• 9542The Teacher Educator as an Educational Technologist

      • 2021.06.10  ඉගෙනුම් ඵලය 01
      •  ඉගෙනුම් හා ඉගැන්වීම ඵලදායී සන්නිවේදනයක්  ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ග ගවේෂණය.

      ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස  තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව මා ලද අත් අත්දැකීම් අතර  තාක්ෂණය කොතෙක් දුරට භාජනය කළේ ද යන්න මා මෙහිදී අදධ්‍යයනයට භාජනය කළ අතර මාගේ  තාක්ෂණය පිළිබඳ දැනුම හා  අවබෝධය පිළිබඳව ප්‍රත්‍යාවේක්ෂණය කිරීමට  මහඟු අවස්ථාවක් ලබාදුන් බව   මට හැඟුනි.  තාක්ෂණය පිළිබඳව මා හට සැලකිය යුතු දැනුම්ක් හා අවබෝධයක් පැවතියත් මා එය ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය කෙරෙහි කොතෙක් දුරට භාවිතා කළේ ද යන්න සොයා බැලීම සඳහා මෙන්ම මගේ වසර15  ක ගුරු ජීවිතය තුළ මා ලද අත්දැකීම් ප්‍රත්‍යාවේක්ෂණ යෙදීම්ට   අවස්ථාවක් සැලසූ බව මට හැඟුනි.

       මෙම පාඨමාලාව හැදෑරීම තුලින් එහි   අන්තර්ගතය පිළිබඳව මා හට  2021 හතරයි දාහත් වන දින පැවති දින පාසල තුලින් ලද  දැනුම පාදක කරගනිමින්  ඉගෙනුම් හා ඉගැන්වීම පලදායී සන්නිවේදනයක්  ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ග ප්‍රත්‍යාවේක්ෂණය කළ විට මා තුළ තිබූ අඩුපාඩු බොහෝමයක් හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබුණි.   ඒ වන තෙක් මේ පිළිබඳව අවබෝධයක් ලබා නො සිටි මා හට දින පාසල තුලින්  ලබා දුන් දැනුම තුළින් ඉදිරි ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සැලසුම් කිරීම සඳහා මහඟු පිටුවහලක් වනු ඇතැයි මට සිතුණි .ඒ අනුව පාඨමාලාව තුලදි ඉගැනුම් ක්‍රියාවලිය ඵලදායි කරගැනීම සදහා සන්නිවේදන  ක්‍රියාවලිය කොතෙක් දුරට වැදගත්ද යන්න. මා හට හැගී ගිය තවත් කරුණකි.ප

      මා කොතෙක් දුරට TPACK රාමුව තුළ ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කළේ ද යන්න මා හට සැකයක් පවතී.  ඒ තුළින් සිසුන් හට  සාධාරණයක් කළේ දැයි මා තුළ සැකයක් මතුවූ අතර එහෙත් මා ඒ පිළිබඳ මනා අවබෝධයක් හා දැනුමක් නොතිබූ බැවින් ඉදිරියේ දී මේ පිළිබඳ මාගේ ගුරු භවතුන් ද දැනුවත් කිරීමට ද ඒ තුළින් සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක් ඇති කරගත හැකි බවද මට සිතේ. තාක්ෂණය කොතෙක්   තිබුණත් ප්‍රමාණවත් නොවන බව මට හැඟී යන කරුණකි තාක්ෂණය මෙන්ම දැනුම හා  ඉගෙනුම් ක්‍රම ශිල්ප  මා තුළ තිබිය යුතු බව අවබෝධ වූයේ මෙම  පාඨමාලාව තුළින් මේ අනුව දැනුම පමණක් තිබූ පමණින් සාර්ථක ගුරුභවතෙකු නොවන බව හොඳම වූ උදාහරණ ඇතිව ලබාගත් දැනුම් මඟින් අවබෝධ කර ගැනීමට මට හැකි විය .

      ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙන විට ඔහු තුළ සාර්ථක ඉගෙනුම් පරිසරයක් ගොඩ ගොඩනැගීමට TPACK භාවිතා කිරීම ඉතා ප්‍රයෝජනවත් බව මට හැඟේ මෙය හේතු පාදක කර ගනිමින් මා හට පාසල තුළ ද මාගේ ගුරු භවතුන් ද දැනුමත් කරමින් හොඳ අධ්‍යාපනයක් සහිත පරිසරයක් ගොඩනැගීම සඳහා ඒ මත පදනම්ව සිට හොඳ අධි අධීක්ෂණ ක්‍රියාවලියවලියක් ද ක්‍රියාත්මක කිරීමට මට හැකි වේ යැයි සිතේ.  හොඳ ඉගෙනුම් ක්‍රියාවලියක් මෙන්ම ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමට තුළින් ඉතා සංකීර්ණ සංකල්පයක් අවබෝධ කර දීම මෙන්ම ශිෂ්‍යයා මෙන්ම වැඩියිහිටි   අධ්‍යාපනය  සඳහා ද  තර්කානුකූල දැනුම්ක් ලබා දීම සඳහා මෙම ක්‍රියාව ක්‍රියාවලිය ඉතා ඵලදායී බව මට හැඟෙයි.

      අන් අයගේ  තොරතුරු හොඳින් සන්නිවේදනය කිරීම සඳහා විවිධ ක්‍රම ශිල්ප භාවිතා කිරීමත් කළ හැකි බව මා හට අවබෝධ විය විවිධ අධ්‍යන කරුණු දේශන ක්‍රමයෙන්  පැහැදිලි කරනවාට වඩා විවිධ ටෙලි ද්‍රව්‍ය භාවිතා කිරීම් තුලින්  ශිෂ්‍යයාට සන්නිවේදනය කළ හැකි බව මා හට අවබෝධ විය ශිෂ්‍යයා  නිර්මාණශීලී ශිෂ්‍යයකු මෙන්ම ගුරු ගුරුවරයාද  නිර්මාණශීලී ගුරුවරයකු කිරීම් තුළින්  විමර්ශනාත්මකව කරුණු සොයා බලා අධ්‍යාපන  ක්‍රියාවලිය සිදු කිරීම් සඳහා  අදාල වයස් සීමාවන්ට අනුව විවිධ ක්‍රමශිල්ප භාවිතා කිරීම සඳහා මෙන්ම ඵලදායී  සන්නිවේදන ක්‍රියා ක්‍රියාවලියක් සිදු කිරීමට ලබා ගන්නා උපාය මාර්ග තුළින් සාර්ථක අධ්‍යයන ක්‍රියාවලියක් සිදු කිරීම්ට හැකි බව මට හැඟී ගියේය. 

      ඉගෙනුම් ඵලය 02

      තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම් පිළිබඳ TPACK රාමුව යොදාගෙන තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරීම.

       ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතා කිරීම කොතෙක් දුරට සිදු වේද යන්න පිළිබඳව ප්‍රත්‍යාවේක්ෂණය කර බැලීමේදී ගුරුවරයා කොතෙක් දුරට මෙම ක්‍රියාවලිය තුළ රැඳී පවතී ද යන්න මා හට ගැටළු කාරී බවක් හැඟේ. මේ අනුව සිසුන් හට කොතෙක් දුරට ඉගෙනුම් ක්‍රියාවලිය පහසු කරගත හැකිද යන්න සිතා බැලීමට මෙම පාඨමාලාව තුළින් ලද අත්දැකීම් බෙහෙවින් ඉවහල් වු බව මට හැඟී යයි. TPACK රාමුව තුළ සිට ඒ ක්‍රියාවලියට අනුව හොඳ ඉගෙනුම් ද්‍රව්‍යක් සැලසුම් කිරීම සඳහා පාඨමාලාව තුළ ලබා දී තිබූ ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් මාගේ දැනුම තිබූ මට්ටමට වඩා වැඩි කර ගැනීමට හැකි වූ බව මට හැඟී යයි.

       මේ අනුව TPACK රාමුවට ගැලපෙන ඵලදායි ඉගෙනුම් ද්‍රව්‍යක් සකස් කිරීම සඳහා මා විසින් සකස් කරන ලද සංකල්ප සිතියම බෙහෙවින් උපකාරී වී ඇත. එය සැලසුම් කිරීම සඳහා මා විසින් සමපදස්ථයන් හා අන්තර්ජාලය භාවිතා කරගනිමින් ලබාගත් දැනුම උපයෝගී වූ බව මට හැඟී යන කරුණකි. මේ අනුව ඉදිරියේ දී සකස් කිරීමට නියමිත ඉගෙනුම් ද්‍රව්‍ය සඳහා සැලසුම් සහගතව මූලික සැලැස්මක් ලෙස සංකල්ප සිතියම සකස් කිරීම හා ඊට අනුරූපව storyboard එක සකස් කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම වැටහී ගිය අතර මේ අනුව ඒ සඳහා දින පාසල තුළින් ලබා ගත් දැනුම හා ලබාදී ඇති ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීම කළ යුතු බව මට හැඟී ගිය තවත් කරුණකි.

       ඒ අනුව ක්‍රියාත්මක වෙන් වෙමින් TPACK රාමුවට ගැලපෙන ඉගෙනුම් ද්‍රව්‍යයක් සකස් කිරීම සඳහා මූලික සැලැස්මක් සකස් කිරීම වඩා ඵලදායී බව මට හැඟී ගිය කරුණුකි. ඉගෙනුම් ද්‍රව්‍යක් සකස් කිරීමේ දී ඒ තුළ විෂය අන්තර්ගතය තාක්ෂණය හා ඉගෙනුම් ක්‍රමවේද TPACK රාමුවට අදාළව සැලසුම් කිරීම තුළින් වඩා ඵලදායි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සිදු කර ගැනීමට හැකි බව මට හැඟී යයි .

      මේ අනුව මා විසින් මෙම පාඨමාලාව හැදෑරීමට ප්‍රථම ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කළද එම ඉගෙනුම් ද්‍රව්‍ය TPACK රාමුවට කොතෙක් දුරට ගැලපීමක් පවතී ද යන්න සැකයක් පවතින අතර මා විසින් සංකල්ප සිතියම සැලසුම් කිරීමේදීද පළමුව සකස් කරන ලද්දේ විෂය අන්තර් අන්තර්ගතය පමණි පසුව මේ පිළිබඳව වැඩිපුර අධ්‍යනය කිරීම් හා මාගේ සමපදස්තයන්ගෙන්  ලබාගත් දැනුම හා මා විසින් අන්තර්ජාලය පරිහරණය කර ලබාගත් දැනුම තුළින් නිවරදි ඉගෙනුම් ද්‍රව්‍ය කිහිපයක් මා මුලින් හදුනාගත් අතර ඉන්පසු නිවැරදිව ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීමට හැකියාව ලැබුනු බව මට හැගී යයි.

       දින පාසල තුළදී TPACK රාමුවට අනුව එඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීම් පිළිබඳ අවබෝධයක් ලබා දුන්නද මා හට එය එතරම් ප්‍රමාණවත් නොවුණු බව මට හැඟී ගිය කරුණකි. එහෙත් පසුව එම දැනුම පසුපස හඹා යෑමක් සමගම මා හට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වු බව හැඟේ. මේ පිළිබඳ දැනුම වර්තමාන තත්ත්වය පෙරට වඩා වෙනස් බව මට හැඟේ. ඒ අනුව ඉදිරි කටයුතු නිවරදිව TPACK රාමුවට අනුව සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව මට හැඟී යන කරුණුකි.

      ඉගනුම් ඵලය - 03

      ·      සුදුසු බහු මාධ්‍ය සමෝදානය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍ය සඳහා අර්ථාන්විත ඉගනුම් අත්දැකීම් නිර්මාණය කිරීම.

      අධ්‍යාපන තාක්ෂණවේදියෙකු ලෙස අධ්‍යාපන තාක්ෂණ පාඨමාලාව තුළ තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍යයක් අර්ථාන්විතව සකස් කිරීම සඳහා මා හට ලබා දුන් උපදෙස් හා ලබා දී ඇති ඉගනුම් සම්පත් භාවිතා කරමින් ලඉා ගත් දැනුම පාදක කර ගනිමින් ඉගනුම් ද්‍රව්‍ය සැලසුම් කිරීම සිදු කරන ලදී.එහිදී ඊට අදාළව බහු මාධ්‍ය සමෝදානය කිරීම ඉතා වැදගත් වූ බව මට හැඟීයයි.

      මේ සඳහා සුදුසු බහු මාධ්‍ය තෝරා ගැනීම සඳහා දින පාසල තුළින් ලබා දුන් දැනුම මෙන්ම ලබා දී ඇති  OER භාවිතා කිරීමට ලබා දුන් උපදෙස් ඉතා ප්‍රයෝජන වූ බව මට හැගී යන කරුණකි. 

      මේ අනුව මා විසින් සකස් කරනු ලබන TEL ද්‍රව්‍ය සඳහා අවශ්‍ය බහු මාධ්‍ය තෝරා ගැනීම මූලිකව සිදු කරන ලදී. ඒ සඳහා මා විසින් අන්තර්ජාලය භාවිතා කරමින් තොරතුරු සොයා බැලීම හා ලබා දී තිබූ OER නිරන්තරයෙන් පරිශීලනය කරමින් ලබා ගත් දැනුම මෙන්ම දින පාසල තුළ අපගේ සමපාදකයන් සමඟ ලබා ගත් දැනුම පාදක කර ගනිමින් වඩා ගැළපෙන බහු මාධ්‍ය තෝරා ගැනීමක් සිදු කරනු ලැබූ බව මට හැගීයයි.

      මේ අනුව TEL සකස් කිරීමට අදාළ මා විසින් තෝරා ගත් කුලක පාඩමට අදාළව ක්‍රියාකාරකම් වධිමත්ව සකස් කිරීම සඳහා වඩා ගැළපෙන බහු මාධ්‍ය ලෙස power point මෘදුකාංගය එමෙන්ම Photoshop, Coral draw වැනි මෘදුකාංග තෝරා ගත් අතර මීට අමතරව potoshop වැනි මෘදුකාංග පිළීබඳව අධ්‍යනය කරමින් විවිධ ක්‍රියාකාරකම් සකස් කිරීමට ද හැකි වීම තුළ නවතම බහු මාධ්‍ය පිළිබඳ නව දැනුමක් ලැබුණු බව මට හැඟේ.

      මේ අනුව Tpack රාමුවට ගැළපෙන පරිදි TEL ද්‍රව්‍යය සකස් කිරීමට අදාළව බහු මාධ්‍යය සමෝදානය කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම කුසලතාවය ද මෙම පාඨමාලාව තුළින් ලද බව මට හැගීයයි.

      මේ අනුව වර්තමානයට ගැළපෙන Tpack රාමුවට අදාළව තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍යයක් සැලසුම් සහගතව නිර්මාණය කිරීමට අවශ්‍ය බහුමාධ්‍යය සමෝදානය කරන අයුරු පාඨමාලාව තුළින් ලද දැනුම අනුව ඉදිරියට සාර්ථකවූත් නිර්මාණගීලී වූත් TEL ද්‍රව්‍යය නිර්මාන කිරීම වඩා පහසු බව මට හැගීයයි.

      ඉගනුම් ඵලය - 04

      ·      තෝරාගත් මෘදුකාංග භාවිතා කර තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීමට.

      අධ්‍යාපන තාක්ෂණඥයෙකු ලෙස මෙම පාඨමාලාව තුළ මූලික ඉලක්කය ලෙස තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍යයක් සැලසුම් කර නිර්මාණය කිරීම තුළ මා හට තිබූ දැනුම දිනෙන් දින වැඩි කර ගැනීම සඳහා මෙම පාඨමාලාව ඉවහල් වූ බව මට හැගේ.  එහිදී තාක්ෂණයට මුල් තැන ලබා දෙමින් පාඨමාලාව තුළ නව තාක්ෂණය ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට භාවිතා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම පාඨමාලාව තුළ සිදු වූ බව මට හැගීන විශේෂ කරුණකි. ඒ සඳහා මා තුළ තිබූ තාක්ෂණික දැනුම තවත් ඉහළට ඔසවා තැබීමට මෙම පාඨමාලාව තුළින් ලබා ගත් දැනුම පිටුවහලක් වූ බව මට හැගේ.

      මෙහිදී TEL ද්‍රව්‍ය සකස් කිරීම සඳහා ආරම්භයේ සිට අවසානය දක්වාම දින පාසල් වලට සහභාගී වෙමින් එහිදී ලබා දුන් දැනුම මෙන්ම සිදු කළ ක්‍රියාකාරකම්  පාදක කර ගනිමින් ලබා ගත් දැනුම භාවිතා කරමින් TEL ද්‍රව්‍ය සැලසුම් සහගතව සකස් කිරීමට හැකි වූ බව මට හැගේ.

      මේ සඳහා පියවරෙන් පියවර ගැලීම් සටහන සකස් කිරීම මෙන්ම කතාරාමු පෙළ සකස් කිරීම වැනි පියවර වලදී ලබා දුන් දැනුම ඉතා වැදගත් විය. මෙහිදී අපහට ලබා දී තිබූ OER හා උපදෙස් සියල්ල අධ්‍යනය කරමින් ලබා ගත් දැනුම පාදක කර ගනිමින් TEL ද්‍රව්‍ය සකස් කිරීමට අදාළ පරිගණක මෘදුකාංග තෝරා ගැනීම සිදු කරන ලදී.ඉන් පසු ඊට අදාළ ඉගනුම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීම සිදු කරන ලදී. මෙහිදී සමපදස්තයින්ගේ අදහස් ඉතා වැදගත් විය. එහිදී කතා රාමු පෙළ සකස් කර මාර්ග ගත සාකච්ඡා මණ්ඩපයට ඉදිරිපත් කළ පසු ඉන් ලදි සමපදස්තයන්ගේ අදහස් අනුව ඉදිරියට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සිදු විය. මේ සියලු කාරනා මුල් කර ගනිමින් TEL ද්‍රව්‍ය නිසි  පරිදි සාර්ථකව සකස්කර ගැනීම සිදු කරන ලදී.

      මේ අනුව TEL ද්‍රව්‍ය සැලසුම් කිරීමට අනුව OER භාවිතය මෙන්ම ගැලපෙන පරිගණක මෘදුකාංග භාවිතා කිරීමට අනුව වඩා සාර්ථක ඉගනුම් ද්‍රව්‍යයක් සකස් කිරීමට හැකි වූ බව මට හැගීයයි. මෙහිදී විවිධ බාධක ලෙස මා විසින් අත් විදින ලද්දේ විවිධ පරිගණක මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධව වන අතර එහෙත් ලබා දුන් උපදෙස් හා OER භාවිතය නිවැරදිව අධ්‍යනය කිරීම තුළින් එම බාදක සියල්ල ජය ගැනීමට හැකි වූ බව මට හැගේ.

      මේ අනුව තාක්ෂණයෙන් හෙබි ඉගනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරීම තුළින් එය නිවැරදිව සංවර්ධනය කර සකස් කර ගැනීම හැකි වීම තුළ වර්තමානයට ගැලපෙන ස්වයං ඉගනුම් ක්‍රමවේදයක් සකස් කිරීමට හැකියාව ඇත. මේ අනුව නිවැරදිව තාක්ෂණය භාවිතා කරමින් අනාගතයට ගැළපෙන Tpack රාමුවට ගැළපෙන TEL ද්‍රව්‍ය සකස් කිරීම සිදු කළ හැකි බව මට හැගීයයි.

       

      ඉගනුම් ඵලය - 05

      තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීමට ඔබට හැකිවනු ඇත

      9542 පාඨමාලාව යටතේ තාක්ෂණයෙන් හෙබි ඉගෙන ද්‍රව්‍ය සැලසුම් කිරීම සිදු කරන ලදී. එම සැලසුම් කර ඉගෙනුම් ද්‍රව්‍ය කොතෙක් දුරට ප්‍රායෝගිකව භාවිතා කළ හැකිද හා භාවිතයේදී සිදුවන අඩුපාඩු මෙන්ම එහි ශක්‍යතා පිළිබඳව සොයා බැලීම අරමුණු කරගනිමින් ටෙලි ද්‍රව්‍ය ඇගයීමට ලක් කිරීම අවසාන අදියර වශයෙන් සිදු කරන ලදී. මෙහිදීත් ටෙලිද්‍රව්‍ය ඇගැයීම කිරීම පිළිබඳ අවබෝධයක් නොතිබූ මා හට ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීම සිදු කරන ලදී. මෙහිදී කෙසේ කළ යුතුද යන්න අවබෝධයක් මා හට නොතිබුණි ඒ පිළිබඳව මුලින් මා ලබා දී තිබූ ඉගෙනුම් සම්පත් භාවිතා කිරීම හා අන්තර්ජාල පහසුකම් භාවිත කරමින් තොරතුරු සොයා බැලීම සිදු කරන ලදී. එහිදී යම්තාක් දුරකට දැනුමක් මා හට ලැබුණු බව මට හැඟී ගියත් ඒ ප්‍රමාණවත් නොවන බව පසු වැටුණේය මේ අනුව පසුව මේ සඳහා පැවැති දින පාසලට සම්බන්ධ වීමත් සමඟ මා සොයාගත් තොරතුරු තව දුරටත් යාවත්කාලීන කර ගැනීමට හැකියාව ලැබුණි ටෙලිද්‍රව්‍ය ඇගැයීම් කිරීම කෙසේ කළ යුතුද ඒ සඳහා කවුරුන් යොදා ගත යුතුද යන්න පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දින පාසල තුළදී කථිකාචාර්ය තුමන් දැනුම ලබාදීම සිදුකරන ලදී.

      එම දැනුම පාදක කරගනිමින් එදිනම කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සකස් කිරීමට නියමිතව තිබූ ඇගයීම් උපකරණ සකස් කිරීම සිදු කරන ලදී. මෙහිදී තෝරාගත් පාර්ශවයන් සඳහා ඇගයීම් උපකරණ සකස් කිරීම සිදු කරන ලදී. මේ අනුව ඒ පිළිබඳ මනා දැනුමක් මා හට ලැබී ගිය බව මට හැඟී යයි. මේ අනුව සකසා ගත් ඇගයීම් උපකරණ මගින් ඇගයීම් ක්‍රියාවලිය සැලසුම් කිරීම සිදු කරන ලදී. මේ අනුව කවදා කෙසේ ක්‍රියාවලිය සිදු කරන්නේ ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගනිමින් ඇගයීම් ක්‍රියාවලිය සැලසුම් කරන ලදී.

      ඉන් පසු සිසුන් තිහක් පමණ තෝරා ගනිමින් ඒ සඳහා ගුරුභවතුන් දස දෙනෙකුගේ සහයෝගය ද යොදාගනිමින් ක්‍රායාවලිය සැලසුම් කරන ලදී. පසුව මේ සඳහා දෙමව්පියන් ,විෂය අධ්‍යක්ෂවරුන්,සමපදස්තයන් යොදා ගැනීම සිදු කරන ලදී. ඒ අනුව ක්‍රියාවලිය වඩා පහසු හා සාර්ථක වූ බව මට හැඟේ. සියලු පාර්ශ්ව මගින් ලබාගත් දත්ත අනුව ටෙලි ද්‍රව්‍ය තුල තිබූ අඩුපාඩු මෙන්ම එහි සාර්ථක තාව පිළිබඳවද ඇගැයීමක් සිදු කිරීමට හැකි විය මෙම ක්‍රියාවලියට අනුව මා විසින් සකස් කරන ලද ටෙලි ද්‍රව්‍ය සාර්ථකව ඇගයිමට ලක් කරන්නේ ද යන්න පාඨමාලාව තුළින් සාර්ථකව අධ්‍යනය කිරීමට හැකිවූ බව මට හැඟී යයි.මේ ආකාරයට සැලසුම් සහගතව සකස් කරන ලද ටෙලි ද්‍රව්‍ය ඉතා සාර්ථක ලෙස ඇගයීමට ලක් කිරීම සිදුකරන අයුරු අධ්‍යනය තුළින් අනාගතයේ දී ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා සැලසුම් කරන ලද ටෙලි ද්‍රව්‍ය ඉතා නිවරදිව ඇගයීමට ලක් කරමින් එහි සක්‍යතා සහ විභව්‍යතා නිවැරදිව හඳුනා ගැනීමට තුළින් ඉදිරි ඉගෙනුම් ක්‍රියාවලියට මා ලබා ගත් දැනුම භාවිතා කිරීමට හැකිබව මට හැගීයයි.

       

      සමස්ත ක්‍රියාවලියේ ප්‍රත්‍යාවේක්ෂණය

      තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයක් සකස් කිරීම නිර්මාණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා පාඨමාලාව  ආරම්භයේදීම පළමු දින පාසල තුළ අපව දැනුවත් වීම් සිදු කරන ලද අතර ඒ තුළින් TEL ද්‍රව්‍ය සකස් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය පළමු දින පාසල තුළ සිටම සිදු කරන ලද අතර එමගින් ලද දැනුම උපයෝගී කරගනිමින් මූලකවම TEL ද්‍රව්‍යක්  යනු කුමක්දැයි හදුනා ගැනීමට හැකියාව ලැබුණු බව මට හැඟී යන කරුණකි. මේ අනුව TEL ද්‍රව්‍යයක් සැලසුම් කිරීම ඉතා සාර්ථකව සිදු කළද අදාල ඔෑඛ ද්‍රව්‍යක් ඇගයීම් කරන අයුරු පිළිබඳ මනා දැනුමක් මා තුළ නොතිබූ බව මට හැගීයයි. මේ අනුව සකස් කරනු ලැබූ TEL ද්‍රව්‍යයක් ඇගයීමට ලක් කිරීම කෙසේ සිදුකළ යුතුදකුමන ආකාරයකට සිදු කළ යුතුද ඇගයීමට ලක් කළ යුතු ක්ෂේත්‍ර මොනවාද යන්න පිළිබඳ මා තුළ මනා දැනුමක් නොතිබූ බව මට හැගේ.

      තාක්ෂණය පිළිබඳ යම්තාක් දුරට දැනුවත් බවක් තිබුණද  එම තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට කෙසේ භාවිතා කරන්නේද යන්න අවබෝධයක් මෙම පාඨමාලාව තුළින් ලබා ගන්නා ලදී. මේ අනුව TEL ද්‍රව්‍ය සැලසුම් කිරීමට අදාළව එම තාක්ෂණය භාවිතා කිරීම සඳහා දින පාසල් තුළින් ලබා දුන් දැනුම , OER භාවිතා කිරීම තුළින් ලබා ගත් දැනුම ,සමපදස්තයන්ගෙන් ලබාගත් දැනුම හා අන්තර්ජාලය භාවිතා කිරීම තුළින් ලබා ගත් දැනුම භාවිතා කරමින් අලුතින් TEL ද්‍රව්‍ය  සකස් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගන්නා ලදී.

      මෙහිදී දින පාසල් තුළ ලබා දුන් දැනුම මෙන්ම අපගේ සමපදස්තයන් සමග ක්‍රියාකාරකම් තුළින් ලබා දුන් දැනුම ඉතා වැදගත් බව මට හැඟී ගිය කරුණකි. මේ තුළින් පළමු කුඩා පරිමාණ ව්‍යාපෘතියේ සිට දෙවන ව්‍යාපෘතිය දක්වා සැලසුම් කිරීමේදී දින පාසල තුලින් ලබාගත් දැනුමට අමතරව අපගේ සමපදස්තයන් සමග සාකච්ඡා කරමින් ලබා ගත් දැනුම ඉතා වැදගත් බව මට හැඟී ගිය කරුණකි. ඔවුන් අතර තිබූ දැනුම හුවමාරු කර ගනිමින් ඔෑඛ ද්‍රව්‍ය සැලසුම් කිරීම සිදු කරන ලදී.

      මෙහිදී මා විසින් සැලසුම් කරන ලද පාඩමට අදාළව මූලිකවම සංකල්ප සිතියම  සකස් කරන ලද අතර එහිදී සිතියමට අදාළව මුලින් සැලසුම් කළ පරිදි TEL ද්‍රව්‍ය  සකස් කිරීම ප්‍රායෝගිකව සිදුකරගැනීම ඉතා අභියෝගාත්මක විය එයට හේතුව ලෙස භාවිත කළ හැකි OER පිළිබඳ ගැටලුකාරී බවක් ඇතිවිය ඊට හේතු වන්නේ ලබාදී ඇති OER ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීම වේ.  එම අභියෝගය ජය ගැනීම ද හැකිවීම මා මෙම පාඨමාලාව තුලින් ලද තවත් ජයග්‍රහණයකි.  මෙහිදී තවත් අභියෝගයක් ලෙස මා විවිධ මෘදුකාංග භාවිත කිරීමට සැලසුම් කළ ද ඒවා ප්‍රායෝගිකව භාවිතා කිරීමේ දී ගැටලුකාරී බවක් දක්නට ලැබුණි. මේ හේතුව නිසා සංකල්ප සිතියමට අදාළව සැලසුම් කරන ලද FLASS වැනි මෘදුකාංග භාවිතා කිරීමට නොහැකි විය. ඒ සඳහා වෙනත් විකල්ප මෘදුකාංග භාවිත කරන ලදී.

      ඊට අමතරව ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී හා වීඩියෝ පට සකස් කිරීමේදී ඊට අදාළ විවිධ පරිගණක මෘදුකාංග පිළිබඳ නොදැනුවත්භාවය තවත් අභියෝගයක් වූවද මෙම පාඨමාලාව හැදෑරීම තුළ එම නවතම පරිගණක මෘදුකාංග පිළිබඳ දැනුවත් වීමට ද හැකියාව ලැබුණි මෙහිදී hotpotetos වැනි මෘදුකාංග,වීඩියෝ සකස් කිරීම සඳහා භාවිතා කරන ලද capcut, inshot වැනි මෘදුකාංග පිළිබඳ අධ්‍යයනය කර ලබාගත් දැනුම ඉතා වැදගත් බව මට හැඟී යන තවත් කරුණකි.

      මෙහිදී පවර්පොයින්ට් මෘදුකාංගය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමට ලැබීම ඊට අමතරව පොටෝෂොප්  හා වීඩියෝ සකස් කිරීම සඳහා විවිධ නවතම මෘදුකාංග භාවිතා කිරිමෙන් දැනුම  විශාල පරාසයක් තුළ  පැතිරීයාම නිසා ලබාගත හැකි වූ දැනුම ඉතාවටිනා බව මට හැගීයයි.

      මේ අනුව මේ සියලු කටයුතු සඳහා පාඨමාලාවේ  කථිකාචාර්යතුමන් හා අනෙකුත් හා සියලු කථිකාචාර්ය මණ්ඩලය ලබාදුන් දැනුම ඉතා වටිනා බව මට හැඟී යයි. මෙහිදී මාගේ සමපදස්තයන්  ලබාදුන් පෙළඹවීම විවිධ අවස්ථාවලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙමින් ලබාදුන් දැනුම ඉතා වටිනා බව මට හැඟී යයි. මේ අනුව මා විසින් සකස් කරන ලද TEL ද්‍රව්‍ය  සඳහා පියවරින් පියවර ලබාදුන් උපදෙස් හා මඟ පෙන්වීම තුළ සාර්ථක ඉගෙනුම් TEL ද්‍රව්‍ය   සකස්කර ගැනීමට හැකිවූ විය. මේ අනුව මා විසින් මාගේ දැනුම කෙරෙහි නවතම පරිගණක මෘදුකාංග පිළිබඳTPACK  රාමුවට අදාළව TEL ද්‍රව්‍යක් සැලසුම් සහගතව සකස් කිරීම කරන ආකාරය පිළිබඳව ලබාගත් දැනුම හා අවබෝධය වටිනා බව මට හැගේ.

      ඒ අනුව TEL ද්‍රව්‍ය  සකස් කිරීම සඳහා මා මුහුණ දුන් අභියෝග ජයගැනීම සඳහා පාඨමාලාව තුළින් ලද දැනුම හා ලබාගත් උපදෙස් හා පෙළඹවීම තුළ ලබාගත් අත්දැකීම් අනුව සාර්ථකව සකස් කරගත් TEL ද්‍රව්‍ය භාවිතා කරමින් සිසුන්හට නවතම ඉගෙනුම් ඉගෙනුම් ක්‍රියාවලියක් වර්තමානයේ පවතින තත්වයට ගැළපෙන ලෙස සකස් කිරීම කළ හැකිය. අද ලෝකයේ පවතින වසංගත තත්ත්වයට අනුව ඊට ගැළපෙන ලෙස මෙවැනි  ආකාරයට ටෙලි ද්‍රව්‍ය සකස් කිරීම තුළින් හොඳ ස්වයං ඉගෙනුම් පරිසරයක් සම්පාදනය කළ හැකි  බව ඉතා  පැහැදිලි වේ. මේ අනුව මා ලබා ගත් දැනුම තුළින් තුළින් අනාගතයේ දී විවිධ විෂයයන් කරා TEL ද්‍රව්‍ය සකස් කරමින් හා මා ලද දැනුම අනෙකුත් ගුරු භවතුන් සමග හුවමාරු කරගනිමින් වර්තමානයට මෙන්ම අනාගතයට ගැලපෙන TEL  ද්‍රව්‍ය  සකස් කිරීම කළ හැකි  බව මට හැඟී යන කරුණකි. ඒ  සඳහා මා මෙම පාඨමාලාව තුළින් ලබා ගත් දැනුම  ප්‍රමාණවත් බව මට හැඟී  යයි.

      පාඨමාලාවේ හත් වන දින පාසල හා සම්බන්ධ වීමෙන් ලබා ගත් දැනුම ඉතා අගය කොට සලකමි. එහිදී මාගේ සමපදස්තයන් කණ්ඩායම් ගත කරමින් ඇගයීම් ක්‍රියාවලියක් සකස් කිරීම කෙසේ සැලසුම් කළ යුතුද යන්න හා ඇගයීම් උපකරණයන් කෙසේ සකස් කළ යුතුය ද යන්න මනා අවබෝධයක් ලබා දුනි.මේ අනුව ලබා ගත් දැනුම උපයෝගී කර ගනිමින් මූලිකවම ඇගයීම් සැලසුමක් සකස් කිරීම සිදු කරන ලදී. එහිදී එම සැලසුම කා සඳහාකවදාකෙසේ ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳ සැලසුම සකස් කිරීම සිදු කරන ලදී.

      මේ අනුව සකස් කර ගත් සැලසුමට අනුව ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක ක්‍රියාවලියක් බවට පත් වූ බව හැගීයයි. මේ අනුව මා විසින් සිදු කරන ලද ඇගයීම් ක්‍රියාවලිය ඉතා පහසු වූ බව මට හැගීයයි. එසේ සකස් කර ගනු ලැබූ සැලසුමට අනුව සරිලන පරිදි ඇගයීම් උපකරණ සකස් කිරීම සිදු කිරීම කරන

      ලදී. ඒ සඳහා පාසල තුළ කණ්ඩායම් කරමින් හා තනි තනිවම ලබා ගත් අත්දැකීම් පදනම් කර ගනිමින් මා විසින් සිසුන්දෙමාපියන් විෂය අධ්‍යක්ෂකවරු,සමපදස්තයන් හා ගුරුභවතුන් යන පාර්ශව ඉලක්ක ගත කර ගනිමින් ඇගයීම් උපකරණ 03ක් සාර්ථක ලෙස සකස් කර ගන්නා ලදී.

      කුඩා පරිමාණ ව්‍යාපෘති අංක තුන යටතේ ටෙලි ශ්‍රව්‍ය ඇගැයීමට ලක් කිරීමේදී අද දින පැවති දින පාසල තුළදී මා විසින් ඉදිරිපත් කරන ලද presentation එක තුළ දත්ත විශ්ලේෂණය කිරීමේ වරදක් ඇති බව මහාචාර්ය තුමිය හා කථිකාචාර්ය තුමන් පෙන්වා දෙන ලදී ඒ අනුව මා විසින් සකස් කරන ලද දත්ත විස්ලේශනය ගැටලුකාරී බව මා විසින් ම හඳුනා ගන්නා ලදී ලිඛිතව ලබා ගත් දත්ත මීට වඩා වගකීමෙන් යුතුව සකස් කළ යුතු බව මා විසින් අවබෝධ කර ගන්නා ලදී

      එම උපකරණ තුන සකස් කිරීමේ දී ඇගයීම් උපකරණයේ මතුපිට වලංගුතාවඅන්තර් ක්‍රියාකාරීත්වය මැනීමඅතුරු මුහුණතඋපදේශනාත්මක සැලැස්ම යන ඇගයීම් ක්ෂේත්‍ර 04ක් යටතේ උපකරණයේ ක්‍රියාකාරීත්වය මැනීම සිදු කරන ලදී. මේ අනුව සකස් කරන ඇගයිම් උපකරණ මඟින් ඉතා සාර්ථක වූ ඇගයීමක් සිදු වූ බව මට හැගීයයි. මේ අනුවලබා ගත් තොරතුරු විශ්ලේෂණය කිරීම සිදු කරන ලදී. එහිදී අනාවරණය වූ කරුණු අනුව සකස් ගත් TEL ද්‍රව්‍යය ඉතා සාර්ථක වූ සිසුන්ට තනිවම කිරීම ඉගෙනුම් අරමුණු ඉටු කර ගත හැකි ඉගෙනුම් ද්‍රව්‍යයක් බව මා හට හැගීයයි.

      මේ අනුව සකස් ගත් ඇගයීම් උපකරණ මඟින් නිවැරදි ඇගයීම් ක්‍රියාවලියක් සිදු කර ගත හැකි විය. මේ අනුව මෙම පාඨමාලාව තුළ ඔෑඛ ද්‍රව්‍යයන් සකස් කිරීම හා සැලසුම් කිරීමේ සිට සකසා ගත් TEL ද්‍රව්‍යයන් ඇගයීමට ලක් කිරීම දක්වා ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කළ බව මට හැගීයයි.මේ අනුව පාඨමාලාව තුළින් ලබා ගත් දැනුම පදනම් කර ගනිමින් මාගේ ඉදිරි වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා යොදා ගැනීම තුළින් වර්තමානයට ගැළපෙන තාක්ෂණයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ද්‍රව්‍ය සැලසුම් කිරීම හා මා ලබා ගත් දැනුම මාගේ සහෝදර ගුරුභවතුන්හටද ලබා දෙමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීම කරනු ලැබේ.

  • 0 comments:

    Post a Comment

    Search This Blog

    Powered by Blogger.

    Pages

    Featured Post

    STP 9543 - MINI PROJECTS AND ACTIVITYS

    ADDRESS

    5th Post Ruhunu Ridiyagama, Ambalantota

    EMAIL

    Udana.Rp.Chaminda@Gmail.Com

    MOBILE

    +947 0609 6855