාළ මූලික අවබෝධය ලබාගැනීමට හැකිවිය. මෙම පර්යේෂණ යෝජනාවලිය සැකසීමේදී පැවති ගැටලු රැසක් නිරාකරණය කරගනිමින් කටයුතු කිරීමට හැකිවිය. එපමණක් නොව පර්යේෂණ යෝජනාවලියක් සැකසීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල මෙම විෂය මඟින් ඉගැන්වූ නිසා ඉතා නිවැරදිව පර්යේෂණ යෝජනාවක් සැකසීමට අවශ්‍ය මූලික අවබෝධය ඒ හරහා ලබාගැනීමට හැකිවිය. එමෙන්ම පර්යේෂණ යෝජනාවලිය පර්යෙෂණයට පදනම් වන ආකාරයට පිළිබඳවත් මෙහිදී ඉගෙනීමට අවස්ථාව උදාවිය. එමෙන්ම පර්යේෂණ යෝජනාව ලිවීමේදී පර්යේෂණ ක්‍රමවේදය, පර්යේෂණ පිරිසැලසුම පිළිබඳව ද තොරතුරු ඇතුළත් කළ යුතු බවත් පර්යේෂණ යෝජනාවලිය කියවන පුද්ගලයෙකුට පර්යේෂණය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති වන පරිදි ලිවීමටත් මෙම විෂය මඟින් උගන්වන ලදී. මෙහිදී යෝජනාවලියක අන්තර්ගතය තුල කාල රාමුවේ සිට සියලු පියවරයන් සහිතව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනි. මෙහිදී කුඩා පරිමාණ ව්‍යාපෘති අංක 01 ට අදාල සකස් කරන ලද යෝජනාවලිය තුල එහි අඩංගු කරුණු පිළිබඳව ගුඹුරින් අධ්‍ය්‍යනයට අවස්ථාව ලැබුනි. මේ අනුව ඉතා සාර්ථක විස්තරාත්මක යෝජනාවක් සකස් කරගැනීමට හැකියාව ලැබුණු බව මට හැඟේ. මීට අමතර යෝජනාවලිය තුල අන්තර්ගතය පියවර අනුව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව නෛතික පසුබිම මෙන්ම එහි අන්තර්ගතය ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුනි. මේ තුලින් පර්යේෂණ ක්‍රියාවලියක විස්තරාත්මක පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම මඟින් පර්යේෂණ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකරගත හැකි බව මට හැඟී යයි. මේ අනුව පරීක්ෂකයෙකු ලෙස ක්‍රියාත්මක කිරීමේදී පර්යේෂණ යෝජනාවලින් ඉතා සාර්ථකව සකස් කර ගැනීමට අවශ්‍ය පසුබිම පාඨාමාලාව තුලින් ලද බව හැඟේ.

    9545 - 05
    අධ්‍යයනයට අදාලව දත්ත රැස් කිරීම විශ්ලේෂණය අර්ථකථනය හා සකස් කිරීම

    ගුරු අධ්‍යාපනඥයා හා පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී අධ්‍යයනයට අදාල දත්ත රැස්කිරීම මෙන්ම ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීම මෙන්ම එම දත්ත සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිවැරදිව හඳුනා ගැනීමට පාඨමාලාව ඉතා වැදගත් වූ බව මට හැඟේ. දත්ත රැස් කිරීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳ මීට පෙර පාඨමාලා තුලින් ද අධ්‍යයනට ලක්කර තිබූ අතර එම ලබාගත් දැනුමද පදනම් කර ගනිමින් නිවැරදිව විද්‍යානුකූලව දත්ත රැස් කිරීම නිවැරදිව සිදුකර ගැනීමට පාඨමාලාව තුලින් හැකි වූ බව මට හැඟේ. මේ සඳහා අවශ්‍ය පසුබිම පාඨමාලාව තුලින් ලඟාකර ගත හැකි වනුයේ පාඨමාලාව සැලසුම් කර තිබුනි. ඒ අනුව ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් උපයෝගී කර ගනිමින් ගැටලුවට අවශ්‍ය වන පරිදි දත්ත රැස්කිරීම සිදුකරන ලදි. එහිදී ප්‍රශ්නාවලි මෙන්ම සම්මුඛ සාකච්ඡා ෂෙඩුලය භාවිතා කිරීමට හැකිවිය. එම ප්‍රශ්නාවලි සකස් කිරීමේදී අවශ්‍ය නීතිමය පසුබිම මෙන්ම ගැටලුවට ගැලපෙන පරිදි අවශ්‍ය කරුණු ඇතුලත් කල හැකි වන සේ සකස් කර ගැනීමේ හැකියාව පාඨමාලාව තුලින් නිරන්තරයෙන් ලබාදුන් අතර ඊට අවශ්‍ය ඉගෙනුම් සම්පත් මෙන්ම සමපාදස්ථ අදහස්ද වැදගත් වූ බව මට හැඟී යයි. එපමණක් නොව පර්යේෂණ ප්‍රවේශයට උචිත පරිදි ගුණාත්මකව හෝ ප්‍රමාණාත්මකව දත්ත විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව ප්‍රායේගිකව ඉගෙනීමට අවස්ථාවක් උදාවිය. මෙහිදී තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් ප්‍රයෝගිකව දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව උදාවිය. මෙහිදී තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් ප්‍රායෝගිකව දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව උදාවිය. මෙහිදී දත්ත විශ්ලේෂණය කර එම විශ්ලේෂණයට පදනම් වී අනාවරණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව ද ඉගෙනීමට අවස්ථාව උදාවිය. මෙහිදී මෙම විෂයට අදාළ තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් විශ්ලේෂණය කළ දත්තයන් පදනම් කරගනිමින් අදාළ පර්යේෂණය සඳහා අර්ථකතනයන් ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. සමස්ථයක් ලෙස මෙම පාඨමාලාවේ මෙම විෂය මඟින් සම්පූර්ණයෙන්ම පර්යේෂණයක් දියත් කර වාර්තාව පිළියෙළ කරන අවස්ථාව දක්වාම සියලු අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධ්‍යක් ලබාගැනීමට හැකිවිය. ඒ හරහා පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ පැවති ගැටලු සහගත තැන් නිරාකරණය කරමින් නිවැරදි ක්‍රමවේද හරහා පර්යේෂණයේ දත්ත රැස්කොට ඒවා විශ්ලේෂණය කර විශලේෂණයන්ට පදනම් වී අර්ථකතනය කිරීමේ හැකියාව උදාවිය. එසේම දින පාසල තුලින් ලබාදුන් දැනුම හා සාකච්ඡා මන්ඩපය මඟින් ලබාදුන් සමපාදස්ථ අදහස් නිසා තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගැනීමට හැකිවිය. ඊට අමතරව ලබාගත් තොරතුරු විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් විය. ඒ සඳහා අවශ්‍ය පසුබිම පාඨමාලාව තුලින් ලබා දී තිබුනි. ඒ අනුව නිවැරදිව දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබුනි. මේ අනුව ලබාගත් තොරතුරුවලට අනුව ගැටලුව පිළිබඳ නිවැරදි අදහස් හා යෝජනා , නිගමන ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනි. පර්යේෂකයෙකු ලෙස ගැටලුවක් අධ්‍යයනයට අදාල නිවැරදි දත්ත රැස්කිරීම මෙන්ම එම දත්ත විශ්ලේෂණය කර සකස් කිරීම් හැකියාව පර්යේෂණය අවසන් වන විට නිවැරදිව ලැබුනු බව මට හැඟේ. රටේ පවතින තත්වය අනුව දත්ත රැස්කිරීම මෙන්ම ඒවායේ රහස්‍යභාවය මෙන්ම අධ්‍යයනයට අදාල සම හඳුනාගැනීමට ද පාඨමාලාව ඉතා වැදගත් විය.

    9545 - 06
    පර්යේෂණ අධ්‍යයනයට අදාලව අනාවරණයන් වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.

    ගුරු අධ්‍යාපනඥයා පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී , අධ්‍යයනයට අදාලව ලබාගත් තොරතුරු විශ්ලේෂණය කරමින් ගැටලුවලට අදාල වාර්තා කිරීම් මොනවාද යන්න පිළිබඳවත් ඒ අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳවත් අධ්‍යයනය තුලින්හැකියාව ලැබුනු බව මට හැඟේ. පර්යේෂණයක් සිදුකර ඒ තුලින් ලබාගත් තොරතුරු සාර්ථකව විශ්ලේෂණය කිරීම මඟින් අනාවරණයන් වාර්තා කිරීම පර්යේෂණයේ වැදගත් අංගයක් බව පැහැදිලි විය. මේ අනුව ගැටලුවට අදාලව දත්ත විද්‍යානුකූලව විශ්ලේෂණය කර එම ගැටලුවට ඇතිවීමට හේතු සාධක මෙන්ම එම ගැටලුව මඟ හරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබාගනිමින් ඒ අනුව නිර්දේශ සකස් කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම පාඨමාලාව තුලින්ම ලැබුනු බව මට හැඟී යයි. මෙම විෂය ඉගෙනීමෙන් හැකියාව ලැබුණි. එමෙන්ම හිතළු ලෙස අනාවරණ ඉදිරිපත් කිරීම මෙතුවට විශ්ලේෂණ මත පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇතිවිය. එමෙන්ම අරමුණු පර්යේෂණ අරමුණුවලට පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ඇතිවිය. එමෙන්ම මෙම විෂයට අදාළ තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතියේ දී මා විසින් දියත් කරන ලද පර්යේෂණයට අනාවරණ හා නිගමන ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ප්‍රායෝගිකව අනාවරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. පර්යේෂණයක් මඟින් සමාජයට හෝ අදාළ ජනගහනයට තොරතුරු ලබාදෙන්නේ අනාවරණ හා නිර්දේශ මඟිනි. පර්යේෂණයෙන් අදාළ ක්ෂේත්‍රයට අවශ්‍ය නම දැනුම හා අනාවරණ සැපයිය හැක්කේ මෙම පර්ච්ජේදය මඟිනි. මේ සඳහා පාඨමාලාවේ අන්තර්ගතය තුල පැහැදිලි ක්‍රමවේද ඉදිරිපත් කර තිබුනි. එම ක්‍රමවේද අනුගමනය කරමින් ලබාගත් දැනුම පාදක කර ගනිමින් ගැටලුවට අදාලව දත්ත විවිධ පාර්ශව මඟින් රැස් කරමින් ලබාගත් දත්ත විද්‍යානුකූලව විශ්ලේෂණය කර ඒ හරහා අනාවරණය වාර්ථා කිරීමට හැකියාව ලැබුනි. එම අනාවරණයන් අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුකරන ලදි. මේ සඳහා දත්ත රැස් කිරීමේදී විවිධ විචල්‍යයන් භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර එම උපදෙස් පිළිපදිමින් නිවැරදිව තොරතුරු රැස්කර ගැනීම සිදුකරන ලදි. ඒ අනුව යමින් ඊට අදාල නිර්දේශ රැසක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනි. උදාහරණයක් ලෙස පවුලේ ආර්ථික මට්ටම ශිෂ්‍ය සංඛ්‍යාව බලපෑම් ඇතිකිරීම පිළිබඳ දත්ත රැස්කිරීමේදී ලබාගත් නිර්දේශයයන් වූයේ පවුලේ ආර්ථික මට්ටම ශිෂ්‍ය සාධනයට කිසිදු බලපෑම් එල්ල නොකරන බවයි. එලෙස ලබාගත් තොරතුරු අනුව නිවැරදි නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනු බව මට හැඟේ. මේ අනුව ගුරු අධ්‍යාපනඥයා නිවැරදි පර්යේෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී ගැටලුවට අදාල දත්ත විශ්ලේෂණය මගින් අනාවරණයන් වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය දැනුම පාඨමාලාව තුලින් නිවැරදිව ලැබුණු අතර එම දැනුම පාදක කර ගනිමින් මාගේ වෘත්තීය ජීවිතය සැලසුම් සහගත සකස්කර ගැනීම මෙන්ම ලබාගත් දැනුම මාගේ ගුරු/විදුහල්පතිවරුන් සමඟ ද හුවමාරු කර ගැනීමද බලාපොරොත්තු වේ. 9545 -07 සම්මත ආකාරයට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීම. ගුරු අධ්‍යාපනඥයා පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී ගැටළුවට අදාලව පරීක්ෂණ වාර්තාව සකස් කිරීම ඉතා වැදගත් අංගයකි. ඒ සඳහා මා තුල තිබූ දැනුම මට්ටම අඩු බව පාඨමාලාව අධ්‍යයනයෙන් පසු හොඳින් අනාවරණය විය. ව්‍යාපෘති වාර්තාවක ඉතා වැදගත් අංගයක් ලෙස පරිශීලනය කරන ලද ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය APA-7 ආකාතියට අනුව සැකසිම ඉතා වැදගත් බව අනාවරණය විය. මෙහිදී ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ 7 වන සංස්කරණයට අනුකුලව ආශ්‍රිත ග්‍රන්ථ දැක්විය යුතු ආකාරය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිවිය. මෙහිදී එක් එක් සංස්කරණවල වෙනස හා නිවැරදිව ලිවය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක ඇතිවිය. මෙහිදි අකාරාදියට ඉදිරිපත් කිරීමක් එහිදී අනුගමනය කළ යුතු රීති මොනවාද යන්න දින පාසල් මඟින් අවබෝධයක් ඇතිකරනු ලැබීය. මෙලෙස උගත් කරුණු ප්‍රායෝගිකව ඉගෙනීමට දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය හා තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘති සමඟින් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමට අවස්ථා සලසා දෙන ලදී. එමඟින් පවතින අඩුපාඩු මගහැර ගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව එය සකස් කරන්නට හැකිවිය. ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමේදී දැනුම භාවිතය පවතින ආශ්‍රීත ප්‍රශ්න නාමාවලි ආකෘතිය ලෙස Apa- - 7 ආකෘතිය පිළිබඳ මැනවින් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබූයේ දෙවන දින පාසල තුල කථිකාචාර්යතුමන් විසින් සිදුකල දැනුවත් කිරීම මඟිනි. ඔහු විසින් උදාහරණ සහිතව චදඇරචදසබඑ චරුිැබඒඑසදබ එක මඟින් සිදුකර දැනුවත් කිරිම තුල අප විසින් අධ්‍යනයන්ට ලක්කරන ලද පොත්, අන්තර්ජාල මෙන්ම ලිපි ලේඛන , චක්‍ර ලේඛන පිළිබඳ සටහන් කිරීමේදී කෙසේ සමත් කල යුතුද යන්න ඉතා පැහැදිලිව උදාහරණ සහිතව ඉදිරිපත් කර ඇත. මේ අනුව මා විසින් පරිශීලන කරන ලද (අධ්‍යයනයට අදාල) ආකාති පිළිබඳ නිවැරදිව සටහන් කිරීමක් කල හැකි වූ බව මට හැඟේ. මේ අනුව මෙම ගැටලුවට අදාලව වාර්තාව සකස් කිරීමට පමණක් නොව ලබාගත් දැනුම අනුව ඔනෑම ව්‍යාපෘති වාර්තාවට අනුව නිවැරදිව APA - 7 ආකෘතියට අනුව ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. මෙම ආකෘතිය මීට පෙරද මාගේ සමපාදස්ථයන් සමඟ සකස් කලද නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නොහැකි විය. එසේත් දෙවන දින පාසල තුල කථිකාචාර්යතුමන් සිදුකරන ලද දේශනය හා සම්බන්ධ වීම මඟින් එහි පැවති ගැටලුකාරී බව නැතිකර ගැනීමට හැකියාව ලැබුනි. මේ අනුව ලබාගත් දැනුම තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අන්තර්ජාලය පරිහරණය කිරීමට අදාලව තොරතුරු (OER) ලබා දී තිබුනි. එම තොරතුරු පරිශීලනය කිරීම ඉතා වැදගත් විය. එසේ ලබාගත් දැනුම අනුව පර්යේෂණ ක්‍රියාවලියක් තිබීම වැදගත් අංගයක් ලෙස සැලකියි හැකි ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය නිවැරදිව සටහන් කර ගත හැකි විය. එසේ ලබාගත් දැනුම අනුව මාගේ වෘත්තීය ජීවිතය තුල ඉදිරි ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ලබාගත් දැනුම භාවිතා කල හැකි වනු ඇත.

    9545 ඉගෙනුම් ඵල අංක 08
    අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන් ගැටළු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීම

    ගුරුවරයතු ලෙස මා වසර අටක කාලයක් සේවය කරන අතරතුර විවිධාකාර ගැටළු සම්බන්ධයෙන් මුහුණ දීමට සිදු වුවත් ඒ සඳහා විසඳුම් සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ මා එම කාලවකවානුව තුල දැනුවත් නොවූ බව සිහිපත් විය. ගැටළු විසඳීම සඳහා යම් යම් තීන්දු තීරණ ගැනීමට උත්සාහ කළ ද එම ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය යුක්ති සහගත වුවා ද යන්න පිළිබඳව ගැටළුවක් මතු වන්නේ ඒ පිළිබඳ දැනුමක් මා සතු නොවූ නිසාවෙනි. නමුත් ශ්‍රී විදුහල්පති සේවයට පැමිණීමත් සමඟම කීප අවස්ථාවකදී පර්යේෂණ සම්බන්ධ පැවැත්වූ වැඩමුළු කිහිපයකට සහභාගි වීමට අවස්ථාව ලැබුණත් ප්‍රමාණවත් අවබෝධයක් නොතිබූ බව මට සිතුණි.පළාත් කලාප මට්ටමෙන් විවිධ පර්යේෂණ, සගරා, එළිදක්වා තිබුණද ඒ පිළිබඳ කියවා තිබුනත් පර්යේෂණයක් සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත්භාවයක් නොතිබූ නිසාවෙන් පාසල් පද්ධතියේ ගැටළු සඳහා පර්යේෂණයක් කිරීමට උත්සාහ නොගත් බව මට සිතුණි. මෙම විෂය ඉගෙනීමෙන් පර්යේෂණ පිරිසැලසුම නිවැරදිව සැලසුම් කිරීමට අවකාශය උදාවිය. ඉන්පසු පිරිසැලසුමට අදාළව දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයක් හා දත්ත රැස්කිරීමේ උපකරණ සකස් කර නිශ්චිත ක්‍රමවේදයකට දත්ත රැස්කර ඒවා පර්යේෂණ ක්‍රමවේදයකට අනුව විශ්ලේෂණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට හැකිවිය. මෙම සියලු කටයුතු මෙම විෂයට අදාළ කුඩා පරිමාණ ව්‍යාපෘති තුන මඟින් ප්‍රායෝගිකව අත්දැකීමට හැකියාව උදාවිය. එහිදී ක්‍රියාවලිය අතරතුර ඇතිවන ගැටල මගහැර ගනිමින් ඒවා විසඳා ගෙන නිවැරදිව පර්යේෂණ සැලසුම නිර්මාණය කිරීමට හැකිවිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එනම් සමාජ සඳහා පර්යේෂණයක් දියත් කිරීම පිළිබඳ මා තුළ පැවතියේ බියකි. නමුත් මෙම විෂය ඉගෙනීමෙන් පසු පර්යේෂණයක් දියත් කිරීම හා ඊට අදාළ සැලසුම් නිර්මාණය කිරීමට හැකි ඥානය හා අවබෝධය මා හට ඇතිවිය. නමුත් stp9545 පාඨමාලාව අධ්‍යයනය කිරීමේදී ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා පර්යේෂණයක් පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබා ගැනීමෙන් පසු පාසල් පරිසරය තුළ පවතින ගැටළු සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට උනන්දුවක්, ආසාවක් සිත තුළ හටගත් බව දැනුණි. පර්යේෂණ ගැටළුවක් තෝරා ගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කිරීමෙන් සාහිත්‍යය විමර්ශනයක ඇති වැදගත්කම වටහා ගැනීමට මා හට හැකි විය. පෙර කරන ලද සාහිත්‍ය පිළිබඳ දැනුම, නව සොයාගැනීම් පරීක්ෂාකර කිරීම තුළ තමා සිදු කිරීමට බලාපොරොත්තු වන පර්යේෂණයේ ඉදිරි මඟ පිළිබඳව අවබෝධ කර ගැනීමට හැකිවිය. එමනිසා පර්යේෂණ ගණනාවක් සාහිත්‍ය විමර්ශනය පිළිබඳ කොටස මගහැර කියවීමට මා උස්සා ගත්තේ සාහිත්‍ය විමර්ශනයක වටිනාකම නොදත් නිසා බව මට දැන් වැටහිණි. පෙර කරන ලද පර්යේෂණ තුළ සාහිත්‍ය විමර්ශනය කියැවීමට අකමැත්තක් මා තුළ පෙරදී තිබුනොත් එහි වටිනාකම අවබෝධ කර ගැනීමට හැකි වීම පාසල් අධ්‍යාපනය තුළ කටයුතු කරන නිලධාරිනියක ලෙස මා හට කොතරම් වටිනාකමක් ඇත්ද ඒ අවබෝධ කර ගැනීමට හැකි වීම මා ලද භාග්‍යයක් කොට සලකමි පර්යේෂණයක සාහිත්‍ය විමර්ශනයෙන් අනතුරුව තෝරාගත් පර්යේෂණ මාතෘකාවට අදාලව පර්යේෂණ ක්‍රමවේදය සකස් කර ගැනීමේදී ජනගහනය ඉලක්ක ජනගහනය නියැදිය තෝරා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් වීම මෙම කාර්යය ඉදිරියට සිදු කිරීමට පිටුවහලක් වූ බව හැඟුණි.දත්ත රැස් කිරීම පිළිබඳවත්, දත්ත රැස් කිරීමේ උපකරණ තෝරාගැනීම පිළිබඳවත්, දත්ත රැස් කිරීමේ ක්‍රම ශිල්ප පිලිබඳවත්, ඉතා හොඳ අධ්‍යයනයක් ලැබූ මා හට ඒ තුළින් සාර්ථක පර්යේෂණයක් සිදු කිරීමට ශක්තියක් ලැබුණු බව මට පසක් විය. පද නිර්වචනය කිරීම, අධ්‍යයනයේ සීමා හා දුෂ්කරතා හඳුනාගැනීම, ආචාරධර්ම පිළිබඳ වත් මෙහිදී මා විශාල දැනුම් සම්භාරයක් ලබා ගතිමි. පර්යේෂණයක වැදගත්ම කොටස වන දත්ත විශ්ලේෂණය සිදු කරන ආකාරය පිළිබඳව ද හැදෑරීමට විශාල උනන්දුව මා තුළ ඇතිවිය.දත්ත රැස් කිරීම තුළින් අනාවරණය කර ගන්නා තොරතුරු මත රූප සටහන්, වගු, ප්‍රස්ථාර මගින් ඉදිරිපත් කිරීමටත්, නිගමන, නිර්දේශ ,යෝජනා ලබාදීමටත්, මේ වන විට හැකියාවක් ලැබී ඇති බව මට ප්‍රත්‍යක්ෂ විය. අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද නායකත්වයක් හා මඟ පෙන්වීමක් ලබා දෙන ඔවුනට වඩා දැනුමෙන්, ක්‍රියාවන්ගෙන් පරිපූර්ණ පුද්ගලයකු විය යුතු බව මා තේරුම් ගත් කරුණකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එනම් සමාජ සඳහා පර්යේෂණයක් දියත් කිරීම පිළිබඳ මා තුළ පැවතියේ බියකි. නමුත් මෙම විෂය ඉගෙනීමෙන් පසු පර්යේෂණයක් දියත් කිරීම හා ඊට අදාළ සැලසුම් නිර්මාණය කිරීමට හැකි ඥානය හා අවබෝධය මා හට ඇතිවිය. ඒ අනුව මෙම විෂය ඉගෙනීමෙන් මා තුළ පර්යේෂණ පිළිබඳ අවශ්‍ය ඥානය වැඩිදියුණු කර ගැනීමට හැකිවිය. ඒ අනුව කිසියම් සිද්ධියක් / ගැටලුවක් සඳහා පර්යේෂණ සැලසුමක් නිවැරදිව නිර්මාණය කිරීමට හැකි ඥානය මා හට උදා වූ බව සතුටින් ප්‍රකාශ කරමි.

    STP9545
    ඉගෙනුම් ඵල අංක 09
    පර්යේෂණ පවත්වා නිගමන සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත

    වසර 8 ක ගුරුවරයකු ලෙස සේවයෙන් අනතුරුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පැමිණීමෙන් පසු අධ්‍යාපන පද්ධතියේ පාසල්වල නියාමන කටයුතු සිදුකිරීමේදී විවිධාකාර ගැටළු පද්ධතිය තුළ දක්නට වීම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට බාධාවක් බව මට හැඟුණි.අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් විවිධ අවස්ථාවන්හිදී පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ ඇතුලත් පර්යේෂණ සගරා ගණනාවක් කියවීමට අවස්ථාව ලැබුණත් පර්යේෂණයක් යනු කුමක්ද? ඒ සදහා භාවිතා කලයුතු ක්‍රමවේද මොනවාද? ඒ අනුව පර්යේෂණයක් සිදු කරන්නේ කෙසේද? පර්යේෂණයක් සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් හෝ පැහැදිළි අවබෝධයක් මා හට පෙර නොතිබුණි. නමුත් මෙම ීඔඡ9545 පාඨමාලාව අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂණ පිළිබදව පුලුල් අවබෝධයක් ලබා ගත් බව මා හට පසක් විය. ඒ සදහා දින පාසල් ඉතාමත් ප්‍රයෝජනවත් වූ බව මට හැඟුණි මෙම ීඔඡ9545 පාඨමාලාව ආරම්භයේ පටන් දේශකතුමා පර්යේෂණයක් මඟින් සිදු කරන්නේ ගැටළුවක් සඳහා විසඳුමක් යෝජනා කිරීමත්, ඒ හරහා අලුත් දැනුමක් සොයා ගැනීමත්, නොදන්නා දෙයක් අනාවරණය කර ගැනීමත් බව මෙම පාඨමාලාව අධ්‍යයනයේදී පැහැදිලිව අවබෝධ කරගැනීමට හැකිවිය. පර්යේෂණ සංකල්පය ප්‍රායෝගිකව නොතිබුණත් අධිකාරී බලයක් මුල් කාලයේ දී පැවති බව ආචාර්ය තුමා කල පැහැදිලි කිරීමෙන් මා හට ප්‍රත්‍යක්ෂ විය. පාඨමාලාව ආරම්භයේ පටන් අවසානය දක්වා ම පැවති දින පාසල් දැනුවත් කිරීම්, දින පාසල් ක්‍රියාකාරකම් ආදී සියලු ඉගෙනුම් අවස්ථා මගින් පර්යේෂණයක් සිදුකිරීමට මෙන්ම පර්යේෂණ පිළිබඳ සොයා බැලීමට උනන්දුවක්, ආශාවක් මා හට ඇති වීය. අධිකාරී බලය,සම්ප්‍රදායන්, අත්දැකීම්, තර්කනය ආදී දැනුම ලබාගැනීමේ විවිධ මාර්ග අතර පර්යේෂණ ක්‍රමයට ප්‍රධාන ස්ථානයක් ලැබෙන බව මා හට පසක් විය. ඒ අනුව පර්යේෂණයක් යනු ගැඹුරින් හා සියුම්ව නැවත පරික්ෂා කිරීම ලෙස ද වටහා ගතිමි. එසේම පර්යේෂණයක ප්‍රධාන පියවර වන ගැටලුව හඳුනාගැනීම, නිර්වචනය කරගැනීම, ප්‍රකාශ කිරීම, පර්යේෂණ ක්‍රමයක් තෝරා ගැනීම, දත්ත රැස් කිරීම, දත්ත විශ්ලේෂණය, නිගමන හා යෝජනා වලට එළඹීම ආදිය පිළිබඳ . එසේම මෙම පාඨමාලාව මගින් විවිධ පර්යේෂණ වර්ග ද හඳුනා ගත හැකි විය. යම් කිසි ගැටළුවකට විවිධ හේතු සාධක බලපෑ හැකි බවත්, එය විවිධ මාතෘකා යටතේ විශ්ලේෂණය කරමින් ගැටළුවට ඇති වී ඇති හේතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් පර්යේෂණය පිළිබඳ විවිධ නිර්වචනයන් ඔස්සේ මෙම ගැටළුව හඳුනා ගැනීම පිළිබඳව ආචාර්ය තුමා ඉතා හොඳින් පැහැදිලි කිරීමෙන් පර්යේෂණයක ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මා හට හැකි විය. පර්යේෂණ යෝජනාවක් සකස් කිරීමේදී, හොඳ පර්යේෂණ යෝජනාවක් ලියන්නේ කෙසේද? යන්නත්,පර්යේෂණ යෝජනාවක අංග පිළිබඳවත්, දේශකතුමා ඉතා හොඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමෙන් පසුව පර්යේෂණ මාතෘකාව හැඳින්වීම, පර්යේෂණ අරමුණු,සාහිත්‍ය විමර්ශනය , පර්යේෂණ ක්‍රමය, සීමා හා දුෂ්කරතා, පද නිර්වචනය, අපේක්ෂිත ප්‍රතිඵල, ආචාර ධර්ම, කාල රාමුව හා ආශ්‍රිත ග්‍රන්ථ ආදිය කොටස් වලින් පර්යේෂණ යෝජනාවක් සමන්විත වන බව අවබෝධ කරගැනීමට හැකි විය. එසේම පර්යේෂණයක් සිදුකරීමේ දී දත්ත විශ්ලේෂණය කරමින් නිගමන හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව ද මා හට ලැබුණි. දත්තවල ස්වභාවය, දත්ත වර්ග, දත්ත රැස් කිරීමේ උපකරණ හා ඒවා තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු, දත්ත රැස් කිරීමේ දී මතුවිය හැකි ගැටලු, දත්ත රැස් කිරීමේ උපකරණයක තිබිය යුතු ගුණාංග, පර්යේෂණ උපකරණ සකස් කිරීම ආදිය පිළිබඳව ද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබීම භාග්‍යක් කොට සලකමි. පර්යේෂණයක් සිදුකර ලබාගත් දත්ත විශ්ලේෂණය කර එමගින් ලබාගත් අනාවරණයන් මත නිගමන ඉදිරිපත් කළ යුතු බව මෙම පාඨමාලාව අධ්‍යයනයෙන් මා හටවබෝධ විය. විශ්ලේෂණය කර තොරතුරු අනාවරණය කරගැනීමේදී අරමුණු පාදකව එය සිදු කිරීම කළ යුතු බව දින පාසලෙන් අවබෝධ කර ගතිමි. ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු ප්‍රස්තාර, වගු, රූපසටහන් මගින් ඉදිරිපත් කිරීමේ හැකියාව මට ලැබුණි.දත්ත රැස් කිරීම සඳහා සකස් කර ගත් උපකරණ වන ප්‍රශ්නාවලියෙන් හා සම්මුඛ සාකච්ඡා මගින් ලබාගත් අනාවරණ මත නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව අධ්‍යයනයෙන් මා හට පැහැදිලි විය. මෙහිදී පර්යේෂණයක් දියත් කර එම පර්යේෂණයට අදාළ දත්ත රැස්කර එම දත්ත විශ්ලේෂණය කර එම විශ්ලේෂණයටම පදනම් වී අනාවරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. මෙහිදී කිසියම් පර්යේණයකට අදාළ දත්ත විශ්ලේෂණය කර එම දත්ත විශ්ලේෂණයට පදනම් වී අනාවරණ හා නිර්දේශ ගොඩනැගිය යුතුය. එය ඉතා සංකීර්ණ කාර්යයකි. එම සංකීර්ණ කාර්යයට අවශ්‍ය කරන්නා වූ අවබෝධ ලබාදිමට මෙම විෂය ඉගෙනීමෙන් හැකියාව ලැබුණි. එමෙන්ම හිතළු ලෙස අනාවරණ ඉදිරිපත් කිරීම මෙතුවට විශ්ලේෂණ මත පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇතිවිය. එමෙන්ම අරමුණු පර්යේෂණ අරමුණුවලට පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ඇතිවිය. එමෙන්ම මෙම විෂයට අදාළ තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතියේ දී මා විසින් දියත් කරන ලද පර්යේෂණයට අනාවරණ හා නිගමන ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ප්‍රායෝගිකව අනාවරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. සමපදස්ථයන්ගේ අදහස් ලබා ගැනීමට සාකච්චා මණ්ඩපය මෙම පාඨමාලාවේ සුවිශේෂී අවස්ථාවකි . පාඨමාලාවේ සපයා ඇති මාර්ගෝපදේශය,අමතර කියවීම් හා දින පාසල් සදහා සහභාගි වීම් මගින් මෙම පාඨමාලාව ඉතා හොඳින් අධ්‍යයනය කිරීමට මා හට හැකි වීම සතුටකි. ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගනිමින් විවිධ පර්යේෂණ කරා ගුරුභවතුන් යොමු කිරීමටත්, මෙම පාඨමාලාව මගින් හැකියාවක් ලැබෙන බව මට අවබෝධ විය. මීට අමතරව අදාළ වූ වෙනත් පොත් පත් ,පර්යේෂණ සගරා සහ අන්තර්ජා ලයේ සම්පත් පරිශීලනය කිරීමටද උනන්දුවක් ඇති වූ බවත්,තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකි වූ බවත් මා හට ප්‍රත්‍යක්ෂ විය.එසේම මෙම දැනුම ගුරු සිසුන් වෙත නොඅඩුව ලබා දීමට ද ඉදිරි කාලයේදී මා හට හැකි වනු ඇත. එමඟින් ඉදිරි රාජකාරිය ජීවිතය තුළ ගැටළු වලට විසඳුම් ලබා ගෙන, එම ගැටළු අවම කිරීම සඳහා මෙම පාඨමාලාවෙන් ලබාගත් දැනුම යොදා ගැනීමට කටයුතු කරමි.එමෙන්ම පර්යේෂණයන් කෙරෙහි ගුරුභවතුන් සඳහා මඟ පෙන්වීමටත්, එමගින් ගැටළු අවම කර ගැනීමටත් ,මෙම අධ්‍යයනයන් මගින් ලබා ගත් අත්දැකීම් පාදක කර ගත හැකි බව මට සිතුණි.
  • Search This Blog

    Powered by Blogger.

    Pages

    Featured Post

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    ADDRESS

    5th Post Ruhunu Ridiyagama, Ambalantota

    EMAIL

    Udana.Rp.Chaminda@Gmail.Com

    MOBILE

    +947 0609 6855