• STP 9545 Reflective

    9545-01
    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු ගැටලුවක් හඳනාගැනීමට.

    ගුරු අධ්‍යාපනඥයකු පර්යේශකයෙකු ලෙස කටයුතු කිරීමේදී මා විසින් අධ්‍යයනයකට ලක් කිරීමට අවශ්‍ය ගැටලුවක් හඳුනාගැනීම ඉතා වැදගත් විය. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විවිධ ගැටලු පවතින අතර එම ගැටලු නිසි ක්‍රමවේදයකට අනුව හඳුනාගැනීම ප්‍රමුඛ කාර්යයක් විය. මේ සඳහා අවශ්‍ය න්‍යායාත්මක පසුබිම පිළිබඳව සැලකිය යුතු දැනුමක් මා හට නොතිබුනි. එහෙත් පාඨමාලාව අධ්‍යයනය කිරීමත් සමඟම ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම මූලික කරුණක් බව මට හැඟී යන ලදි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා තිබූ ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීම තුලින් ලබාගත හැකි බව අවබෝධ විය. ඒ සමඟම පලමු දින පාසල මේ සඳහා ඉතා වැදගත් වූ බව මට හැඟීයන ලදි. පලමු දින පාසල තුලදී කථිකාචාර්යතුමන් විසින් දැනුවත් කල පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලුවක් හඳුනාගැනීම සිදුකරන ලදි. බොහෝ ගැටලු පැවතියද පර්යේෂණය ඉදිරියට ක්‍රියාත්මක කිරීම මෙන්ම දත්ත ලබාගැනීම හා එම දත්ත පදනම් කර ගනිමින් ව්‍යාපෘති වාර්තාව සැකසීම මෙන්ම නිගමන හා යෝජනා ලබාදීමට හැකි මාතෘකාවක් තෝරාගැනීම වැදගත් බව පලමු දින පාසල තුලදි අවබෝධ විය. මේ අනුව හම්බන්තොට කලාපය ඉලක්කගත කරගනිමින් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීම හැකිවන පරිදි ගැටලුවට මාතෘකාවක් සකස් කර ගැනීම වැදගත් බව හැඟීයන ලදි. ඒ අනුව තෝරාගත් කලාපයේ ග්‍රාමීය පාසල් තුල පවතින අධ්‍යාපන සංවර්ධනය බලපාන පාසල් හා පාරිසරික සාධක පිළිබඳ අධ්‍යයනය කිරීමට වැදගත් බව අනාවරණය විය. මේ සඳහා නිරන්තරයෙන් කථිකාචාර්යතුමන් සමඟ සංවාදයේ යෙදෙමින් ගැටලුවට අවශ්‍ය පසුබිම හඳුනාගැනීම මෙන්ම එහි අරමුණු සකස් කරගැනීම දක්වා අවශ්‍ය උපදෙස් පාඨමාලාව තුල පැවති බව මට හැඟේ. මෙහිදී ගැටලුවක් සුවිශේෂී කර ලියන ආකාරය එම ගැටලුව සුවිශේෂී කිරීමේදී කළ යුතු දේවල් පිළිබඳවත් මූලික අවබෝධයක්වත් නොමැතිව සිටි මා හට විෂය ඉගෙනීම හරහා ඊට අවශ්‍ය මූලික දැනුම ලබාගැනීමට හැකිවිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවක් හඳුනාගැනීම සඳහා ක්‍රියාකළ යුතු ආකාරයත් එම ගැටලුවල ස්වභාවය තේරුම් ගැනීමටත් අවශ්‍ය මූලික දැනුම හා ඥානය මෙම විෂය මඟින් ලබාගැනීමට හැකිවිය. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය යනු සමාජවිද්‍යා විෂයක් නිසා සමාජවිද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ ගැටලුවක් හඳුනාගැනීමත් එය සුවිශේෂී කර ලිවීමටත් අවශ්‍ය දැනුම ලබාගැනීමට මෙහිදී අවකාශය උදාවිය. අධ්‍යාපන ක්ෂේත්‍රය දෙස අවධානයෙන් බලන විට එහි පවතින ගැටලු පෙරට වඩා මනා ලෙස සංජානනය වීම මේ වනවිට මා තුළ වර්ධනය වී තිබේ. එයට හේතුව වන්නේ මෙම පාඨමාලාවේ මෙම විෂ්‍ය මඟින් ලබාදුන් අවබෝධය නිසාය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු අතරින් ප්‍රබල ගැටලු ප්‍රමුඛතාකරණය කර ගැනීමට අවශ්‍ය මූලික දැනුම මෙම විෂය මඟින් මා හට ලබාගැනීමට හැකිවිය. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතා සුවිශේෂී ගැටලු මෙනවාද? එම ගැටලු අධ්‍යනය කිරීමේ වැදගත්කම මේ හරහා අවබෝධ කර ගැනීමට හැකිවිය. මීට අමතරව සමපදස්ථයන් සමඟ සාකච්ඡා කරමින් ලබා ගත් තොරතුරුද පදනම් කර ගනිමින් තෝරාගත් ගැටලුව සඳහා ඉදිරි සැලසුම් සකස් කිරීම සිදුකරන ලදි. එසේ පර්යේෂණයට ලක්කර ගත හැකි මාතෘකාවක් තෝරාගැනීම නිසා අවශ්‍ය ඉදිරි කටයුතු සැලසුම් සහගත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු බව මට හැඟේ. මේ සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට අවශ්‍ය පසුබිම අධ්‍යනය මගින් ලැබුනි. එය ඉතා වැදගත් බව පාඨමාලාව තුලින් අවබෝධ වූ වැදගත් කරුණකි. 01 සමසදස්තයන් සමග දැනුම බෙදාගැනීම
    02 ලබාදී තිබු ඉගනුම් සම්පත් බාවිතය https://wiki.creativecommons.org/What_is_OER%3F OER ys wjYH;dj - http://wikieducator.org/OER4Ed/Why_OER03 wka;¾cd,h Ndú;h yd Èk mdi,a u.ska ±kqu ,nd.ekSu 03 දින පාසල් හා සම්බන්ධ වීම


    9545-02
    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමට සුදුසු සිද්ධීන් / ගැටලුවලට අදාලව සම්මත ක්‍රම භාවිතයෙන් සාමාන්‍ය විමර්ශනය සිදු කිරීමට

    ගුරු අධ්‍යාපනඥයෙකු පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී පාඨමාලාවට අදාලව තෝරාගත් මාතෘකාව යටතේ සාහිත්‍ය විමර්ශනය කිරීම ඉතා වැදගත් වූ බව පාඨමාලාව තුලින් අවබෝධ වූ බව මට හැඟේ. එසේ ගැටලුවට අදාලව සාහිත්‍ය විමර්ශනය පිළිබඳ අවබෝධයක් මා තුල නොතිබුනි. සාහිත්‍ය විමර්ශනය ලිවීම පිළිබඳ මනා දැනුමක් පාඨමාලාව තුලින් ලැබුණු බව මට හැඟේ. මෙහිදී මීට පෙරද කුඩා පරිමාණ ව්‍යාපෘති ලිවීම සිදු කරන ලද අතර එසේත් එම පාඨමාලා තුලින් ලද දැනුමට වඩා පුළුල් දැනුමක් 9545 පාඨමාලාව තුලින් ලැබුණු බව මට හැඟේ. එසේ වීමට හේතුව වන්නේ සාහිත්‍ය විමර්ෂනය පිළබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් මෙහිදී ලැබුණු නිසාවෙනි. මේ සඳහා ලබාදී තිබූ දැර මෙන්ම දින පාසල තුලින් ලැබුනු ක්‍රියාකාරකම් පාදක අත්දැකීම් ඉතා වැදගත් වූ බව මට හැඟේ. මෙහිදී සාහිත්‍ය විමර්ශනයන් මූලික අදියර 2 ක් ඔස්සේ (න්‍යායාත්මක/ ආභාෂය) සිදුකරන බවද එම නිසා පර්යේෂණාත්මක සාහිත්‍ය විමර්ෂනය සඳහා තොරුතුරු රැස් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මනා අවබෝධයක් ලැබුනි. මේ අතර ආනුභාවික සාහිත්‍ය විමර්ශනය ඉතා වැදගත් විය. එහිදී ගැටලුවට අවශ්‍ය තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවිය. ගැටලුව පිළිබඳ මැනවින් අධ්‍යයනයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට සාහිත්‍ය විමර්ශනය වැදගත් වූ බව මට හැඟී යයි. මේ තුලින් ගැටලුවට අදාල තොරතුරු රැසක් එක්රැස් කරගැනීමට හැකිවිය. විශේෂයෙන්ම න්‍යායාත්මක සාහිත්‍ය විමර්ශනය යනු කුමක්ද යන්න පිළිබඳව පූර්ණ අවබෝධයක් මේ හරහා ඇතිවිය. ගැටලුවට පදනම් වන න්‍යායන් මේ යටතේ පරිශීලනය කරන අතර ගැටලුවේ සැබෑ තත්වය හඳුනාගැනීමට මෙය මහත් අලෝකයක් ලබාදෙන බව අවබෝධ විය. ඒ අනුව කිසියම් පර්යේෂණ ගැටලුවකට පදනම් වන න්‍යායයන් න්‍යායාත්මක සාහිත්‍ය විමර්ශනය මඟින් හැකිවන බව අවබෝධ විය. එමෙන්ම ගැටලුවට සම්බන්ධ ක්ෂේත්‍රයේ පෙර සිදුකර ඇති පර්යේෂණ ආනුභාවික සාහිත්‍ය ලෙස හැඳින්විය හැක. ආනුභාවික සාහිත්‍ය මඟින් ගැටලුවට අදාළ විසඳුම් එමෙන්ම ගැටලුවේ සැඟවුණු සියුම් තැන් හඳුනාගැනීමට හැකිවන බව මෙහිදී අවබෝධ්‍යක් ඇතිවිය. මෙම පාඨමාලාවේ පළමු කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් සාහිත්‍ය විමර්ශනයට අදාළ සංකල්ප රාමුවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදුන් අතර එමඟින් තවදුරටත් සාහිත්‍ය විමර්ශනය පිළිබඳ මූලික අවබෝධයක් ඇතිකර ගැනීමට හැකිවිය. ගැටලුවට අදාල සම්මත ක්‍රම භාවිතා කරමින් සාහිත්‍ය විමර්ශනය ලියා දැක්වීම සිදු කිරීමට හැකියාව ලැබුනි. මේ අනුව පර්යේෂණයට අදාලව තොරතුරු රැස්කිරීම මෙන්ම තොරතුරු සමාලෝචන කිරීමට පහසු විය. එමඟින් සාර්ථකව ගැටලුව විමර්ශනය කරමින් වාර්තාව සකස් කිරීමට හැකියාව ලැබුනි. ඒ අනුව පාඨමාලාව තුල සක්‍රීයව සිටිමින් ලබාගත් තොරතුරු අනුව පර්යේෂණ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීම මෙන්ම පර්යේෂණ ක්‍රියාවලිය ඉතා වැදගත් අංගයක් ලෙස සාහිත්‍ය විමර්ශනය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. මේ අනුව මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය සඳහා ලබාගත් දැනුම පාදක කර ගනිමින් සාර්ථක පර්යේෂණ බවට පත්වීමේ හැකියා ලැබෙනු ඇතැයි මට සිතේ.

    9545 -03
    හඳුනාගත් පර්යේෂණ ගැටලුව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීමට.

    ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී හඳුනාගත් පර්යේෂණ ගැටලුවට අදාලව අධ්‍යයනයට යෝග්‍ය පර්යේෂණ පිරිසැලසුම් ක්‍රම තෝරාගැනීම ඉතා වැදගත් විය. මේ පිළිබඳ මා තුල දැනුමක් නොතිබූ අතර දින පාසල තුලින් ලබාදුන් දැනුම අනුව අවශ්‍ය පර්යේෂණ පිරිසැලසුම් ක්‍රම තෝරාගැනීමට හැකියාව ලැබුනු බව මට සිතේ. මේ සඳහා පර්යේෂණ මාතෘකාවට අනුව පිරිසැලසුම් ක්‍රමය පිළිබඳ කථිකාචාරයතුමන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කල අතර එතුමන් ලබාදුන් උපදෙස් අනුව පිරිසැලසුම් ක්‍රමය තෝරාගැනීමට හැකිවිය. ඒ අනුව පර්යේෂණ ක්‍රියාවලියක් කළ පිරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීම වැදගත්බව අවබෝධ විය.මීට අමතර ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් පරිහරණය කරමින් ලබාගත් තොරතුරු මාගේ දැනුම වැඩි කර ගැනීමට ඉවහල් විය. එලෙසම දෙවන දින පාසල තුලදී සිදුකරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලින් මාගේ සමපදස්තයන් සමඟ සාකච්ඡා කර ලබාගත් තොරතුරු වැදගත් වූ බව මට හැඟේ. විශේෂයෙන්ම ප්‍රමාණත්මක හා ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශ දෙකෙහි වෙනස්කම් සමානගම් මොනවාද යන්න පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් ඇතිකර ගැනීමට හැකිවිය. විශේෂයෙන්ම මෙම පර්යේෂණ ක්‍රමවේද දෙක සඳහා භාවිතා කළ හැකි පර්යේෂණ පිරිසැලසුම් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීමට හැකියාව උදාවිය. එමෙන්ම ඒ ඒ පිරිසැලසුම් වල ලක්ෂණ අවබෝධවීම නිසා පර්යේෂණ ගැටලුවකට සුදුසු පර්යේෂණ ක්‍රමවේදය හා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී යොදාගත යුතු පර්යේෂණ පිරිසැලසුම නිශ්චිතව හඳුනාගැනීමට අවැසි දැනුම මෙම විෂය ඉගෙනීම තුළින් මා හට ඇති විය. විශේෂයෙන්ම පර්යේෂණ ක්‍රමය හා පර්යේෂණ පිරිසැලසුම යන දෙකෙහි ඇති වෙනස පිළිබඳ එතරම් අවබෝධයක් මා තුළ නොතිබුණු අතර එම වෙනස මැනවින් අවබෝධ කරගැනීමට මෙම පාඨමාලාව මඟින් අවකාශය උදාවිය. පර්යේෂණ ප්‍රවේශ හා ක්‍රමවේදයන් ගණනාවක් උගත් අතර මාගේ පර්යේෂණ ගැටලුවට වඩාත් උචිත පර්යේෂණ ප්‍රවේශය හඳුනාගැනීමට එමඟින් අවකාශය උදාවිය. මේ වන විට ඕනෑම පර්යේෂණ ගැටලුවක් සඳහා උචිත පර්යේෂණ පිරිසැලසුම හඳුනාගැනීමට හැකියාව මා සතුව පවතින බව සතුටින් පැවසිය යුතුය. මේ අනුව පර්යේෂණ ගැටලුව හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාව සම්පාදනය විය.ඒ අනුව ගැටලුව අධ්‍යයනය කිරීම තුලින් ගැටලුවේ අභ්‍යන්තර පසුබිම හොඳින් අවබෝධ කරගත හැකිවීම තුල ඒ සඳහා පසුබිම් වූ කරුණු රැසක් අනාවරණය කරගත හැකි වූ බව හැඟේ. මේ අනුව ඒ ඒ කරුණුවලට අදාලව තොරතුරු රැස්කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගත හැකිවිය. මේ අනුව පර්යේෂණ ක්‍රමයක් ලෙස විස්තරාත්මක පර්යේෂණ ප්‍රවේශයේ නියදි සමීක්ෂණ ක්‍රමය අනුගමනය කිරීමට අවශ්‍ය වටපිටාව සකස්කර ගන්නා ලදි. ඒ අනුව පර්යේෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම මෙන්ම එම දත්ත විශ්ලේෂණය කිරීම මඟින් යෝග්‍ය නිගමන වලට එළඹීමට හැකිවිය. මේ අනුව පර්යේෂණයට අදාල පරිසැලසුම් හා ක්‍රම තෝරාගැනීම ඉතා වැදගත් බව අවබෝධ විය.

    9545 - 04
    අධ්‍යයනය සඳහා විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුලත්ව පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම.

    අධ්‍යාපන පරීක්ෂකයෙකු ලෙස පර්යේෂණ ක්‍රියාවලිය කල අදාල ගැටලුව ගැලපෙන විස්තරාත්මක කාර්යය සැලසුමක් ඇතුලත් පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම ඉතා වැදගත් බව මට හැඟී යන ලදි. පර්යේෂණ ක්‍රියාවලිය තුල පර්යේෂණ යෝජනාවන් විධිමත්ව සකස් කිරීම කෙසේ සිදු කරන්නේද යන්න පිළිබඳ මා තුල තිබුනේ අවම දැනුමක් බව මට හැඟී යන ලද්දේ පාඨමාලාවල අධ්‍යයනය තුලිනි. එහෙත් පාඨමාලාව අධ්‍යයනය කිරීම තුලින් මා තුල තිබූ අවම දැනුම මට්ටම ඉහල නංවාලීමට හැකි වූ බව මට හැඟී යයි. ඒ සඳහා පාඨමාලාව තුලින් ලබා දී තිබූ ඉගෙනුම් සම්පත්, අන්තර්ජාල පහසුකම් මෙන්ම දින පාසල් මඟින් ලද දැනුම ඉතා වැදගත් විය. මේ අනුව පාඨමාලව තුලට සක්‍රීයව සම්බන්ධ වෙමින් තොරතුරු නිරන්තරයෙන් සොයා බලමින් සමපාදස්ථ අදහස් නිරන්තරයෙන් ලබාගනිමින් පර්යේෂණ ගැටලුවලට අදාලව පර්යේෂණ යෝජනාවලින් සකස් කිරීම සිදුකරන ලදි. ඊට අදාලව න්‍යායාත්මක පසුබිම මෙන්ම සැලසුමක ඇතුලත් විය යුතු අංග පිළිබඳව මාගේ සමපාදකයන් සමඟ සාකච්ඡා කරමින් සිදුකරන ලදි. ඒ තුලින් පර්යේෂණ යෝජනාවලියක අන්තර්ගතය පිළිබඳ පුළුල් දැනුමක් මා හට ලැබුණු බව මට හැඟේ. පර්යේෂණ යෝජනාවලියක කාල රාමුව, ආශ්‍රිත ග්‍රන්ථ නියමිත ්ඡ් ක්‍රමවේදයට විධිමත්ව ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ අතර එමඟින් සමස්ත පර්යේෂණ ක්‍රියාවලිය සඳහාම ආලෝකය ලබාගැනීමට හැකිවිය. මෙහිදී කුඩා පරිමාණ ව්‍යාපෘති අංක දෙක මඟින් නිවැරදිව පර්යේෂණ යෝජනාවක් සැකසීමට අවස්ථාව උදාවිය. එමනිසා ප්‍රායෝගිකව පර්යේෂණ යෝජනාවක් සැකසීම මඟින් ඊට අදාළ මූලික අවබෝධය ලබාගැනීමට හැකිවිය. මෙම පර්යේෂණ යෝජනාවලිය සැකසීමේදී පැවති ගැටලු රැසක් නිරාකරණය කරගනිමින් කටයුතු කිරීමට හැකිවිය. එපමණක් නොව පර්යේෂණ යෝජනාවලියක් සැකසීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල මෙම විෂය මඟින් ඉගැන්වූ නිසා ඉතා නිවැරදිව පර්යේෂණ යෝජනාවක් සැකසීමට අවශ්‍ය මූලික අවබෝධය ඒ හරහා ලබාගැනීමට හැකිවිය. එමෙන්ම පර්යේෂණ යෝජනාවලිය පර්යෙෂණයට පදනම් වන ආකාරයට පිළිබඳවත් මෙහිදී ඉගෙනීමට අවස්ථාව උදාවිය. එමෙන්ම පර්යේෂණ යෝජනාව ලිවීමේදී පර්යේෂණ ක්‍රමවේදය, පර්යේෂණ පිරිසැලසුම පිළිබඳව ද තොරතුරු ඇතුළත් කළ යුතු බවත් පර්යේෂණ යෝජනාවලිය කියවන පුද්ගලයෙකුට පර්යේෂණය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති වන පරිදි ලිවීමටත් මෙම විෂය මඟින් උගන්වන ලදී. මෙහිදී යෝජනාවලියක අන්තර්ගතය තුල කාල රාමුවේ සිට සියලු පියවරයන් සහිතව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනි. මෙහිදී කුඩා පරිමාණ ව්‍යාපෘති අංක 01 ට අදාල සකස් කරන ලද යෝජනාවලිය තුල එහි අඩංගු කරුණු පිළිබඳව ගුඹුරින් අධ්‍ය්‍යනයට අවස්ථාව ලැබුනි. මේ අනුව ඉතා සාර්ථක විස්තරාත්මක යෝජනාවක් සකස් කරගැනීමට හැකියාව ලැබුණු බව මට හැඟේ. මීට අමතර යෝජනාවලිය තුල අන්තර්ගතය පියවර අනුව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව නෛතික පසුබිම මෙන්ම එහි අන්තර්ගතය ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුනි. මේ තුලින් පර්යේෂණ ක්‍රියාවලියක විස්තරාත්මක පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම මඟින් පර්යේෂණ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකරගත හැකි බව මට හැඟී යයි. මේ අනුව පරීක්ෂකයෙකු ලෙස ක්‍රියාත්මක කිරීමේදී පර්යේෂණ යෝජනාවලින් ඉතා සාර්ථකව සකස් කර ගැනීමට අවශ්‍ය පසුබිම පාඨාමාලාව තුලින් ලද බව හැඟේ.

    9545 - 05
    අධ්‍යයනයට අදාලව දත්ත රැස් කිරීම විශ්ලේෂණය අර්ථකථනය හා සකස් කිරීම

    ගුරු අධ්‍යාපනඥයා හා පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී අධ්‍යයනයට අදාල දත්ත රැස්කිරීම මෙන්ම ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීම මෙන්ම එම දත්ත සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිවැරදිව හඳුනා ගැනීමට පාඨමාලාව ඉතා වැදගත් වූ බව මට හැඟේ. දත්ත රැස් කිරීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳ මීට පෙර පාඨමාලා තුලින් ද අධ්‍යයනට ලක්කර තිබූ අතර එම ලබාගත් දැනුමද පදනම් කර ගනිමින් නිවැරදිව විද්‍යානුකූලව දත්ත රැස් කිරීම නිවැරදිව සිදුකර ගැනීමට පාඨමාලාව තුලින් හැකි වූ බව මට හැඟේ. මේ සඳහා අවශ්‍ය පසුබිම පාඨමාලාව තුලින් ලඟාකර ගත හැකි වනුයේ පාඨමාලාව සැලසුම් කර තිබුනි. ඒ අනුව ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් උපයෝගී කර ගනිමින් ගැටලුවට අවශ්‍ය වන පරිදි දත්ත රැස්කිරීම සිදුකරන ලදි. එහිදී ප්‍රශ්නාවලි මෙන්ම සම්මුඛ සාකච්ඡා ෂෙඩුලය භාවිතා කිරීමට හැකිවිය. එම ප්‍රශ්නාවලි සකස් කිරීමේදී අවශ්‍ය නීතිමය පසුබිම මෙන්ම ගැටලුවට ගැලපෙන පරිදි අවශ්‍ය කරුණු ඇතුලත් කල හැකි වන සේ සකස් කර ගැනීමේ හැකියාව පාඨමාලාව තුලින් නිරන්තරයෙන් ලබාදුන් අතර ඊට අවශ්‍ය ඉගෙනුම් සම්පත් මෙන්ම සමපාදස්ථ අදහස්ද වැදගත් වූ බව මට හැඟී යයි. එපමණක් නොව පර්යේෂණ ප්‍රවේශයට උචිත පරිදි ගුණාත්මකව හෝ ප්‍රමාණාත්මකව දත්ත විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව ප්‍රායේගිකව ඉගෙනීමට අවස්ථාවක් උදාවිය. මෙහිදී තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් ප්‍රයෝගිකව දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව උදාවිය. මෙහිදී තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් ප්‍රායෝගිකව දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව උදාවිය. මෙහිදී දත්ත විශ්ලේෂණය කර එම විශ්ලේෂණයට පදනම් වී අනාවරණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව ද ඉගෙනීමට අවස්ථාව උදාවිය. මෙහිදී මෙම විෂයට අදාළ තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතිය මඟින් විශ්ලේෂණය කළ දත්තයන් පදනම් කරගනිමින් අදාළ පර්යේෂණය සඳහා අර්ථකතනයන් ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. සමස්ථයක් ලෙස මෙම පාඨමාලාවේ මෙම විෂය මඟින් සම්පූර්ණයෙන්ම පර්යේෂණයක් දියත් කර වාර්තාව පිළියෙළ කරන අවස්ථාව දක්වාම සියලු අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධ්‍යක් ලබාගැනීමට හැකිවිය. ඒ හරහා පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ පැවති ගැටලු සහගත තැන් නිරාකරණය කරමින් නිවැරදි ක්‍රමවේද හරහා පර්යේෂණයේ දත්ත රැස්කොට ඒවා විශ්ලේෂණය කර විශලේෂණයන්ට පදනම් වී අර්ථකතනය කිරීමේ හැකියාව උදාවිය. එසේම දින පාසල තුලින් ලබාදුන් දැනුම හා සාකච්ඡා මන්ඩපය මඟින් ලබාදුන් සමපාදස්ථ අදහස් නිසා තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගැනීමට හැකිවිය. ඊට අමතරව ලබාගත් තොරතුරු විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් විය. ඒ සඳහා අවශ්‍ය පසුබිම පාඨමාලාව තුලින් ලබා දී තිබුනි. ඒ අනුව නිවැරදිව දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබුනි. මේ අනුව ලබාගත් තොරතුරුවලට අනුව ගැටලුව පිළිබඳ නිවැරදි අදහස් හා යෝජනා , නිගමන ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනි. පර්යේෂකයෙකු ලෙස ගැටලුවක් අධ්‍යයනයට අදාල නිවැරදි දත්ත රැස්කිරීම මෙන්ම එම දත්ත විශ්ලේෂණය කර සකස් කිරීම් හැකියාව පර්යේෂණය අවසන් වන විට නිවැරදිව ලැබුනු බව මට හැඟේ. රටේ පවතින තත්වය අනුව දත්ත රැස්කිරීම මෙන්ම ඒවායේ රහස්‍යභාවය මෙන්ම අධ්‍යයනයට අදාල සම හඳුනාගැනීමට ද පාඨමාලාව ඉතා වැදගත් විය.

    9545 - 06
    පර්යේෂණ අධ්‍යයනයට අදාලව අනාවරණයන් වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.

    ගුරු අධ්‍යාපනඥයා පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී , අධ්‍යයනයට අදාලව ලබාගත් තොරතුරු විශ්ලේෂණය කරමින් ගැටලුවලට අදාල වාර්තා කිරීම් මොනවාද යන්න පිළිබඳවත් ඒ අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳවත් අධ්‍යයනය තුලින්හැකියාව ලැබුනු බව මට හැඟේ. පර්යේෂණයක් සිදුකර ඒ තුලින් ලබාගත් තොරතුරු සාර්ථකව විශ්ලේෂණය කිරීම මඟින් අනාවරණයන් වාර්තා කිරීම පර්යේෂණයේ වැදගත් අංගයක් බව පැහැදිලි විය. මේ අනුව ගැටලුවට අදාලව දත්ත විද්‍යානුකූලව විශ්ලේෂණය කර එම ගැටලුවට ඇතිවීමට හේතු සාධක මෙන්ම එම ගැටලුව මඟ හරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබාගනිමින් ඒ අනුව නිර්දේශ සකස් කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම පාඨමාලාව තුලින්ම ලැබුනු බව මට හැඟී යයි. මෙම විෂය ඉගෙනීමෙන් හැකියාව ලැබුණි. එමෙන්ම හිතළු ලෙස අනාවරණ ඉදිරිපත් කිරීම මෙතුවට විශ්ලේෂණ මත පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇතිවිය. එමෙන්ම අරමුණු පර්යේෂණ අරමුණුවලට පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ඇතිවිය. එමෙන්ම මෙම විෂයට අදාළ තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතියේ දී මා විසින් දියත් කරන ලද පර්යේෂණයට අනාවරණ හා නිගමන ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ප්‍රායෝගිකව අනාවරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. පර්යේෂණයක් මඟින් සමාජයට හෝ අදාළ ජනගහනයට තොරතුරු ලබාදෙන්නේ අනාවරණ හා නිර්දේශ මඟිනි. පර්යේෂණයෙන් අදාළ ක්ෂේත්‍රයට අවශ්‍ය නම දැනුම හා අනාවරණ සැපයිය හැක්කේ මෙම පර්ච්ජේදය මඟිනි. මේ සඳහා පාඨමාලාවේ අන්තර්ගතය තුල පැහැදිලි ක්‍රමවේද ඉදිරිපත් කර තිබුනි. එම ක්‍රමවේද අනුගමනය කරමින් ලබාගත් දැනුම පාදක කර ගනිමින් ගැටලුවට අදාලව දත්ත විවිධ පාර්ශව මඟින් රැස් කරමින් ලබාගත් දත්ත විද්‍යානුකූලව විශ්ලේෂණය කර ඒ හරහා අනාවරණය වාර්ථා කිරීමට හැකියාව ලැබුනි. එම අනාවරණයන් අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුකරන ලදි. මේ සඳහා දත්ත රැස් කිරීමේදී විවිධ විචල්‍යයන් භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර එම උපදෙස් පිළිපදිමින් නිවැරදිව තොරතුරු රැස්කර ගැනීම සිදුකරන ලදි. ඒ අනුව යමින් ඊට අදාල නිර්දේශ රැසක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනි. උදාහරණයක් ලෙස පවුලේ ආර්ථික මට්ටම ශිෂ්‍ය සංඛ්‍යාව බලපෑම් ඇතිකිරීම පිළිබඳ දත්ත රැස්කිරීමේදී ලබාගත් නිර්දේශයයන් වූයේ පවුලේ ආර්ථික මට්ටම ශිෂ්‍ය සාධනයට කිසිදු බලපෑම් එල්ල නොකරන බවයි. එලෙස ලබාගත් තොරතුරු අනුව නිවැරදි නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුනු බව මට හැඟේ. මේ අනුව ගුරු අධ්‍යාපනඥයා නිවැරදි පර්යේෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී ගැටලුවට අදාල දත්ත විශ්ලේෂණය මගින් අනාවරණයන් වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය දැනුම පාඨමාලාව තුලින් නිවැරදිව ලැබුණු අතර එම දැනුම පාදක කර ගනිමින් මාගේ වෘත්තීය ජීවිතය සැලසුම් සහගත සකස්කර ගැනීම මෙන්ම ලබාගත් දැනුම මාගේ ගුරු/විදුහල්පතිවරුන් සමඟ ද හුවමාරු කර ගැනීමද බලාපොරොත්තු වේ. 9545 -07 සම්මත ආකාරයට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීම. ගුරු අධ්‍යාපනඥයා පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේදී ගැටළුවට අදාලව පරීක්ෂණ වාර්තාව සකස් කිරීම ඉතා වැදගත් අංගයකි. ඒ සඳහා මා තුල තිබූ දැනුම මට්ටම අඩු බව පාඨමාලාව අධ්‍යයනයෙන් පසු හොඳින් අනාවරණය විය. ව්‍යාපෘති වාර්තාවක ඉතා වැදගත් අංගයක් ලෙස පරිශීලනය කරන ලද ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය APA-7 ආකාතියට අනුව සැකසිම ඉතා වැදගත් බව අනාවරණය විය. මෙහිදී ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ 7 වන සංස්කරණයට අනුකුලව ආශ්‍රිත ග්‍රන්ථ දැක්විය යුතු ආකාරය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිවිය. මෙහිදී එක් එක් සංස්කරණවල වෙනස හා නිවැරදිව ලිවය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක ඇතිවිය. මෙහිදි අකාරාදියට ඉදිරිපත් කිරීමක් එහිදී අනුගමනය කළ යුතු රීති මොනවාද යන්න දින පාසල් මඟින් අවබෝධයක් ඇතිකරනු ලැබීය. මෙලෙස උගත් කරුණු ප්‍රායෝගිකව ඉගෙනීමට දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය හා තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘති සමඟින් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමට අවස්ථා සලසා දෙන ලදී. එමඟින් පවතින අඩුපාඩු මගහැර ගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව එය සකස් කරන්නට හැකිවිය. ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමේදී දැනුම භාවිතය පවතින ආශ්‍රීත ප්‍රශ්න නාමාවලි ආකෘතිය ලෙස Apa- - 7 ආකෘතිය පිළිබඳ මැනවින් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබූයේ දෙවන දින පාසල තුල කථිකාචාර්යතුමන් විසින් සිදුකල දැනුවත් කිරීම මඟිනි. ඔහු විසින් උදාහරණ සහිතව චදඇරචදසබඑ චරුිැබඒඑසදබ එක මඟින් සිදුකර දැනුවත් කිරිම තුල අප විසින් අධ්‍යනයන්ට ලක්කරන ලද පොත්, අන්තර්ජාල මෙන්ම ලිපි ලේඛන , චක්‍ර ලේඛන පිළිබඳ සටහන් කිරීමේදී කෙසේ සමත් කල යුතුද යන්න ඉතා පැහැදිලිව උදාහරණ සහිතව ඉදිරිපත් කර ඇත. මේ අනුව මා විසින් පරිශීලන කරන ලද (අධ්‍යයනයට අදාල) ආකාති පිළිබඳ නිවැරදිව සටහන් කිරීමක් කල හැකි වූ බව මට හැඟේ. මේ අනුව මෙම ගැටලුවට අදාලව වාර්තාව සකස් කිරීමට පමණක් නොව ලබාගත් දැනුම අනුව ඔනෑම ව්‍යාපෘති වාර්තාවට අනුව නිවැරදිව APA - 7 ආකෘතියට අනුව ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමට හැකියාව ලැබුනු බව මට හැඟේ. මෙම ආකෘතිය මීට පෙරද මාගේ සමපාදස්ථයන් සමඟ සකස් කලද නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නොහැකි විය. එසේත් දෙවන දින පාසල තුල කථිකාචාර්යතුමන් සිදුකරන ලද දේශනය හා සම්බන්ධ වීම මඟින් එහි පැවති ගැටලුකාරී බව නැතිකර ගැනීමට හැකියාව ලැබුනි. මේ අනුව ලබාගත් දැනුම තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අන්තර්ජාලය පරිහරණය කිරීමට අදාලව තොරතුරු (OER) ලබා දී තිබුනි. එම තොරතුරු පරිශීලනය කිරීම ඉතා වැදගත් විය. එසේ ලබාගත් දැනුම අනුව පර්යේෂණ ක්‍රියාවලියක් තිබීම වැදගත් අංගයක් ලෙස සැලකියි හැකි ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය නිවැරදිව සටහන් කර ගත හැකි විය. එසේ ලබාගත් දැනුම අනුව මාගේ වෘත්තීය ජීවිතය තුල ඉදිරි ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ලබාගත් දැනුම භාවිතා කල හැකි වනු ඇත.

    9545 ඉගෙනුම් ඵල අංක 08
    අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධීන් ගැටළු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීම

    ගුරුවරයතු ලෙස මා වසර අටක කාලයක් සේවය කරන අතරතුර විවිධාකාර ගැටළු සම්බන්ධයෙන් මුහුණ දීමට සිදු වුවත් ඒ සඳහා විසඳුම් සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ මා එම කාලවකවානුව තුල දැනුවත් නොවූ බව සිහිපත් විය. ගැටළු විසඳීම සඳහා යම් යම් තීන්දු තීරණ ගැනීමට උත්සාහ කළ ද එම ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය යුක්ති සහගත වුවා ද යන්න පිළිබඳව ගැටළුවක් මතු වන්නේ ඒ පිළිබඳ දැනුමක් මා සතු නොවූ නිසාවෙනි. නමුත් ශ්‍රී විදුහල්පති සේවයට පැමිණීමත් සමඟම කීප අවස්ථාවකදී පර්යේෂණ සම්බන්ධ පැවැත්වූ වැඩමුළු කිහිපයකට සහභාගි වීමට අවස්ථාව ලැබුණත් ප්‍රමාණවත් අවබෝධයක් නොතිබූ බව මට සිතුණි.පළාත් කලාප මට්ටමෙන් විවිධ පර්යේෂණ, සගරා, එළිදක්වා තිබුණද ඒ පිළිබඳ කියවා තිබුනත් පර්යේෂණයක් සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත්භාවයක් නොතිබූ නිසාවෙන් පාසල් පද්ධතියේ ගැටළු සඳහා පර්යේෂණයක් කිරීමට උත්සාහ නොගත් බව මට සිතුණි. මෙම විෂය ඉගෙනීමෙන් පර්යේෂණ පිරිසැලසුම නිවැරදිව සැලසුම් කිරීමට අවකාශය උදාවිය. ඉන්පසු පිරිසැලසුමට අදාළව දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයක් හා දත්ත රැස්කිරීමේ උපකරණ සකස් කර නිශ්චිත ක්‍රමවේදයකට දත්ත රැස්කර ඒවා පර්යේෂණ ක්‍රමවේදයකට අනුව විශ්ලේෂණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට හැකිවිය. මෙම සියලු කටයුතු මෙම විෂයට අදාළ කුඩා පරිමාණ ව්‍යාපෘති තුන මඟින් ප්‍රායෝගිකව අත්දැකීමට හැකියාව උදාවිය. එහිදී ක්‍රියාවලිය අතරතුර ඇතිවන ගැටල මගහැර ගනිමින් ඒවා විසඳා ගෙන නිවැරදිව පර්යේෂණ සැලසුම නිර්මාණය කිරීමට හැකිවිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එනම් සමාජ සඳහා පර්යේෂණයක් දියත් කිරීම පිළිබඳ මා තුළ පැවතියේ බියකි. නමුත් මෙම විෂය ඉගෙනීමෙන් පසු පර්යේෂණයක් දියත් කිරීම හා ඊට අදාළ සැලසුම් නිර්මාණය කිරීමට හැකි ඥානය හා අවබෝධය මා හට ඇතිවිය. නමුත් stp9545 පාඨමාලාව අධ්‍යයනය කිරීමේදී ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා පර්යේෂණයක් පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබා ගැනීමෙන් පසු පාසල් පරිසරය තුළ පවතින ගැටළු සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට උනන්දුවක්, ආසාවක් සිත තුළ හටගත් බව දැනුණි. පර්යේෂණ ගැටළුවක් තෝරා ගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කිරීමෙන් සාහිත්‍යය විමර්ශනයක ඇති වැදගත්කම වටහා ගැනීමට මා හට හැකි විය. පෙර කරන ලද සාහිත්‍ය පිළිබඳ දැනුම, නව සොයාගැනීම් පරීක්ෂාකර කිරීම තුළ තමා සිදු කිරීමට බලාපොරොත්තු වන පර්යේෂණයේ ඉදිරි මඟ පිළිබඳව අවබෝධ කර ගැනීමට හැකිවිය. එමනිසා පර්යේෂණ ගණනාවක් සාහිත්‍ය විමර්ශනය පිළිබඳ කොටස මගහැර කියවීමට මා උස්සා ගත්තේ සාහිත්‍ය විමර්ශනයක වටිනාකම නොදත් නිසා බව මට දැන් වැටහිණි. පෙර කරන ලද පර්යේෂණ තුළ සාහිත්‍ය විමර්ශනය කියැවීමට අකමැත්තක් මා තුළ පෙරදී තිබුනොත් එහි වටිනාකම අවබෝධ කර ගැනීමට හැකි වීම පාසල් අධ්‍යාපනය තුළ කටයුතු කරන නිලධාරිනියක ලෙස මා හට කොතරම් වටිනාකමක් ඇත්ද ඒ අවබෝධ කර ගැනීමට හැකි වීම මා ලද භාග්‍යයක් කොට සලකමි පර්යේෂණයක සාහිත්‍ය විමර්ශනයෙන් අනතුරුව තෝරාගත් පර්යේෂණ මාතෘකාවට අදාලව පර්යේෂණ ක්‍රමවේදය සකස් කර ගැනීමේදී ජනගහනය ඉලක්ක ජනගහනය නියැදිය තෝරා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් වීම මෙම කාර්යය ඉදිරියට සිදු කිරීමට පිටුවහලක් වූ බව හැඟුණි.දත්ත රැස් කිරීම පිළිබඳවත්, දත්ත රැස් කිරීමේ උපකරණ තෝරාගැනීම පිළිබඳවත්, දත්ත රැස් කිරීමේ ක්‍රම ශිල්ප පිලිබඳවත්, ඉතා හොඳ අධ්‍යයනයක් ලැබූ මා හට ඒ තුළින් සාර්ථක පර්යේෂණයක් සිදු කිරීමට ශක්තියක් ලැබුණු බව මට පසක් විය. පද නිර්වචනය කිරීම, අධ්‍යයනයේ සීමා හා දුෂ්කරතා හඳුනාගැනීම, ආචාරධර්ම පිළිබඳ වත් මෙහිදී මා විශාල දැනුම් සම්භාරයක් ලබා ගතිමි. පර්යේෂණයක වැදගත්ම කොටස වන දත්ත විශ්ලේෂණය සිදු කරන ආකාරය පිළිබඳව ද හැදෑරීමට විශාල උනන්දුව මා තුළ ඇතිවිය.දත්ත රැස් කිරීම තුළින් අනාවරණය කර ගන්නා තොරතුරු මත රූප සටහන්, වගු, ප්‍රස්ථාර මගින් ඉදිරිපත් කිරීමටත්, නිගමන, නිර්දේශ ,යෝජනා ලබාදීමටත්, මේ වන විට හැකියාවක් ලැබී ඇති බව මට ප්‍රත්‍යක්ෂ විය. අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද නායකත්වයක් හා මඟ පෙන්වීමක් ලබා දෙන ඔවුනට වඩා දැනුමෙන්, ක්‍රියාවන්ගෙන් පරිපූර්ණ පුද්ගලයකු විය යුතු බව මා තේරුම් ගත් කරුණකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ එනම් සමාජ සඳහා පර්යේෂණයක් දියත් කිරීම පිළිබඳ මා තුළ පැවතියේ බියකි. නමුත් මෙම විෂය ඉගෙනීමෙන් පසු පර්යේෂණයක් දියත් කිරීම හා ඊට අදාළ සැලසුම් නිර්මාණය කිරීමට හැකි ඥානය හා අවබෝධය මා හට ඇතිවිය. ඒ අනුව මෙම විෂය ඉගෙනීමෙන් මා තුළ පර්යේෂණ පිළිබඳ අවශ්‍ය ඥානය වැඩිදියුණු කර ගැනීමට හැකිවිය. ඒ අනුව කිසියම් සිද්ධියක් / ගැටලුවක් සඳහා පර්යේෂණ සැලසුමක් නිවැරදිව නිර්මාණය කිරීමට හැකි ඥානය මා හට උදා වූ බව සතුටින් ප්‍රකාශ කරමි.

    STP9545
    ඉගෙනුම් ඵල අංක 09
    පර්යේෂණ පවත්වා නිගමන සහ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත

    වසර 8 ක ගුරුවරයකු ලෙස සේවයෙන් අනතුරුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පැමිණීමෙන් පසු අධ්‍යාපන පද්ධතියේ පාසල්වල නියාමන කටයුතු සිදුකිරීමේදී විවිධාකාර ගැටළු පද්ධතිය තුළ දක්නට වීම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට බාධාවක් බව මට හැඟුණි.අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් විවිධ අවස්ථාවන්හිදී පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ ඇතුලත් පර්යේෂණ සගරා ගණනාවක් කියවීමට අවස්ථාව ලැබුණත් පර්යේෂණයක් යනු කුමක්ද? ඒ සදහා භාවිතා කලයුතු ක්‍රමවේද මොනවාද? ඒ අනුව පර්යේෂණයක් සිදු කරන්නේ කෙසේද? පර්යේෂණයක් සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් හෝ පැහැදිළි අවබෝධයක් මා හට පෙර නොතිබුණි. නමුත් මෙම ීඔඡ9545 පාඨමාලාව අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂණ පිළිබදව පුලුල් අවබෝධයක් ලබා ගත් බව මා හට පසක් විය. ඒ සදහා දින පාසල් ඉතාමත් ප්‍රයෝජනවත් වූ බව මට හැඟුණි මෙම ීඔඡ9545 පාඨමාලාව ආරම්භයේ පටන් දේශකතුමා පර්යේෂණයක් මඟින් සිදු කරන්නේ ගැටළුවක් සඳහා විසඳුමක් යෝජනා කිරීමත්, ඒ හරහා අලුත් දැනුමක් සොයා ගැනීමත්, නොදන්නා දෙයක් අනාවරණය කර ගැනීමත් බව මෙම පාඨමාලාව අධ්‍යයනයේදී පැහැදිලිව අවබෝධ කරගැනීමට හැකිවිය. පර්යේෂණ සංකල්පය ප්‍රායෝගිකව නොතිබුණත් අධිකාරී බලයක් මුල් කාලයේ දී පැවති බව ආචාර්ය තුමා කල පැහැදිලි කිරීමෙන් මා හට ප්‍රත්‍යක්ෂ විය. පාඨමාලාව ආරම්භයේ පටන් අවසානය දක්වා ම පැවති දින පාසල් දැනුවත් කිරීම්, දින පාසල් ක්‍රියාකාරකම් ආදී සියලු ඉගෙනුම් අවස්ථා මගින් පර්යේෂණයක් සිදුකිරීමට මෙන්ම පර්යේෂණ පිළිබඳ සොයා බැලීමට උනන්දුවක්, ආශාවක් මා හට ඇති වීය. අධිකාරී බලය,සම්ප්‍රදායන්, අත්දැකීම්, තර්කනය ආදී දැනුම ලබාගැනීමේ විවිධ මාර්ග අතර පර්යේෂණ ක්‍රමයට ප්‍රධාන ස්ථානයක් ලැබෙන බව මා හට පසක් විය. ඒ අනුව පර්යේෂණයක් යනු ගැඹුරින් හා සියුම්ව නැවත පරික්ෂා කිරීම ලෙස ද වටහා ගතිමි. එසේම පර්යේෂණයක ප්‍රධාන පියවර වන ගැටලුව හඳුනාගැනීම, නිර්වචනය කරගැනීම, ප්‍රකාශ කිරීම, පර්යේෂණ ක්‍රමයක් තෝරා ගැනීම, දත්ත රැස් කිරීම, දත්ත විශ්ලේෂණය, නිගමන හා යෝජනා වලට එළඹීම ආදිය පිළිබඳ . එසේම මෙම පාඨමාලාව මගින් විවිධ පර්යේෂණ වර්ග ද හඳුනා ගත හැකි විය. යම් කිසි ගැටළුවකට විවිධ හේතු සාධක බලපෑ හැකි බවත්, එය විවිධ මාතෘකා යටතේ විශ්ලේෂණය කරමින් ගැටළුවට ඇති වී ඇති හේතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් පර්යේෂණය පිළිබඳ විවිධ නිර්වචනයන් ඔස්සේ මෙම ගැටළුව හඳුනා ගැනීම පිළිබඳව ආචාර්ය තුමා ඉතා හොඳින් පැහැදිලි කිරීමෙන් පර්යේෂණයක ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මා හට හැකි විය. පර්යේෂණ යෝජනාවක් සකස් කිරීමේදී, හොඳ පර්යේෂණ යෝජනාවක් ලියන්නේ කෙසේද? යන්නත්,පර්යේෂණ යෝජනාවක අංග පිළිබඳවත්, දේශකතුමා ඉතා හොඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමෙන් පසුව පර්යේෂණ මාතෘකාව හැඳින්වීම, පර්යේෂණ අරමුණු,සාහිත්‍ය විමර්ශනය , පර්යේෂණ ක්‍රමය, සීමා හා දුෂ්කරතා, පද නිර්වචනය, අපේක්ෂිත ප්‍රතිඵල, ආචාර ධර්ම, කාල රාමුව හා ආශ්‍රිත ග්‍රන්ථ ආදිය කොටස් වලින් පර්යේෂණ යෝජනාවක් සමන්විත වන බව අවබෝධ කරගැනීමට හැකි විය. එසේම පර්යේෂණයක් සිදුකරීමේ දී දත්ත විශ්ලේෂණය කරමින් නිගමන හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව ද මා හට ලැබුණි. දත්තවල ස්වභාවය, දත්ත වර්ග, දත්ත රැස් කිරීමේ උපකරණ හා ඒවා තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු, දත්ත රැස් කිරීමේ දී මතුවිය හැකි ගැටලු, දත්ත රැස් කිරීමේ උපකරණයක තිබිය යුතු ගුණාංග, පර්යේෂණ උපකරණ සකස් කිරීම ආදිය පිළිබඳව ද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබීම භාග්‍යක් කොට සලකමි. පර්යේෂණයක් සිදුකර ලබාගත් දත්ත විශ්ලේෂණය කර එමගින් ලබාගත් අනාවරණයන් මත නිගමන ඉදිරිපත් කළ යුතු බව මෙම පාඨමාලාව අධ්‍යයනයෙන් මා හටවබෝධ විය. විශ්ලේෂණය කර තොරතුරු අනාවරණය කරගැනීමේදී අරමුණු පාදකව එය සිදු කිරීම කළ යුතු බව දින පාසලෙන් අවබෝධ කර ගතිමි. ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු ප්‍රස්තාර, වගු, රූපසටහන් මගින් ඉදිරිපත් කිරීමේ හැකියාව මට ලැබුණි.දත්ත රැස් කිරීම සඳහා සකස් කර ගත් උපකරණ වන ප්‍රශ්නාවලියෙන් හා සම්මුඛ සාකච්ඡා මගින් ලබාගත් අනාවරණ මත නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව අධ්‍යයනයෙන් මා හට පැහැදිලි විය. මෙහිදී පර්යේෂණයක් දියත් කර එම පර්යේෂණයට අදාළ දත්ත රැස්කර එම දත්ත විශ්ලේෂණය කර එම විශ්ලේෂණයටම පදනම් වී අනාවරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. මෙහිදී කිසියම් පර්යේණයකට අදාළ දත්ත විශ්ලේෂණය කර එම දත්ත විශ්ලේෂණයට පදනම් වී අනාවරණ හා නිර්දේශ ගොඩනැගිය යුතුය. එය ඉතා සංකීර්ණ කාර්යයකි. එම සංකීර්ණ කාර්යයට අවශ්‍ය කරන්නා වූ අවබෝධ ලබාදිමට මෙම විෂය ඉගෙනීමෙන් හැකියාව ලැබුණි. එමෙන්ම හිතළු ලෙස අනාවරණ ඉදිරිපත් කිරීම මෙතුවට විශ්ලේෂණ මත පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇතිවිය. එමෙන්ම අරමුණු පර්යේෂණ අරමුණුවලට පදනම් වී අනාවරණ හා නිගමන ලබාගන්නා ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ඇතිවිය. එමෙන්ම මෙම විෂයට අදාළ තුන්වන කුඩා පරිමාණ ව්‍යාපෘතියේ දී මා විසින් දියත් කරන ලද පර්යේෂණයට අනාවරණ හා නිගමන ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ප්‍රායෝගිකව අනාවරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව උදාවිය. සමපදස්ථයන්ගේ අදහස් ලබා ගැනීමට සාකච්චා මණ්ඩපය මෙම පාඨමාලාවේ සුවිශේෂී අවස්ථාවකි . පාඨමාලාවේ සපයා ඇති මාර්ගෝපදේශය,අමතර කියවීම් හා දින පාසල් සදහා සහභාගි වීම් මගින් මෙම පාඨමාලාව ඉතා හොඳින් අධ්‍යයනය කිරීමට මා හට හැකි වීම සතුටකි. ලබාගත් දැනුම ප්‍රයෝජනයට ගනිමින් විවිධ පර්යේෂණ කරා ගුරුභවතුන් යොමු කිරීමටත්, මෙම පාඨමාලාව මගින් හැකියාවක් ලැබෙන බව මට අවබෝධ විය. මීට අමතරව අදාළ වූ වෙනත් පොත් පත් ,පර්යේෂණ සගරා සහ අන්තර්ජා ලයේ සම්පත් පරිශීලනය කිරීමටද උනන්දුවක් ඇති වූ බවත්,තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකි වූ බවත් මා හට ප්‍රත්‍යක්ෂ විය.එසේම මෙම දැනුම ගුරු සිසුන් වෙත නොඅඩුව ලබා දීමට ද ඉදිරි කාලයේදී මා හට හැකි වනු ඇත. එමඟින් ඉදිරි රාජකාරිය ජීවිතය තුළ ගැටළු වලට විසඳුම් ලබා ගෙන, එම ගැටළු අවම කිරීම සඳහා මෙම පාඨමාලාවෙන් ලබාගත් දැනුම යොදා ගැනීමට කටයුතු කරමි.එමෙන්ම පර්යේෂණයන් කෙරෙහි ගුරුභවතුන් සඳහා මඟ පෙන්වීමටත්, එමගින් ගැටළු අවම කර ගැනීමටත් ,මෙම අධ්‍යයනයන් මගින් ලබා ගත් අත්දැකීම් පාදක කර ගත හැකි බව මට සිතුණි.
  • 0 comments:

    Post a Comment

    Search This Blog

    Powered by Blogger.

    Pages

    Featured Post

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    ADDRESS

    5th Post Ruhunu Ridiyagama, Ambalantota

    EMAIL

    Udana.Rp.Chaminda@Gmail.Com

    MOBILE

    +947 0609 6855