• STP 9846 -INERODUCTION

    හැඳින්වීම
    ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාව තුළ අධ්‍යාපන පාඨමාලාවන් පිළිබඳ ප්‍රත්‍යාවේක්ෂණය කිරීම සඳහා සකස් කරනු ලබන ඉගැන්නුම් කළඹ නව තාක්ෂණය ඔස්සේ සිදු කිරීම හෙවත් E-portfolio පහත දැක්වෙන ආකාරයට අදියර පහක් යටතේ සැලසුම් කරන ලදි. එහිදී අන්තර්ගතය, සංවිධානය, පාඨමාලාව පිළිබඳ ‍ප්‍රත්‍යාවේක්ෂණය, ප්‍රත්‍යාවේක්ෂණ සඳහා උදාහරණ හා සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණය මෙන්ම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ඉදිරිපත් කිරීම යන කරුණු යටතේ ඉගෙනුම් කළඹ සැලසුම් කරන ලදී. මෙහිදී අන්තර්ගතය තුළ පාඨමාලාවේ අධ්‍යනය කරනු ලබන පාඨමාලා හය පිළිබඳව අධ්‍යන කටයුතුවල නියැලෙන ආකාරය මෙන්ම එහිදී මුහුණ දුන් ගැටළු නිරාකරණය කර ගත් ආකාරය පිළිබඳ ස්වයං ප්‍රත්‍යාවේක්ෂණය ඉදිරිපත් කිරීම මෙහි මූලික අරමුණ විය. එහිදී ඉදිරිපත් කරනු ලබන ප්‍රත්‍යාවේක්ෂණ සමස්ත ක්‍රියාවලියට ගැලපෙන ආකාරයට පාඨමාලා හයක් යටතේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබුණු අතර එම පාඨමාලා හය පිළිබඳව ප්‍රත්‍යාවේක්ෂණය කිරීම සඳහා වෙන වෙනම ගොනු සකස් කර ඇත. මීට අමතරව එක් එක් පාඨමාලාව තුළ කුඩා පරිමාණ ව්‍යාපෘති තුනක් බැගින් සමස්ත කුඩා පරිමාණ ව්‍යාපෘති දහඅටක් ද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පාඨමාලාව තුල කුඩා පරිමාණ ව්‍යාපෘති අංක එකට අදාලව සකස් කරන ලද සංකල්ප සිතියම මෙහි ඇතුලත් කර ඇති අතර ඊට අදාළව ඉදිරි සැලසුම් සැලසුම් කර ඇත. මෙහි පාඨමාලා හය යටතේ ඉගෙනුම් ඵල පහ බැගින් සමස්ත ඉගෙනුම් ඵල තිහක් අනාවරණය වන පරිදි අධ්‍යාපනපති පාඨමාලාව සැලසුම් කර ඇත. එම ඉගෙනුම් ඵල තිහට අදාළව එකෙක් පාඨමාලාවට අදාල ගොනුව යටතේ සියලුම ඉගෙනුම් ඵල සඳහා ම ප්‍රත්‍යාවේක්ෂණ ඉදිරිපත් කර ඇත. මීට අමතරව එක් එක් පාඨමාලාව සඳහා කරනු ලබන ක්‍රියාකාරකම් මෙන්ම ඉදිරිපත් කිරීම් කරනු ලැබූ power poin presentation සියල්ල මෙම කළඹ තුල අන්තර්ගත කර ඇත. ඉහත ආකාරයට එක් එක් පාඨමාලාව සඳහා අදාල ඉගෙනුම් ඵල හා ප්‍රත්‍යාවේක්ෂණ ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා උදාහරණ ඊට පහලින් ඉදිරිපත් කර ඇත.
     
    ඉගෙනුම් ඵල (STP9541)
     
     01 විෂයමාලා සංවර්ධනය පිළිබඳ සංකල්පය න්‍යායන් ආකෘති ප්‍රවේශ හා සංවිධාන මූලධර්ම අනුව පවත්නා පාසල් විෂයමාලා විචාරාත්මකව සමාලෝචනය කිරීමට දනී.
     02 විෂයමාලා ඛණ්ඩයක් සැලසුම් කිරීමට ,පිරි සැලසුම් කිරීමට හා සංවර්ධනය කිරීමට දනී.
     03 පිරිසැලසුම් කරන ලද විෂය මාලා වලංගු කිරීමට හා ඒවා ප්‍රතිශෝදනය කිරීමට දනී.
     04 විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පිළියෙල කිරීමට දනී.
     05 විෂයමාලා කටයුතු වලට අදාළ විවිධ ගැටලු විසඳීමට ද හැකියාව ලැබෙනු ඇත.9542 ඉගෙනුම් ඵල

    9542 ඉගෙනුම් ඵල
     
     01 ඉගෙනුම් හා ඉගැන්වීම ඵලදායී සන්නිවේදනයක් ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ග ගවේෂණය.
     02 තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම් පිළිබඳ TPACK රාමුව යොදාගෙන තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරීම.
     03 සුදුසු බහු මාධ්‍ය සමෝදානය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍ය සඳහා අර්ථාන්විත ඉගනුම් අත්දැකීම් නිර්මාණය කිරීම.
     04 තෝරාගත් මෘදුකාංග භාවිතා කර තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීමට.
     05 තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීමට ඔබට හැකිවනු ඇත

    STP 9540 ඉගෙනුම් ඵල
     
     01 වැඩිහිටි ඉගෙනුම් ලාභියාගේ ඉගෙනුම් ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හා හඳුනා හඳුනාගැනීම.
     02 ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යයන් හඳුනාගැනීම.
     03 උචිත ඉගනුම් ඉගැන්වීම් ක්‍රමවේදයක් තෝරා ගැනීම සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම
     04 අධ්‍යාපනඥයන්ගේ සන්දර්භයට ගැළපෙන ආකාරයට තක්සේරුකරණ ක්‍රම හා ප්‍රතිපෝෂණ උපක්‍රම තෝරා ගැනීම, සැලසුම් කිරීම හා සංවර්ධනය
     05 ඉගනුම් ශිල්ප ක්‍රම, තක්සේරුක්‍රම හා ප්‍රතිපෝෂණ උපාය මාර්ගයන් භාවිතය හා ඒවා ප්‍රත්‍යාවේක්ෂණය කිරීම.

    9543 ඉගෙනුම් ඵල
     
    1. ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාව යටතේ ගුරු අධ්‍යාපනඥා වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේදී පාඨමාලාව ඉගෙනුම් ඵල පහක් යටතේ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුනි.
    2. වෘත්තීය ආචාර ධර්ම වර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයිදැයි පැහැදිලි කර ගැනීමටත් ගුරුවරුන් හා ගුරු අධ්‍යාපනඥයින් ලෙස ඔබේ වෘත්තියේ එවැනි ආචාර ධර්ම ඇතුලත් කර ගැනීම
    3. ප්‍රධාන නීති සම්පාදනයේ හිඩැස් සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු හඳුනාගෙන මෙම හිඩැස් මඟහරවා ගැනීම සඳහා උපායමාර්ග යෝජනා කිරීම
    4. අධ්‍යාපනයේ සමාජ,ආර්ථික සහ දේශපාලන සන්දර්භයන්ගෙන් පැන නඟින අනර්ඝණ විශ්ලේෂණය කර ඒවා කළමණාකරනය කිරීමට ඔබේ ශිෂ්‍ය ගුරුවරයාට මඟ පෙන්විම.
    5. ගුරුවරුන්ගේ සවිබලකරණය සඳහා පාසල් පාදක ව්‍යාපෘතින් හි ආකෘති සැකසීමේ හා සංවර්ධනය කිරීමේ කුසලතා විදහා දැක්වීමටත් ඔබට හැකියාව ලබාදෙනු ඇත.

    9544 ඉගෙනුම් ඵල
     
    1. අධ්‍යාපන ආයතනයක් තුල පැන නඟින ගැටලු හඳුනා ගැනීම , ඒවාට විසදුම් සෙවීම හා යෝග්‍ය තීරණවලට එළඹීම.
    2. කළමණාකරන ක්‍රියාවලියට අදාල දැනුම හා කුසලතා භාවිතය.
    3. වෙනස්වීම් සඳහා ඇති බලපෑම හා වෙනස්කම් හඳුන්වා දීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා හඳුනාගැනීම.
    4. සමීප පරිසරයේ ඇති පාරසරික ගැටලු හඳුනාගැනීම හා ඒවා සඳහා වැඩි දියුණු කිරීම් යෝජනා කිරීම.

    9545 ඉගෙනුම් ඵල
     
    1. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු ගැටලුවක් හඳනාගැනීමට.
    2. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු සිද්ධීන් / ගැටලුවලට අදාලව සම්මත ක්‍රම භාවිතයෙන් සාමාන්‍ය විමර්ශනය සිදු කිරීමට
    ීම හඳුනාගත් පර්යේෂණ ගැටලුව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීමට.
    4. අධ්‍යයනය සඳහා විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුලත්ව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම.
    5. අධ්‍යයනයට අදාලව දත්ත රැස් කිරීම විශ්ලේෂණය අර්ථකථනය හා සකස් කිරීම
    6. පර්යේෂණ අධ්‍යයනයට අදාලව අනාවරණයන් වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.
    7. සම්මත ආකාරයට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීම.
    8. අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන් ගැටළු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීම
    9. පර්යේෂණ පවත්වා නිගමන සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත
    ගුරු අධ්‍යාපනපති උපාධි වැඩසටහන යටතේ පාඨමාලා හයක් ධ්‍යනය කිරීමට හැකියාව ලැබුණි එම පාඨමාලා තුළ පළමු අදියර තුළ පාඨමාලා තුනක්ද දෙවන අදියර තුළ පාඨමාලා තුනක්ද ලෙස සමස්ත පාඨමාලාව අවසන් කිරීමට හැකියාව ලැබුණි මෙහිදී පළමු අදියර තුළදී ගුරු අධ්‍යාපනඥ යහ අධ්‍යාපන තාක්ෂණ වේදියෙකු මෙන්ම විෂයමාලා කළමනාකරුවෙකු හා ඉගෙනුම් විශේෂඥයෙකු ලෙස කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව මැනවින් අධ්‍යනය කිරීමට හැකියාව ලැබුණි මෙහිදී මා තුළ ධ්‍යාපන තාක්ෂණය පිළිබඳව යම්තාක් දුරකට අවබෝධයක් තිබූ අතර එහෙත්ගේ ාගේ වෘත්තිය ජීවිතය ඉදිරියට ගෙන යෑම සඳහා මා තුළ තිබූ දැනුම මට්ටම ප්‍රමාණවත් පාඨමාලාව තුළින් වටහා ගැනීමට අවස්ථාවක් සම්පාදනය විය
  • 0 comments:

    Post a Comment

    Search This Blog

    Powered by Blogger.

    Pages

    Featured Post

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    ADDRESS

    5th Post Ruhunu Ridiyagama, Ambalantota

    EMAIL

    Udana.Rp.Chaminda@Gmail.Com

    MOBILE

    +947 0609 6855