• STP 9540- Reflective journal

    STP9540 ඉගෙනුම් ඵලය 01

    වැඩිහිටි ඉගෙනුම් ලාභියාගේ ඉගෙනුම් ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හා හඳුනා හඳුනාගැනීම.
    වසර දහයක පමණ ගුරු ජීවිතේ අත්දැකීම් ලද මා හට විදුහල්පති ශ්‍රේණියේ වස් වසර පහක පමණ අත්දැකීම් අනුව වැඩිහිටි අධ්‍යාපනය ලබන ඉගෙනුම් ලාභියා ගේ ගති ලක්ෂණ පිළිබඳ මා ලද අත්දැකීම් හා සසඳා බැලූ කළ වැඩිහිටි අධ්‍යාපනය ලබන ඉගෙනුම් ලාභියා තුළ පැවති ගතිලක්ෂණ කොතෙක් දුරට මා අත්විඳි දැයි මා හට ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය මාගේ වයසට වඩා වැඩි අත්දැකීම් අතින් බහුල ගුරු පිරිසක් සමග කටයුතු කිරීම තුළ විවිධ ගැටළු වලට මා මුහුණ දීමට සිදුවීම තුළ මට හැඟෙන දේ වනුයේ වැඩිහිටි අධ්‍යාපනය ලබන අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ පිළිබඳ මා ලබා ඇති දැනුම් ප්‍රමාණවත්වත්දැයි පිළිබඳ මට සැකයක් පවතින බවයි මේ අනුව මා විසින් වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ හා ඉගෙනුම් ශෛලීන් හඳුනාගැනීම හා ඉගෙනුම් ඵලය ළඟාකර ගැනීම සඳහා 2020 04.25 වන දින පැවති දින පාසල හා අධ්‍යන හා මාර්ගගත තොරතුරු මගින් තොරතුරු සොයා බැලීම ආරම්භ කරන ලදී මැල්කම් නෝල්ස්ගේ ගති ලක්ෂණ පිළිබඳව දැනුම මා මීට පෙර දැන සිටියේ නැත.මා මීට පෙර විදුහල්පති ශ්‍රේණියේ විවිධ දැනුමවත් කිරීම් වැඩසටහන් වලට සම්බන්ධ වූ අතර එහෙත් වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ මෙසේ පැහැදිලිව හඳුනාගැනීමට සහ මැල්කම් නෝල්ස්ගේ වැඩිහිටි ගති ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නොහැකි විය. මේ නිසා මෙම පාඨමාලාව හැදෑරීම ට ලැබීම පිළිබඳව මට ඇත්තේ මහත් සතුටකි මේ හේතුව නිසා මම උනන්දුවකින් මෙම පාඨමාලාව හැදෑරීම සඳහා තොරතුරු නිතර සොයා බලා කටයුතු කිරීමට අදිටන් කර ගන්නා ලදී . දින පාසල තුළදී අප හට 1.1 ඉගෙනුම් ක්‍රියාකාරකම් කණ්ඩායම් වශයෙන් සිදු කිරීමට අවස්ථාව ලබාදීම නිසා අපගේ සමපදස්තයන් හා හඳුනාගැනීමටද මෙම පාඨමාලාව අවස්ථාවක් විය. එම දින පාසල තුළ අප කණ්ඩායම් වලට බෙද ලබාදුන් ක්‍රියා ක්‍රියාකාරකම් වලට අනුව වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ කණ්ඩායම් මගින් ඉදිරිපත් කිරීම නිසා ඉතා විශාල ගති ලක්ෂණ ප්‍රමාණයක් අවබෝධ කරගැනීමට හැකියාවක් ලැබුණු බව මට හැඟීම්. ඉගෙනුම් ක්‍රම ශිල්ප පිළිබඳව වැඩිහිටි අධ්‍යාපනය ලබන වැඩිහිටියන්ගේ ගති ලක්ෂණ පිළිබඳව වැඩි අවබෝධයක් එදින මට ලබා ගැනීමට හැකිවියවැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණයන් කායික - ප්‍රජානන - සමාජ - චිත්තවේගී වශයෙන් කොටස් වන බව හා ඒ ඒ අංශ වලට වැඩිහිටියන් සුවිශේෂීව පෙන්වන ගති ලක්ෂණයන් මෙම සාකව්ඡාව තුළින් දැනගත හැකිවීම ප්‍රයෝජනවත් විය . එමෙන්ම අප අතරත් ඉදිරිපත්වීම, නායකත්වය , අන් අයට සවන්දීම, අදහස් ප්‍රකාශ කිරීම ක්‍රියාකාරකම් සාමුහික බව ආදී ගුණාංගයන් පිළිබදව අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුණි
    මේ අනුව මා විසින් අවබෝධ කරගත් කරුණක් නම් කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් වැඩි දෙනෙකුගේ අදහස් හා යෝජනා මගින් ගැටළු විසඳා ගැනීමට ඉතා පහසු වන බවයි.මේ අනුව අපගේ සමපදස්ථයන් ඉදිරිපත් කරන ලද විවිධ අදහස් අනුව නායකත්ව ගති ලක්ෂණ ඉදිරිපත් වීම සාමූහික ක්‍රියාකාරකම්වල යෙදීම අදහස් ප්‍රකාශ කිරීම යනාදී ගති ලක්ෂණ බොහොමයක් අවබෝධ කර කරගැනීමට අවස්ථාවක් විය
    . මේ අතරේ එකිනෙකාගේ වෙනස් වූ දැනුම් මට්ටම් සහ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් බලා ලබාදෙන අදහස් මා හට වැදගත් බව හැඟුනි පෙර අත්දැකීම් අනුව තීරණය ගන්නා සමපදස්ථයන්ද ඉදිරිපත් කරන කරුණු වටිනාකමින් යුක්ත බව මට හැඟුනි. මීට අමතරව වැඩිහිටි අධ්‍යාපනය ලබන අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ බොහොමයක් හඳුනා හඳුනාග ගැනීමට එදින දින පාසල තුලදී මට හැකියාව ලැබුණි. වැඩිහිටියන් අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණු වශයෙන් උසස්වීම් ලබාගැනීමට වැටුප් වැඩිකර ගැනීම සඳහා රැකියාවේ ආශාව සමාජ පිළිගැනීම් වෘත්තීයභාවයේ වටිනාකම ආත්මඅභිමානය රැකියා තෘප්තියවැඩි කරගැනීම වැනි කරුණු අනුව නිතරම ඔහු සිතන බව මට හැඟී ගිය කරුණකි. මා මෙන්ම අනෙකුත් සමපදස්තයන් ද මෙම තොරතුරු සොයා බැලීමට නිතර වෙහෙසෙන බව මට හැඟී ගිය
    කරුණකි. මාගේ පාඨමාලාව සාර්ථක කර ගැනීම සඳහා එම තොරතුරු වැදගත් වන බව මට හැඟී ගිය කරුණකි.
    මෙම අත්දැකීම් මීට පෙර ලබා තිබුණා නම් මීට වඩා වෙනස් පුද්ගලයෙකු ලෙස රාජකාරිය කටයුතු කරන්නට ඉඩ තිබිණි ඉදිරියේදිත් මෙම දැනුම භාවිතා කිරීමෙන් සාර්ථකව වැඩිහිටියන් සමග ගනුදෙනු කිරීමට හැකියාවක් ඇති වේ යැයි මම සිතමි. එබැවින් තව තවත් මෙම ගති ලක්ෂණ පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමට අන්තර්ජාලය හා තොරතුරු සෙවිය යුතු බව මා හට අවබෝධ විය. මනා අවබෝධයකින් යුක්තව ඉදිරි කටයුතු සාර්ථකව කර ගැනීම්ට හැකියි වේ යැයි මම සිතමි.

    ඉගනුම් ඵලය-02

    ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යයන් හඳුනාගැනීම.
    ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ පාසල් ගුරු ගුරුවරයෙකු ලෙස වසර පහළොවක පමණ අත්දැකීම් ඇති අතර එහෙත් වැඩිහිටි අධ්‍යාපන පිළිබඳ හා ඔවුන් ඉගෙන ගන්නා ක්‍රියාවලිය පිළිබඳ විශාල අත්දැකීමක් නොමැති අතර ඒ පිළිබඳව අධ්‍යනය කරන ලද්දේ මාගේ විද්‍යාපීඨ කාලය තුළද අත්දැකීම් මෙනෙහි කරමින් වන අතර මෙහිදී හඳුනාගත හැකි ලක්ෂණ බොහෝමයක් හඳුනාගැනීම සඳහා මාගේ සමපදස්තයන් සමග ලබාගත් දැනුම ද දින පාසල තුළින් ලද දැනුම ද ඉවහල් කර ගන්නා ලදී. මේ අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යයන් බොහොමයක් මා හට අවබෝධ කරගැනීමට හැකියාව ලද බව මට හැඟී යන කරුණුකි.
    මෙහිදී ඉගෙනුම පිළිබඳව මූලිකව ඉගනුම් ලාභියාගේ පූද්ගලික සාධක බලපාන බව මට හැඟී ගිය කරුණකි.මේ අනුව ඒ පිලිබදව අවධානය යොමු කරමින් අධ්‍යාපනයේ යෙදෙන කුඩා‍ ශිෂ්‍යයෙකු යම් දෙයක් පිළිබඳව සිතා ඉගෙන ගන්නා ආකාරය ඒ දෙස අත්දැකීම් සහිතව ඉගෙනුම කරා ළඟා කරන විට වෙනස්ව සංජනණය කරන බව මට හැඟී ගිය කරුණකි. මේ පිලිබදව දින පාසල තුළ ලබාදුන් උදාහරණ මගින් හොද අවබෝදයක් ලබාගැනීමට හැකි වු බව මට හැගී යයි.
    මීට අමතරව අධ්‍යාපනික පරිසරය ද ඉතා වැදගත් බව මට හැගී යයි. පන්තිකාමරය ප්‍රියජනක ස්ථානයක් ද යන්න හා ඉගෙනුම් සිදු කරන කාලය ඒ අතර ඇති වන හැඟීම් ඉගෙනුම කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවත් මට හැඟී ගිය කරුණකි. මීට අමතරව ඉගෙනුම කෙරෙහි වයස හා පරිණත භාවය අනිවාර්යයෙන් ම බලපාන බව හඳුනාගත් තවත් ලක්ෂණයක් බව මට හැගී යයි. ඒ පිළිබඳව අප විසින් දැනුවත් වී සිටිය යුතුය මේ නිසා පාරිසරික ගැටලු චිත්තවේගී ගැටළු ආර්තික ගැටලු පවුල් සම්බන්ධ ගැටලු ද ඉගෙනුම කෙරෙහි බලපෑම් ඇති කරන බව මට හැඟී යන කරුණකි. මාස්ලෝගේ මූලික අවශ්‍යතා න්‍යායට අනුව පිළිගැනීම ආරක්ෂාව ලබා නොදීම තුළින් මානසික චිත්ත වේගීය ගැටලු ඇති විය හැකිය. මේ නිසා ඉගෙනුම පසුබට වීමට ද බලපෑම් ඇති කරයි. මේ නිසා ඉගැන්වීම් ලාභියාගේ මානසික මට්ටම පිළිබඳ නිතර සිතා ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කළ යුතුයි යන්න මට හැඟී ගිය තවත් කරුණකි. මේ අනුව වැඩිහිටි අධ්‍යාපනය සමග ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කිරීමේදී මනෝවිද්‍යාත්මක අවශ්‍යතා පිළිබඳ සොයා බැලිය යුතු බව මට හැගී යයි. අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිදුවන පෙළඹවීම ද ගැන දැනුවත් කිරීමේ දී චර්යාවාදී න්‍යාය පිළිබඳ මනා අවබෝධයක් ලැබුණු බව මට හැඟීයයි. පරිසරයේ ඇති හිතකර වාතාවරණයක් ගුරුවරු සමග ඇති සමීප සම්බන්ධතාවය පවුල් පරිසරය දෙමාපිය අධ්‍යාපන මට්ටම සහ කණ්ඩායම් හා වර්තමාන මාධ්‍ය ජාල හා අන්තර්ජාල කටයුතු ඉගෙනුමට බලපාන බව ද ඒ තුළින් සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක් සිදු කරගත හැකි බවට මට හැඟී යන කරුණකි
    . මේ අනුව පැහැදිලි වන්නේ වැඩිහිටි ඉගෙනුම කෙරෙහි බලපෑම් ඇති කළ හැකි විචල්‍යයන් පිළිබඳ අධ්‍යනයනය කිරීමෙන් ලබාගත් දැනුම අනුව තවදුරටත් වැඩිහිටි ඉගෙනුම් ලාභීන් සමග ගනු ගනුදෙනු කිරීමේදී මෙම ලබාගත් දැනුම සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට කට මග පාදා ගත හැකි බව මට හැඟේ
    .
    9540 – 03
    • උචිත ඉගනුම් ඉගැන්වීම් ක්‍රමවේදයක් තෝරා ගැනීම සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම
    ගුරුවරයෙකු ලෙස වසර 15ක පමන ඉගනුම් ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ලද මා හට ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ එම ක්‍රියාවලිය සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ යුත්තේ තෙසේ දැයි ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කර ගත යුත්තේ කෙසේ දැයි පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව මට හැගීයයි. මේ අනුව මා විසින් සිදු කරන ලද ඉගනුම් ක්‍රියාවලිය තුළ බොහෝ අඩුපාඩු තිබූ බව අනාවරණය කර ගත හැකි වීම මෙම පාඨමාලාව ඉතා වැදගත් වූ බව මට හැගේ. වසර 15ක් තුළ ඉගනුම් ක්‍රියාවලිය තුළ මා විසින් විවිධ අඩුපාඩු සහිතව ඉගැන්වීම් කටයුතු සිදු කළ බව මට හැඟෙන කරුණකි. මා විසින් අනුගමනය කරන ලද ඉගනුම් ක්‍රම ශිල්ප කාලීනව වැදගත් නොවන ඒවා බවද එම ඉගනුම් ක්‍රියාවලිය සැලසුම් කිරීමේ දී කරන ලද අඩුපාඩු පිළිබඳ අවබෝධ කර ගැනීමට මෙම පාඨමාලාව ඉතා වැදගත් වූ බව මට හැගීයයි.
    මේ අනුව පාඨමාලාව තුළින් ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් මා නිවැරදිව පරිශීලනය කළ අතර ඉන් ලද දැනුම ඉතා වටිනා බව මට හැගීයන ලදී. මීට අමතරව දින පාසල තුළින් මාගේ කථිකාචාර්යතුමිය ලබා දුන් උපදෙස් මෙන්ම එහිදී සිදු කරනු ලැබූ ක්‍රියාකාරකම් සඳහා මා සතුටින් සම්බන්ධ විය. ඒ තුළින් ලද අත්දැකීම් මෙන්ම මාගේ සමපදස්තයන් ලබා දුන් උපදෙස් ද මා හට වැදගත් වූ බව මට හැගීයයි. මේ අනුව මා විසින් සැලසුම් කරන ලද පාඩමට අදාළව ඉගනුම් ඉගැන්වීම් ක්‍රමශිල්ප තෝරා ගැනීම සිදු කරන ලදී. මෙහිදී වැඩිහිටි අධ්‍යාපනඥයන් සඳහා ගැළපෙන ඉගෙනුම් ක්‍රම ශිල්ප තෝරා ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම පාඨමාලාව තුළින් ලැබූ බව මට හැගේ. ඒ අනුව පාඩම් සැලසුම සකස් කිරීම සිදු කරන ලදී. එහි ඇති අඩුපාඩු පිළිබඳ කුඩා පරිමාණ ව්‍යාපෘති අංක 2ට අදාළව සිදු කරන ලදී.
    ඉදිරිපත් කිරීමේ දී හඳුනා ගැනීමට හැකිවිය. මේ අනුව ලබා දුන් උපදෙස් අනුව නිවැරදි පාඩම් සැලසුම සකස් කිරීම සිදු කරන ලදී. ඒ සඳහා කථිකාචාර්ය තුමිය ලබා දුන් උපදෙස් ප්‍රයෝජනවත් විය.
    මේ අනුව ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළව නිවැරදි ඉගනුම් ක්‍රමවේදයන් තෝරා ගැනීම සිදු කරන ලදී. ඒ තුළින් වැඩිහිටි අධ්‍යාපනඥයන් සඳහා ඉතා සාර්ථක ඉගනුම් ක්‍රියාවලියක් සිදු කරන ලද බව වැඩිහිටි අධ්‍යාපනඥයන් ලබා දුන් තොරතුරු අනුව පැහැදිලි වේ.
    මෙම පාඨමාලාව සඳහා ඉතා සාර්ථකව අධ්‍යාපනය තුළින් ඉගනුම් ක්‍රියාවලිය නිසි ක්‍රමවේදකයට අනුව සැලසුම් කිරීම හා නිවැරදි ඉගනුම් ක්‍රම ශිල්ප භාවිතා කිරීමට හැකි වූ බව මට හැගීයයි. මේ අනුව වෘත්තීය ජීවිතය තුළ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවිධානය කිරීමේ දී නිවැරදි ඉගනුම් ක්‍රම ශිල්ප තෝරා ගැනීම හා සැලසුම් කිරීම තුළින් ඉදිරි ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි බව මට හැගීයයි.

    9540 – 04
    • අධ්‍යාපනඥයන්ගේ සන්දර්භයට ගැළපෙන ආකාරයට තක්සේරුකරණ ක්‍රම හා ප්‍රතිපෝෂණ උපක්‍රම තෝරා ගැනීම, සැලසුම් කිරීම හා සංවර්ධනය
    ගුරු අධ්‍යාපනඥයකු ලෙස පාඨමාලාව හැදෑරීම තුළින් වැඩිහිටි අධ්‍යාපනඥයෙකු හට සැලසුම් කරන ද පාඩමක් සඳහා ඊට අදාළ තක්සේරැකරණ ක්‍රියාවලිය නිසි ලෙස සැලසුම් කිරීම පිළිබඳ මනා අවබෝධයක් මා හට නොතිබුණි. ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතා දීර්ඝ කාලයක් සිදු කල ද එම ක්‍රියාවලිය තුළ වැඩිහිටි අධ්‍යාපනඥයන් හට ඉගැන්වීමි පිළිබඳ අවබෝධයක් මා හට නොතිබුණි. මා පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කිරීම තුළ ලද අත්දැකීම් අනුව පාසල් සිසුන් හට තක්සේරුකරණය සැලසුම් කිරීම කළද වැඩිහිටි අධ්‍යාපනඥයන් සඳහා තක්සේරුකරණය ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොතිබුණි.
    මා විසින් පාඨමාලාව හැදෑරීම තුළ පාඨමාලාව තුළින් ලද අත්දැකීම් අනුව නිවැරදි හා ඵලදායී තක්සේරුකරණ ක්‍රියාවලියක් සිදු කිරීමට හැකියාව ලැබුණු බව මට හැගී යයි. මේ සඳහා ලබා දී තිබූ OER හා දින පාසල් තුළින් ලද ක්‍රියාකාරකම් පාදක දැනුම ඉතා ප්‍රයෝජනවත් වූ බව මට හැගීයයි.මෙහිදී සිද්ධි පාදක ඉගනුම් ක්‍රියාවලිය තුළ ලබා ගත් දැනුම හා සමපදස්තයන් සමඟ සාකච්ඡා කර ලබා ගත් දැනුම ඉතා ප්‍රයෝජනවත් වූ බව මට හැගේ. වැඩිහිටි අධ්‍යාපිතයන් සඳහා සැලසුම් කළ යුතු තක්සේරුකරණ ක්‍රමවේදය පාසල් සිසුන් සඳහා සැලසුම් කරන ලද තක්සේරුකරණයට වඩා වෙනස් බව පාඨමාලාව හැදෑරීම තුළින් අවබෝධ විය. දින පාසල තුළ මාගේ කථිකාචාර්යතුමිය නිරන්තරයෙන් අප කණ්ඩායම් වලට බෙදා ක්‍රියාකාරකම් පාදකව ලබා දුන් දැනුම මෙන්ම සෑම කණ්ඩායමකම මාගේ සමපදස්තයන් කළ ඉදිරිපත් කිරීම තුළින් සියලු දෙනාගේ අදහස් හා යෝජනා අනුව නිවැරදි වූත් පැහැදිලි වූත් තක්සේරුකරණ ක්‍රිමවේදයන් ගොඩ නගා ගැනීමට හැකිවූ බව මට හැගීයයි.
    මෙම තක්සේරු ක්‍රමවේදය තුළ ඊට අදාළ ප්‍රතිපෝෂණ ලබා දීම ඉතා වැදගත් බව මට හැගීයන ලදී. මෙහිදී වැඩිහිටි සිසුන්ට ගැලපෙන පරිදි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සිදු කරගත යුතු බව මට අවබෝධ විය. මේ අනුව දුර්වල සිසුන්හට ප්‍රතිපෝෂණ උපාය මාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සාර්ථකව සිදු කරන ලදී. ඊට අමතරව දක්ෂ සිසුන් සඳහා ඉදිරි පෝෂණ ලබා දීම ද වැදගත් බව මා හට හැගී ගිය තවත් කරුණකි. මේ අනුව දක්ෂ සිසුන් සඳහා ඉදිරි පෝෂණ හා පසු වැඩ ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම සිදු කරන ලදී.
    මේ අනුව සැලසුම් කරන ලද පාඩමේ ඉගනුම් ඵල වැඩිහිටි සිසුන් හට අවබෝධ කරවීම ඉකා පහසු වූ බව මට හැගේ. මේ සඳහා අන්තර්ජාලයේ ඇති තොරතුරු සිංහලයට පරිවර්තනය කරමින් හා කුඩා පරිමාන ව්‍යාපෘති 3ට අදාළව ව්‍යාපෘති වාර්තාව සකස් කිරීම තුළද මාගේ දැනුම තවත් සංවර්ධනය කර ගත හැකි වූ බව මට හැගීයයි.
    මේ අනුව පාඨමාලාව අවසාන අදියර කරා ළගා වන විට වැඩිහිටි අධ්‍යාපනඥයකු සඳහා පාඩමක් සැලසුම් කිරීම මා ඉගැන්වීම් කටයුතු සිදු කිරීම රටේ පවතින තත්ත්වයත් සමඟ අභියෝගයක් විය. එහෙත් කථිකාචාර්ය තුමිය ලබා දුන් උපදෙස් අනුව මාර්ගත ක්‍රමයට සිසුන් සම්බන්ධ කර ගනිමින් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන ලදි ඒ අනුව මාගේ වැඩිහිටි සිසුන් හට නිවැරදි ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන ලද බව මට හැගීයයි. මෙම පාඨමාලාව හැදෑරීම තුළ වැඩිහිටි සිසුන් සඳහා පාඩමක් සැලසුම් සහගතව සකස් කිරීම තුළ ඊට අදාළ තක්සේරුකරණ ක්‍රියාවලිය ඉතා ඵලදායීව සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීමට හැකියාව ලැබීම තුළ මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය සාර්ථක කර ගත හැකි බව මට හැගීයයි.
    මේ අනුව මා විදුහල්පතිවරයෙකු ලෙස පාසල තුළ මාගේ ගුරුභවතුන් හට විවිධ වැඩසටහන් සැලසුම් කරමින් ඊට අදාළ තක්සේරුකරණ ක්‍රියාවලිය ද ඇතුළත් කරමින් නිවැරදි ගුරු සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙමි.

    9540 – 05
    5) ඉගනුම් ශිල්ප ක්‍රම, තක්සේරුක්‍රම හා ප්‍රතිපෝෂණ උපාය මාර්ගයන් භාවිතය හා ඒවා ප්‍රත්‍යාවේක්ෂණය කිරීම.
    ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස ඉගනුම් ඉගැන්වීම් කාර්යය තුළදී ඉගනුම් ක්‍රම ශිල්ප, තක්සේරුක්‍රම හා ප්‍රතිපෝෂණ උපාය මාර්ග භාවිතය පිළිබඳ මනා දැනුමක් මා හට නොතිබූ බව තහවුරු වූයේ පාඨමාලාව හැදෑරීම තුළිනි. ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වසර 15ක කාලයක් තිස්සේ කර ගෙන එන ලද අඛණ්ඩ ක්‍රියාවලියකි. එහෙත් එහි ඇති අඩුපාඩු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පාඨමාලාව ඉවහල් වූ බව මට හැගීයයි. ඒ අනුව ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තව කෙතෙකුත් දෑ අධ්‍යයනය කිරීමට තිබෙන බව අවබෝධ වීමට ද මෙම පාඨමාලාව ඉවහල් වූ බව මට හැගීයයි.මේ අනුව සිදු කරන ලද ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ අඩුපාඩු සොයා බැලීමට හා එම අඩුපාඩු මග හරවා ගැනීමට මෙන්ම මා තුළ තිබූ ශක්‍යතා අවබෝධ කර ගනිමින් එම ශක්‍යතා වර්ධනය කර ගැනීමට ද පාඨමාලාව ඉවහල් වූ බව හැගීයයි.
    ඒ සඳහා පාඨමාලාව තුළ ක්‍රියාතත්මක කරන ලද දින පාසල් මෙන්ම පාඨමාලාව තුළ ලබා දී තිබූ OER ඉතා වැදගත් වූ බව මට හැගීයයි. මෙහිදී ඉගනුම් ශිල්පීය ක්‍රම අතර වැඩිහිටි අධ්‍යාපිතයන් සඳහා ගැලපෙන ඉගනුම් ක්‍රම ශිල්ප මොනවාද ඔවුන්ට ගැලපෙන තක්සේරුක්‍රම මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට දින පාසල් තුළ දී හැකියාව ලැබුණු බව මට හැගීයයි. මීට අමතරව වැඩිහිටි අධ්‍යාපිතයන් සඳහා ගැළපෙන ඉගනුම් ක්‍රියාවලියක් සම්පාදනය කිරීම මීට පෙර සිදු කර නොතිබුණි. ඒ අනුව ඒ පිළිබඳ අත්දැකීමක් මා හට නොතිබූ අතර එහෙත් පාඨමාලාව තුළදී ලබා ගත් අත්දැකීම් පාදක කර ගනිමින් සාර්ථක ඉගනුම් ක්‍රියාවලියක් සිදු කිරීමට හැකි වූ බව මට හැගීයයි. මෙහිදී මා විසින් ඉගැන්වීම් කටයුතු සිදුකිරීම කරන ලද්දේ zoom තාක්ෂණය ඔස්සේ වන අතර එය ප්‍රායෝගිකව ඉගැන්වීමට හැකි වූයේ නම් මීට වඩා අත්දැකීමක් ලබා ගැනීමට හැකිවේ යැයි මට සිතේ. එහෙත් පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉතා සාර්ථක ඉගනුම් ක්‍රියාවලියක් සිදු කිරීමට හැකි වූ බව මට හැගේ.
    එහිදී වඩා වැදගත් කාර්යය වූයේ තක්සේරුකරණ ක්‍රියාවලියයි.මේ අනුව පාඨමාලාව තුළින් ඇගයීම හා ත්කසේරුකරණ ක්‍රියාවලිය ගැන ගැඹුරින් අධ්නය කරන්නට ලැබීම ඉතාමත් ඵලදායී වූ බව මට හැගීයයි. මේ අනුව අවබෝධයකින් යුතුව සම්භවන හා සම්පිණ්ඩන තක්සේරුකරණ ක්‍රියාවලිය සැලසුම් කිරීමට හැකි වූ බව මට හැගේ.
    මීට අමරතව සැලසුම් කරන ලද තක්සේරුකරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරිම තුළීන් හඳුනාගත් ගැටලු වලට ප්‍රතිපෝෂණ ලබා දීමත් ශක්‍යතා වලට ඉදිරි පෝෂණ ලබා දීම කෙසේ සිදු කරන්නේ ද යන්න හොඳ අවබෝධයක් ලැබුණු අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම තුළ ක්‍රියාවලිය සාර්ථක වූ බව හැගීයයි.
    මේ අනුව ලබා දෙන ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ වැඩිහිටියන්ට ගැලපෙන පරිදි ලබා දීම සිදු කරන්නේ කෙසේද යන්න පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවමට හැගීයයි. වැඩිහිටි අධ්‍යාපිතයින් සඳහා සැලසුම් කරන ලද ඉගනුම් ක්‍රම ශිල්ප පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම පාඨමාලාව තුළින් ලබා ගත් තවත් ජයග්‍රහණයකි. මේ අනුව සමස්ත ක්‍රියාවලිය තුළ සාර්ථක ඉගනුම් ඉගැන්වීම ක්‍රියාවලියක් සැලසුම් කිරීමේ දී ඉගනුම් ක්‍රමවේදය මෙන්ම ඇගයීම හා තක්සේරුකරන ක්‍රියාවලිය ද ඒ සඳහා ලබා දෙන ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ පිළිබඳ පාඨමාලාව තුළින් ලබා ගත් දැනුම පාදක කර ගනිමින් මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය තුළ සාර්ථක වූ ඉගනුම් ක්‍රියාවලිය සැලසුම් කිරීඹට මෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකිවණු ඇතැයි මට සිතේ.
  • 0 comments:

    Post a Comment

    Search This Blog

    Powered by Blogger.

    Pages

    Featured Post

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    ADDRESS

    5th Post Ruhunu Ridiyagama, Ambalantota

    EMAIL

    Udana.Rp.Chaminda@Gmail.Com

    MOBILE

    +947 0609 6855