• STP 9540- introduction about course

    සමස්ත පාඨමාලාව පිළිබද ප්‍රත්‍යාව්ක්ෂණය(9540)

    ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් විශේෂඥයෙකු ලෙස ක්‍රියාකිරීමේදී මෙම පාඨමාලාව තුළ ඉගෙනුම් ඵල පහක් යටතේ අධ්‍යනය කිරීමට හැකියාව ලැබුණි. මේ අනුව පියවරින් පියවර ඉගෙනුම් ඵල කරා ළඟාවීම සිදු කරන ලදී. මෙහිදී වැඩිහිටි ඉගෙනුම් ලාභයෙන් තුළ තිබිය යුතු ගති ලක්ෂණ මෙන්ම ඔවුන් හඳුනා ගැනීම් සිදු කරන ලදී. මේ අනුව පාඨමාලාව තුළින් ලබා දුන් දැනුම ඉතා අගය කොට සලකමි. වැඩිහිටි අධ්‍යාපිතයන් සමග ක්‍රියා කළ යුතු ආකාරය හා ඔවුන් ගේ ගති පැවතුම් මොනවාද යන්න පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වීමට දින පාසල් හා ලබාදී තිබූ ඉගෙනුම් සම්පත් ප්‍රයෝජනයට ගැනීම තුළින් මට අවබෝධ විය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ බලපෑම් ඇති කරන සාධක මොනවා ද යන්න අවබෝධ කර ගැනීමටද හැකියාව ලැබුණි. මේ අනුව ඒ සඳහා බලපාන සාධක මොනවාද යන්න පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබූනි. ඒ සඳහා කථිකාචාර්ය තුමිය නිරන්තරයෙන්ම ලබාදුන් උපදෙස් ඉවහල්විය. ඒ අනුව අන්තර්ජාලය තුළ සැරිසරමින් දැනුම ලබා ගැනීමටද අවසතාව සලසා ඇත.මීට අමතරව උචිත ඉගෙනුම් ක්‍රම ශිල්ප පිළිබඳව හා ඒවා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන පරිදි පාටමාලාව සලසුම් කර තිබීම ද ඉතාවැදගත්වේ. මේ අනුව වැඩිහිටි අධ්‍යාපිතයෙකුට ගැලපෙන පරිදි ඉගෙනුම් ක්‍රම ශිල්ප සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීමට හැකියාව ලැබේ. වැඩිහිටි අධ්‍යාපිතයන් සඳහා අවශ්‍ය වන පරිදි පාඩමක් සැලසුම් කිරීම සිදු කල හැක.එහි දී අන්තර්ගත විය යුතු කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකිය. ඒ අනුව සැලසුම් කරන ලද පාඩම් සැලසුම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම මගින් ඒහි තිබූ අඩුපාඩු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. ඒ තුළ සාර්ථක වූ පාඩම් සැලැස්මක් ප්‍රතිශෝධනය කිරීමට හැකියාව ලැබේ. සැලසුම් කළ පාඩම් සැලසුමට ගැළපෙන පරිදි තක්සේරු කරන ක්‍රියාවලිය සැලසුම් කිරීම ඉන් පසු සිදු කරන ලදී. ඒ සඳහා දින පාසල් ඉතා වැදගත් විය. එහි දී ඒ පිළිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට එහිදී සිදුකරන ලද ක්‍රියාකාරකම් ඉතා වැදගත් වේ. පාඨමාලාව අවසන් අදියර වෙත පැමිණිම ඉන්පසුව සිදුවේ ඒ අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඉගැන්වීම් පිළිබඳ විශේෂඥයකු සේ ක්‍රියා කිරීමට හැකියාව ඇති පුද්ගලයෙකු බවට සංවර්ධනය වීමට මෙම පාඨමාලාව ඉවහල් වේ. මෙහිදී පාඨමාලාව තුළින් ලබාගත් උපදෙස් හා මඟ පෙන්වීම අනුව පැමිනි අභියෝග ජය ගැනීමට හා සාර්තකව පාඨමාලාව අවසන් කිරීමට හැකියාව ලැබේ.
  • 0 comments:

    Post a Comment

    Search This Blog

    Powered by Blogger.

    Pages

    Featured Post

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    ADDRESS

    5th Post Ruhunu Ridiyagama, Ambalantota

    EMAIL

    Udana.Rp.Chaminda@Gmail.Com

    MOBILE

    +947 0609 6855